ශ්‍රී ලංකාවේ FCID නීති විරෝධීයි.. එංගලන්තයේ රැජින නීතීඥ ස්ටීවන් හාර්වී වෘත්තිමය ලෙස කියයි..
June 22, 2018 at 12:02 am | lanka C news
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ නීති විශාරදයෙකු වන රැජින නීතීඥ (Queen’s Counsel) ස්ටීවන් හාර්වී මහතා, 2018 මැයි 20 වැනිදා නිකුත් කර ඇති විශේෂ මතයෙන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා විමර්ශන අංශය (FCID ආයතනය) පිහිටුවා ඇත්තේ නෛතික බලය ඉක්මවා යෑමෙන් නිසා, එම දෙපාර්තමේන්තුවට නීත්‍යානුකුල පැවැත්මක් නොමැති බවය.
තවද, FCID ආයතනයට කිසිදු පැමිණිල්ලක් විභාග කිරීමට බලයක් නැති බවද ඔහු ප්‍රකාශ කොට ඇත. එපමණක් නොව, දේශපාලකයින් විසින් එම ආයතනයට ලබා දී ඇති පැමිණිළි විභාග කිරීම සදහා එහි නිලධාරීන් අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටියද නීති විරෝධී යයි, හාර්වී මහතා පෙන්වා දි ඇත.
මෙම තත්ත්වය ඔස්සේ, ඉකුත් වසර 3 කට අධික කාලයක් තුළ FCID ආයතනය විසින් පවත්වාගෙන යන ලද කටයුතු සහ ඒවා මෙහෙයවනු ලැබූ පුද්ගලයන් සිදු කොට ඇති කටයුතු සම්පූර්ණයෙන්ම නීති විරෝධී ඒවා බවද, එම ක්‍රියා සදහා ඔවුන් වගකිව ඇති යුතු බවද හාර්වී මහතාගේ මතය හරහා සනාථවී ඇත.
මෙම නීතිමය මතයෙන් පලවී ඇති ආකාරයට මෙවන් නීති විරෝධී ක්‍රියාවල යෙදී ඇති සියලුම නිලධාරීන් සහ දේශපාලඥයන්ට ඉදිරියේදී දැවැන්ත නීතිමය ප්‍රශ්න සහ අර්බුධ වලට මුහුණ දෙන්නට සිදුවනු නො අනුමාන බවද, හාර්වී මහතාගේ මතය විග්රහ කොට ඇති ශ්‍රී ලාංකික නීති විශාරදයන් පෙන්වා දී ඇත.
සුද්දෙක් සල්ලිවලට කිව්වහම කලුසුද්දන්ට මරු ඇති..
සුද්ද වදාපු නීතියම දුෂණය කරලා තමන්ගේ ප්‍රති පාර්ශව වලින් පලිගැනීම වෙනුවෙන්ම ඔයවගේ නීති විරෝදී කුඩාරම් අටව ගත්තම ඒ නීතිය වදාපු උන්ගෙ උදහසට ඒ නීතිය දූෂණය කරපු උන්ට යටත් වෙන්න වෙනවා!
සුද්දට අමතක වෙලා FCID එකේ ලොක්ක මම. දෙවනිය තමයි පොනිල් කියල ලියන්න. පටන් ගත්ත දවසේ ඉදලම අපි මෙකක රන් කරන්නේ. නියෝග දෙන්නේ, උපදෙස් දෙන්නේ. නැද්ද හා, පුංචි අම්ම පල්ල.
“The Minister may appoint any person by name or office to be an
inquirer for any area the limits of which shall be specified in such
appointment”.
අම්මට උඩු… ඕන හොරෙක් පොලිස් හරිද?
Our rulers follow exactly the way their mentors, the colonial masters and powerful nations do. The allegations on war crimes , human rights are exempted for them , but they can use them to bully the small nations ,who donot work according to their agendas.Otherwise how can killingsof innocent civilians including small children by their air strikes in countries like Syria, Afganistan, and earlier in Iraq and Lybia happen ,without they too being charged? In a similar way , so long as our politicians are in the ruling side , no charges for corruptions, bribe takings and they are exempted from them , but use such allegations only against their political opponents.
You are spot on mate…
May be a very impressive news for Rajapaksa & Co, Ekabadda, and Weerawansa & Co, all rouges.
බයියන්ටත් ඉතින් කොහේ හරි සුද්දෙක් කිව්වම ඒක තමයි හරි
හැබැයි ටොයියෙක් කිව්වොත් නම් බලු බැනුම්
Don’t think about who said it but think about what has been said.
Nevertheless; the blind and the deaf can neither hear nor see.
Nalaka, Thope maha evun Geneva gihin Suddanta thamyi puka deela rata pawa denne.
Horakam karapu salliwalata ke gahana paddek
ඔන්න ජ්‍යාත්‍යන්තර මතය ඇවිත්. දැන් බලමු අපේ ජ්යාත්යන්තරේ අගයන අයියලා මොකද කියන්නෙ කියලා…
මෙච්චර කල් ගිය එකනෙ වැඩේ… දැන් බැංකු හොරුත් මේකෙන් පරික්ෂා කරන්න එපෑයෑ… ඒකද දන්නෑ දැන් නීති විරෝධියි කියන්නේ….
Police is investigating those who rob money through corruption…. why is that against the law!!!!
රනිල්ව මහබැංකු හොරකමෙන් බේර ගන්න මුදල් යොදා ගත් වෙළද දැන්වීමක් මේ කතාවට රැවටෙන්න එපා
මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ. අපේ රටේ තියෙන නීතිමය ව්‍යුහයක් ගැන පිටරැටියෙකු කොහොමද විග්රහ කරන්නෙ.ඔහු ලංකා ව්‍යවස්ථා විශාරදයෙක්ද? FCID යන්න නියමිත හෝ නඩු වැටෙන්න ලඟ කාගෙහරි සල්ලි තමයි ඔය කතාකරන්නෙ.
මේක නිකං ලංකාවෙ ජනාධිපති නීතිඥයෙක් ඉන්දියාවෙ තියෙන ආයතනයක් විවේචනය කරනව වගෙයි. මූ සුද්දෙක් හන්ද බයියන්ට නම් හෙන චූන් ඇති.