ශ‍්‍රී ලංකාව වඳ රටක් වෙයි.. බීජ අයිතිය ඉන්දියාවට.. සමුළුව හිල්ටන් හෝටලයේ..

February 6, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව වඳ රටක් වෙයි.. බීජ අයිතිය ඉන්දියාවට.. සමුළුව හිල්ටන් හෝටලයේ..

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

ඉන්දියාවේ ජාතික බීජ සංගමය ම`ගින් සංවිධානය කරන ඉන්දියානු බීජ සමුළුව මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක හෝ ගොවි සංවිධානයක මැදිහත්වීමකින් තොරව 2018 පෙබරවාරි මස 05 හා 06 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාවේ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. දීර්ඝ කෘෂිකර්ම ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුළ ‘‘බීජ’’ වැනි ඉතා සංවේදී, අත්‍යාවශ්‍ය ක්‍ෂේත‍්‍රයක සමුළුවක් කිසි`දු බලයලත්, නිල ආයතනයක මැදිහත් වීමකින් තොරව මෙලෙස පැවැත්වීම පිළිබඳව අප ව්‍යාපාරයේ විරෝධතාවය ප‍්‍රකාශ කර සිටිමු.

එමෙන් ම ලංකාව තුළ මේ වනවිටත් ගොවීන් හා ගොවි සංවිධාන මට්ටමින් බීජ නිෂ්පාදනයේ හා බීජ සංරක්‍ෂණයේ යෙදී සිටින්නන් නොසලකා හරිමින්, ඔවුන්ට තර්ජනයක් විය හැකි අයුරින් පරිසරයට හා මෙරට කෘෂි ක්‍ෂේත‍්‍රයට බලපෑම් ඇති විය හැකි ආකාරයෙන් විනිවිදභාවයකින් තොරව, රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව, ගොවි සංවිධානවල සාකච්ඡුාවකින් තොරව මෙම සමුළුව පැවැත්වීමෙන් මෙහි යටි අරමුණ මනා ව පැහැදිලි වේ.

එපමණක් නොව බීජ නිරෝධායන අනුමැතීන් ලබා නොගෙන මෙම සමුළුව සඳහා ඉන්දියානු බීජ සමාගම් ගණනාවක් විසින් ලංකාවට බීජ වර්ග ගෙන ඒමට සූදානම් වේ. මේ ම`ගින් ලංකාවේ බෝග ප‍්‍රභේද වලට රෝග පැතිරීමේ අවදානමක් ඇති විය හැකි අතර ලංකාවේ බීජ නිෂ්පාදන වෙළෙඳපොළ ඉන්දියානු සමාගම් යටතට අත්පත්කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී. ඇමෙරිකාව, නෙදර්ලන්තය, තායිලන්තය, පකිස්ථානය, ජර්මනිය, ජපානය, මැලේසියාව වැනි රටවල සමාගම් බහුතරයක් විසින් මෙරට බීජ නිෂ්පාදන අයිතිය අත්පත් කර ගෙන සිටින අතර ඉන්දියාවේ බීජ නිෂ්පාදන සමාගම් ගණනාවක් විසින් ගුණාත්මක බැවින් තොර බීජ හා වල් පැළෑටි බීජ සහිත අර්තාපල් හා ලූනු බීජ බොහොමයක් නීති විරෝධී ලෙස ලංකාවට ගෙන ඒම සිදු කරයි.

ඉන්දියානු සමාගම් ශාක ආරක්‍ෂණ පනත උල්ලංඝනය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසි`දු අනුමැතියකින් තොරව එම බීජ ගෙන එන අතර දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කර ගෙන රේගු දෙපාර්තමේන්තුවෙන් මෙම බීජ වර්ග වෙළෙ`දපොළට යොමු කිරීම ස`දහා නිදහස් කර ගැනීම සිදු කරයි.

ඒ ම`ගින් මේ වන විට ලංකාවේ බීජ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවකට පත් ව සිටින අතර ගුණාත්මක බැවින් තොර හා රෝග කාරක හා වල් පැළෑටි බහුල බීජ වර්ග ගෙන්වීම හේතුවෙන් ගොවි ජනතාව ද දැඩි අසීරුතාවකට පත් ව සිටී. එවන් තත්ත්වයක් තුළ මේ සමුළුව ම`ගින් තවදුරටත් උත්සාහ දරන්නේ බීජ අයිතිය මෙරට ගොවි ජනතාවට තවදුරටත් අහිමි කර බීජ ආනයන ක‍්‍රියාවලියේ කොටස්කරුවන් බවට ඉන්දියානු සමාගම් පත් කර ගැනීමට ය.
මෙම සමුළුව සඳහා සමාගම් ගණනාවක් විසින්් බීජ ලංකාවට ගෙන ඒමට සූදානම් වූ අතර ඒ සියල්ල සිදුකරනු ලබන්නේ 1999 අංක 35 දරන ශාක ආරක්‍ෂණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 7 (1) උප වගන්තියට අනුව නිරෝධායනය නොකළ ශාක හෝ ශාක නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට ආනයනය නොකළ යුතු බව සඳහන් වේ. නමුත් මේ සමුළුව සඳහා ගෙන ඒමට යෝජිත බීජ වර්ග සඳහා කිසි`දු නිරෝධායන සහතිකයක් ලබා ගෙන නොමැත. නිරෝධායනය නොකළ බීජ ලංකාවට ගෙන ඒම නීති විරෝධී ක‍්‍රියාවක් වන අතර පනතේ 10 (2) උප වගන්තියට අනුව එවන් වරදකට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයෙකු මාසයත් මාස හයත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් දස දහසත්, ලක්‍ෂයත් අතර දඩයකට හෝ මෙම ද`ඩුවම් දෙකට ම හෝ යටත් කළ හැකි ය.

මෙසේ තිබිය දී ඉන්දියාවේ ජාතික බීජ සංගමය මගින් ලංකාවේ පැවැත්වෙන බීජ සමුළුව සඳහා කිසි`දු ආකාරයක නිරෝධායන සහතිකයක් හෝ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව බීජ ගෙන ඒම නීති විරෝධී ක‍්‍රියාවකි.

1924 අංක 10 දරන ශාක ආරක්‍ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශිත 1981 නොවැම්බර් 02 දින අංක 165/2 දරන ගැසට් නිවේදනයේ සඳහන් නිර්ණායක වලට යටත් ව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව මෙලෙස බීජ ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැත. නමුත් මෙම සමුළුව පිළිබඳ ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම අමාත්‍යංශය හෝ නිසි අවබෝධයක් නොතිබින. නමුත් මේ සමුළුව නීති විරෝධීව පැවැත්වීම පිළිබඳව සාකච්ඡුාවට බ`දුන් වීමත් සම`ග ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රේගු දෙපාර්තමේන්තුව වෙත මෙම බීජ රට තුළ ට ගෙන ඒම වැළැක්වීමට අදාළ දැනුම්වත් කිරීම් සිදු කර තිබේ.

නමුත් ඉන්දියානු බීජ සමාගම් ඉතා ම සූක්‍ෂම ව ලංකාවේ බීජ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට නීති විරෝධී උත්සාහයක් ගනිමින් පවතින බව තහවුරු වේ. ඉන්දියානු සාම සාධක හමුදාව ලංකාව තුළ රැදීසිටි කාලයේ දී නිසි පරිදි නිරෝධායන ක‍්‍රමවේද වලින් තොරව ලංකාවට ඉන්දියාවෙන් එළුවන් ගෙන ඒමේ දී එම සතුන් සම`ග පාතීනියම් ශාකයේ බීජ මෙරටට පැමිණීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද වනවිට වියළි කලාපයේ බොහෝ ප‍්‍රදේශවල පාතීනියම් ශාකය දරුණු ආක‍්‍රමණිකයකු ලෙස පැතිරීම සිදු වී ඇත. මේ වනවිට එම ශාකය පාලනය කිරීම සඳහා විශාල අමතර ධනස්කන්ධයක් වැය කිරීමට සිදු වී ඇත.

පසුගිය දා ලංකාවට හොර රහසේ ඉන්දියාවෙන් ගෙන එන ලද අර්තාපල් හා ලූනු බීජ සමග වල්පැළෑටි බීජ බොහොමයක් මෙරටට පැමිණ තිබේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම හා අප රටේ කෘෂිකර්මාන්තයට දරුණු ගැටලූ වලට මුහුණ දීමට ඉදිරියේ දී මෙම ක‍්‍රියාවලියත් සමඟ සිදුවිය හැකි ය. එබැවින් ඉන්දියානු බීජ සමාගම් අප රටේ බීජ නිෂ්පාදන අයිතිය තහවුරු කර ගැනීමට දරන උත්සාහය හා ගුණාත්මක බැවින් තොර, නිරෝධායනය නොකළ බීජ ගෙන්වීමේ ක‍්‍රියාවලිය නතර කිරීමට වහා ම පියවර ගත යුතු ය. එපමණක් නොව ශාක ආරක්‍ෂණ පනතේ 12 (2) (ආ), (ඇ), (ඈ), (ඉ) යන උප වගන්ති වලට අදාළ ව ශාක හෝ ශාක කොටස් ආනයනය කිරීමේ දී වැදගත් වන සීමාවන්, තහනම් කිරීම් හා නිරෝධායන නීති ශක්තිමත් කිරීම සඳහා බලපත‍්‍ර ක‍්‍රියාවලිය හා කොන්දේසි පැනවීම සඳහා වන දැනට සකස් කර ඇති නියෝග කඩිනමින් ගැසට් නිවේදන ම`ගින් බලාත්මක කළ යුතු ව ඇත.

එසේ නොමැති වුවහොත් ලංකාවේ බීජ ආනයන ක‍්‍රියාවලිය යටතේ හෝ ශාක ආනයන ක‍්‍රියාවලිය යටතේ රටේ කෘෂිකර්මයට හා ස්වාභාවික පරිසර පද්ධතිවල පැවැත්මට බලපෑම් ඇති කරන ජීවින්ගේ පැමිණීම පාලනය කළ නොහැකිවන අතර ගුණාත්මක බැවින් යුතු බීජ ලංකාවේ භාවිතා කිරීමට ඇති අයිතියට ද බලපෑම් එල්ල වනු ඇත. මේ තත්ත්වයන් පාදක කර ගෙන ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මාන්තයට සිදු විය හැකි අනිසි බලපෑම් පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු බව අවධාරණය කර සිටිමු.

– ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

9,603 Viewers

4 Comments to “ශ‍්‍රී ලංකාව වඳ රටක් වෙයි.. බීජ අයිතිය ඉන්දියාවට.. සමුළුව හිල්ටන් හෝටලයේ..”

  1. Niru says:

    Mahailupallame research center given to Bangaladesh. Local agriculture gone to dogs

  2. duminda says:

    raja una govi puthugae ……wada

  3. Nalika says:

    Nathibangasthana karanna upan hapan ewun kawadda yamak upadduwe.

Main News