ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ බරපතලයි.. ICC දුෂණ මර්ධන කාර්යාලයක් කොළඹ අරී..

October 4, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ බරපතලයි.. ICC දුෂණ මර්ධන කාර්යාලයක් කොළඹ අරී..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුල ස්තාපිත කිරීමට තීරණය කර ඇත.

ඒ සදහා වූ යෝජනාට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වන විටත් එකගතාවය පල කර තිබේ.

ක‍්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇති බරපතළ තත්ත්වයන් නිසා පාවාදීම්වලට සම්බන්ධ ක්‍රීඩකයන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇති බවයි.

එමෙන්ම තරග පාවා දෙනු ලබන ක්‍රීඩකයන්ට දඬුවම් දීමට හැකි වන පරිදි නීති මෙරටට එක් කිරීම ගැනද සාකච්ඡා වී ඇත.

6,135 Viewers
Main News