ශ‍්‍රී ලංකාවේදී කල දෙවන හදවත් බද්ධ සැත්කම සාර්ථකයි..

September 28, 2017 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේදී කල දෙවන හදවත් බද්ධ සැත්කම සාර්ථකයි..

ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධ සැත්කම මහනුවර ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල 26 රාත්‍රී 8.00 සිට 27 අලුයම 5.00 දක්වා හෘද බද්ධ සැත්කම සිදු කර ඇත.

මහනුවර ශික්ෂණ රෝහලේ දී පළමු හෘද බද්ධ සැත්කම සාර්ථකව සිදු කළේ මීට මාස 02 කට පමණ පෙරයි. දෙවන හෘද බද්ධ සැත්කම සිදු කිරීමට යාමේ දී උපකරණ හිගයක් ඇති බව වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබුනි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ත්‍රිකුණාමලය කින්නියා මුලික රෝහලට යවා තිබූ යන්ත්‍ර දෙකක් මහනුවර මහ රෝහලට යළි ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දෙන ලදි. නමුත් එම යන්ත්‍ර දෙක ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුනේ එම යන්ත්‍ර අදාල සමාගමට දැනුම් දී කඩිනමින් රෝහලට ගෙන්වාගෙන හදවත් බද්ධ සැත්කම සිදු කරන ලෙසයි. නමුත් පසුගිය සුදුදා පෙරවරුවේ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් කොළඹට කැදවා මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කරන ලදි. ඉන් පසු අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර කඩිනමින් ගෙන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබීය. මෙම සාකච්ඡාවේ දී සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ කණ්ඩායම් හැගීමෙන් යුතුව දෙවන හදවත් බද්ධ සැත්කම මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදු කරන බවයි.

මෙම හෘද බද්ධ සැත්කම සදහා විශේෂඥ වෛද්‍ය උදය කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය රවී විඡේකෝන්, වෛද්‍ය අනුර අබේසිංහ, විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම, විශේෂඥ වෛද්‍ය මුදිත ලන්සක්කාර, විශේෂඥ වෛද්‍ය පී.කේ හරිස්චන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය එස්. සුබ්‍රමනියම්, විශේෂඥ වෛද්‍ය ජෙගති පෙරේරා මහත්මිය, විශේෂඥ වෛද්‍ය අරුණි ජයසේකර, වෛද්‍ය පියන්ත දිසානායක, විශේෂඥ වෛද්‍ය රෝෂාන් පරණමාන, විශේෂඥ වෛද්‍ය දර්ම සමරකෝන්, වෛද්‍ය රෝහිත මුලුගල්ල, වෛද්‍ය මහේන් කොතලාවල ඇතුලු වෛද්‍යවරුන් හෙද හෙදියන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දායක වූ බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

– ප‍්‍රසන්න අධිකාරී

4,578 Viewers

One Comment to “ශ‍්‍රී ලංකාවේදී කල දෙවන හදවත් බද්ධ සැත්කම සාර්ථකයි..”

  1. Kings says:

    We are proud of you dear Sri Lankan Doctors and other supporting staff of Kandy Hospital. Salute you.

Main News