ශ‍්‍රී ලංකා කුඩු රජෙක් තායිලන්තයේදී අත්අඩංගුවට ගනී…

September 10, 2018 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලංකා කුඩු රජෙක් තායිලන්තයේදී අත්අඩංගුවට ගනී…

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රධාන පෙලේ සැකකරු බැංකොක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පුවත්පත් වාර්තා කරයි.

බැංකොක් නුවර හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබූයේ සාලිය පෙරේරා නම් පුද්ගලයෙකි.

මොහු අත්අඩංගුවට ගැනීමෙන් පසු තායිලන්ත පොලිසිය විසින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබූ අයෙකු බවයි.

මොහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලබා දිය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇතැයිද ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දී තිබුණේ යැයිද තායිලන්ත පොලීසිය සදහන් කර ඇත.

8,209 Viewers

3 Comments to “ශ‍්‍රී ලංකා කුඩු රජෙක් තායිලන්තයේදී අත්අඩංගුවට ගනී…”

  1. චන්දිමානි says:

    ඉතා හොදයි. ජාත්‍යන්තර රතු නිවේදන ඇති අය අල්ලා උදර්පණය කලයුතුයි. මේ ආකාරයෙන්ම, අර්ජුන මහේන්ද්‍රන්වත් සිංගප්පූරු පොලීසිය විසින් අපට අල්ලා භාරදෙනු ඇතැයි අපි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමු.

  2. MR says:

    What about MRS relatives ?

Main News