ශ‍්‍රී ලංකාව විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානම් වැඩිම රටක්.. ජපාන Nomura ප‍්‍රකට මූල්‍ය සමූහය කියයි.. මෙරට ආයෝජකයන් කැළඹේ…

September 12, 2018 at 3:24 am | lanka C news
ශ‍්‍රී ලංකාව විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානම් වැඩිම රටක්.. ජපාන Nomura ප‍්‍රකට මූල්‍ය සමූහය කියයි.. මෙරට ආයෝජකයන් කැළඹේ…

විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානමකට, ලොව නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 7 ක් ලක්ව ඇති බව ජපාන මූල්‍ය සමූහයක් වන Nomura හෝල්ඩිංග්ස් පසුගිය දා අනාවරණය කළේය. මෙහිදී අවදානමක් ඇති රටවල් ලෙසින් ඔවුන් දක්වා ඇති රටවල් වනුයේ දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්‍රේනය හා ශ්‍රී ලංකාවයි.

මෙහිදී දකුණු අප්‍රිකාව හා පාකිස්තානය හැරුණු කොට සෙසු රටවල් දැනටමත් විනිමය අර්බුදයකට මුහුණ දී ඇති බව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ වැඩසටහනට අනුගතව කටයුතු කරමින් සිටින බව එහිදී අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර සිටින අතර ftහි පළ වූ වාර්තාවක විසින් ඩොලර් බිලියන 160 ක ඉතා විශාල කෙටි කාලීන ණය පවතින බැවින් ප්‍රතිමුල්‍යයනයක අවශ්‍යතාවය දැඩිව පවතින රටක් ලෙසින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ කෙටි කාලීන විදේශ ණය ඩොලර් බිලියන 160 ක කිට්ටුවටවත් පැමිණ නැති බවයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් Nomura හෝල්ඩිංග්ස් සභාපති/ සමූහ ප්‍රධාන විධායක වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව කෙටිකාලීන ණය හා වගකීම් ඩොලර් බිලියන 14.3 ක් පමණක් බවයි. එසේම මෙවැනි සාවද්‍ය වාර්තා මගින් ආයෝජකයින් තුළ කැළඹීමක් ඇති වීම අමුතුවෙන් කිව යුතු නැති බවත්, පවතින ගෝලීය අවිනිශ්චිත වාතාවරණය තුළ මෙවැනි වාර්තා හරහා ශ්‍රී ලංකාවට පිරිමැසිය නොහැකි හානියක් සිදුකරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී.

මේ අනුව Nomura හෝල්ඩිංග්ස් විසින් මෙම තත්ත්වය වටහා ගනු ඇති බවටත්, කිසිදු පමාවකින් තොරව මෙකී සාවද්‍ය වාර්තාවන් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී තරයේ දැනුම් දී තිබේ.

– biz.adaderana.lk

11,743 Viewers

4 Comments to “ශ‍්‍රී ලංකාව විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානම් වැඩිම රටක්.. ජපාන Nomura ප‍්‍රකට මූල්‍ය සමූහය කියයි.. මෙරට ආයෝජකයන් කැළඹේ…”

  1. බන්ඩා says:

    අගමැටි හිත මිතුරු බැඳුන්කර හ‌ොරු ලංකාව‌ෙ බැංකු පද්දතියම උස්සලාද?

  2. Gayantha says:

    නන්දලල් වගේ පිස්සෝ තමයි මහ බැන්කුව තුල ඉදන් රටත් කන්නේ. මුන්ට තියෙන්නේ ගොබ්බ පොතේ දැනුම විතරයි ප්‍රයොගික නෑ. රටට කරපු එක හොදක් තියෙනවාද මුන් ? ඔක්කොම ගොන් වැඩකරලා අනිත් මිනිස්සු සැබෑ ප්‍රශ්න පෙන්වා දෙනකොට බයිලා ගහනවා

  3. සීගිරි says:

    දශක කීපයක් තිස්සේ පාර්ලිමේන්තුව ,මහ බැංකුව , IMF , world bank එකට එක් වී ලක් මාතාව “සමූහ දූෂණය” කර ගෙන යනවා.
    අද බැංකු වල තැන්පත් කරැවන්ගේ තැන්පතු නෑ !!!!! රට උපයන මුලු ජාතික ආදායමම ණය ගෙවා දමන්න වැය කරන්න වෙලා !!!!!! ඕනෑම මොහොතක ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙන්න , ATM යන්ත්‍ර වසා දමන්න (තැන්පත් මුදල් ආපසු ගන්න බැරිවෙන ලෙස) හා බැංකු කීපයක් බංකොලොත් බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.මෙවන් ආපදා තත්තවන් වලදී හදිස්සියේ තමන්ගේ තැන්පත් මුදල් අහිමි වී යාම වලකා ගන්න කරන එක උපක්‍රමයක් නම් බැංකු වලින් තැන්පතු ඉවත් කරගෙන රත්තරන් මිලයට ගෙන තමා සන්තකයේ තබා ගැනීමයි.එය ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් අවප්‍රමාණ වීමටද එක්තරා විසඳුමකි.
    එහෙත් අවසාන විසදුම පොදු ජනතාව එක් වී මාතෘ භූමියේ “සමූහ දූෂකයන් “ එලවා දැමීමයි !!!!!

  4. Love nature says:

    8 වන සිහිනය
    කොසොල් රජු
    “මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්‍රී, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා”

    බුදුන් වහන්සේ –
    අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ‍නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් ‍වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා.

Main News