ෂවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ පාවාදීමටත් ෆොන්සේකා සූදානම්..?

September 4, 2017 at 12:13 am | lanka C news
ෂවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ පාවාදීමටත් ෆොන්සේකා සූදානම්..?

‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණයකදී සාක්ෂි දීමට සූදානම්’ වැනි රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා බවත් සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ මේ ආණ්ඩුවෙන් සහ එහි ඇමතිවරුන්, අගමැති හා ජනාධිපතිවරයාගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කිලිනොච්චියේ ප්‍රධාන රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එහි දිසාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වී තිබුණා. එදා කුරුණෑගල තිබූ රණවිරු ස්මාරකය ගැලවේවා. රණවිරු ස්මාරක ගලවන යුගයකට මේ රට අවතීර්ණ වී තිබෙනවා. රණවිරු ස්මාරක ගැලවෙන විට කොටි ස්මාරක නිර්මාණය වෙමින් තිබෙනවා. තිලීපන්ගේ ස්මාරක නිර්මාණය වෙන්නේ ඒ අනුවයි. අද කොටින්ගේ සොහොන් කොත්වල වීර කාව්‍ය රචනා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම ‘දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ බුද්ධි අංශය’ යැයි කියා ගත් සංවිධානයක් ‘දෙමළ කාන්තාවන් සිංහල මිනිසුන් සමඟ ඇසුරු නොකළ යුතුයි’ යන්න ඇතුළු තර්ජන ගණනාවක් ඇතුළත් පත්‍රිකාවක් දෙමළ ජනතාව අතර බෙදාහැර තිබෙනවා.

‘ජනාධිපතිතුමා කියන ලෝකයට…’

අද ඒ විදියට රණවිරු ස්මාරක ගැලවෙද්දී කොටින්ගේ දේශපාලන භාවිතාවට පණ එන්න පටන් අරන් තිබෙනවා. ඔබ දන්නවා, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් ජගත් ජයසූරීය මැතිතුමන් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක තානාපති ධුරය දරලා නිල කාලය අවසන් වූ පසු මෙරටට එන්න සූදානම් වන විට එම රටවල අධිකරණවල ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙන බව. ජනාධිපතිතුමා නම් නිතරම පවසනවා ‘අපි ලෝකය ජයගෙන තිබෙන්නේ’ කියා. අපි දන්නේ නැහැ, ඉහත කී ලතින් ඇමෙරිකානු රටවල් කිහිපය එතුමා කියන ඒ ජයගත්තු ලෝකයට අයත් නැද්ද, කියා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන විට මේ ලතින් ඇමෙරිකානු රටවල් අපට සහාය දුන් බවත් අප වෙනුවෙන් පෙනී සිටි බවත් මතක් කරන්න ඕනෙ. එදා ශ්‍රී ලංකාව දිහා හතුරු ආකල්පයකින් නොබලපු ඒ රටවල් තුළින් අද ජෙනරාල් ජගත් ජයසූරියට අභූත චෝදනා එල්ල වෙනවා.

‘රජ කාලයේ මේ විදියේ ප්‍රකාශයක් කළා නම්…’

එවැනි අභූත චෝදනා එල්ල වෙද්දී, එදා ජෙනරාල් ජගත් ජයසූරියට නායකත්වය දීපු හිටපු යුද හමුදාපති, වර්තමාන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා ‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළා. පරීක්‍ෂණ ආවොත් මම සාක්‍ෂි දෙන්න සූදානම්’ කියලා. යුද හමුදාපතිවරයකු ලෙස හිටපු කෙනෙකුට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? තමන් යටතේ සේවය කරපු නිලධාරීන් මේ විදියට අමුඅමුවේ පාවා දෙන්න පුළුවන් කුමන ආකාරයේ මනසක් තිබෙන පුද්ගලයකුටද? රජ කාලයේ මේ විදියේ රාජද්‍රෝහී ප්‍රකාශයක් කළා නම් උල තියනවා.

‘ලෝකයටම එකයි…’

ජෙනරාල් ජගත් ජයසූරියට විරුද්ධව මේ විදියේ ප්‍රකාශයක් කරපු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හෙට දිනයේදී ‘මේ අය යුද අපරාධ කළා. මා ගාව සාක්‍ෂි තිබෙනවා. මම ඒවා ඉදිරිපත් කරන්න සූදානම්’ කියලා චාගී ගාල්ලගේ, ෂවේන්ද්‍ර සිල්වා වැනි ඔහු යටතේ සේවය කරපු කීර්තිමත් රණවිරුවන් ද පාවා දීමට පුළුවන්. එයා කියන විදියට මේ රටේ රණවිරුවන් සියලු දෙනා යුද අපරාධ කරලා තිබෙනවා. එයා විතරයි ‘ශාන්ත දාන්න තීන්ත කූඩුව’ වගේ ඉඳලා තිබෙන්නේ. තමන් හදාගත්තු කෝන්තරය නිසා වෛරයෙන් පෙළෙන, තමන් උපන් රටෙනුත් පලිගන්න මේ විදියේ චරිතයක් නම් අපේ රටේ ඉතිහාසයෙන් සොයා ගන්න බැහැ. ලෝක ඉතිහාසය දිහා බැලුවත් තමන් යටතේ සේවය කළ නිලධාරීන් මේ විදියට පාවා දීපු හමුදාපතිවරයකු, ෆීල්ඞ් මාර්ෂල්වරයකු සොයා ගන්න බැහැ. ලෝකයටම එකයි – ඒ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

මේ මානසිකත්වය සරත් ෆොන්සේකාගේ පමණක් නොවෙයි, මේ ද්‍රෝහී ආණ්ඩුවේ මානසිකත්වයයි. රණවිරුවන් යුද්ධ කළේ යම් දේශපාලන පක්‍ෂයකට ගැතිව නොවෙයි. ඔවුන් යුද්ධ කළේ මේ රටට සාමය උදා කරලා දෙන්න. රටට සාමය උදා කරලා දීපු රණවිරුවන්ගෙන් ආණ්ඩුවක් මාරු වුණා කියලා මේ විදියට පලිගන්න හදනවා නම් ඒක කුමන ආකාරයේ ආණ්ඩුවක්ද? ඒක දේශද්‍රෝහී ආණ්ඩුවක්. මේ රටට ගැලපෙන ආණ්ඩුවක් නොවෙයි. හොඳින් මතක තියා ගන්න, සරත් ෆොන්සේකාට මෙවැනි ප්‍රකාශ කිරීමට ධෛර්ය එන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය සහ ඔහුගේ මානසිකත්වය එකක් වන නිසයි. මේ විදියට රටට සාමය දිනා දීපු ජෙනරාල්වරුන්, හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු සේනාධිනායක පාවා දෙන්න හදනවා නම් අපට හිතන්න වෙන්නේ ‘අද අපට ඇමතිවරු, අගමැති හා ජනාධිපති කියලා කියන්න වෙන්නේ මොන තරම් දීන මානසිකත්වයක් තියෙන මිනිසුන්ටද?’ කියන එකයි.

‘ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක ලතෝනිය’

ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා, මේ ආකාරයේ දැවැන්ත පාවා දීමක් සිදු කරන ආණ්ඩුවක් තමයි අද බලයේ ඉන්නේ කියා. මේ ආණ්ඩුව සෑමවිටම පිනවන්න හදන්නේ සුළු ජාතික ජාතිවාදී කල්ලි – පහර දෙන්නේ රණවිරුවන්ට සහ ජාතික ආරක්‍ෂාවට. ගලවන්නේ රණවිරු ස්මාරක – හයි කරන්නේ කොටි ස්මාරක. මේක සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක්. මේ සරත් ෆොන්සේකාගේ කටින් පිට වෙන්නේ ඒ ආකාරයට ප්‍රාණ ඇපයට ලක් වූ අාණ්ඩුවක ලතෝනිය මිස වෙන කිසිවක් නොවෙයි.

‘හොර ජනමත විචාරණයකටයි හොරගල් අහුලන්නේ’

මේ ආණ්ඩුව හදන්නේ පළාත් පාලන ඡන්දය හෝ පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොවෙයි. මේ අය උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනල්ලා ඒකට කොහොමහරි පාර්ලිමේන්තුවේ 2/3ක බලය අරගෙන, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාව දිනවන ජනමත විචාරණ මංකොල්ලයකට යන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ සැබෑ උවමනාව. ආණ්ඩුව ‘හොරගල් අහුලන්නේ’ ඒ පියවරට යන්නේ කොයි මොහොතේදීද කියා තීරණය කර ගන්න බැරිවයි. තමන්ට කිසිදු ජනතා ප්‍රසාදයක් නැති බව ආණ්ඩුව දන්නා නිසයි මැතිවරණවලට යන්නේ නැත්තේ. ඒ නිසා මේ ආණ්ඩුව යන්න හදන්නේ කිසිම ඡන්දයකට නොවෙයි, මා ඉහත කී හොර ජනමත විචාරණයටයි. ප්‍රජාතන්ත්‍රවාදය වළලපු, මැතිවරණ සිතියම හකුළපු, ශිෂ්‍ය මර්දනකාරීත්වයට පණ දීපු, අන්තවාදයට පණ දීපු මේ අාණ්ඩුව බලයේ ඉන්න මොහොතක් පාසා මේ රට අස්ථාවර වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහි බලවත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න පෙරට එන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

26,595 Viewers

7 Comments to “ෂවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ පාවාදීමටත් ෆොන්සේකා සූදානම්..?”

  1. වල් වදානේ says:

    මූ කැබීට්ටුවේද ඉන්නේ? අම්මගේ සාමුහික වගකීම. තරු විසිවෙන්න ගහන්න ඕනෙ වාචාල කටට.

  2. bend to bend says:

    අපතයකු වීමට මොනම සුදුසුකමක්වත් අවශ්‍ය නැත​.පුපුරා යන වෛරය හා ඉච්චා භංගත්වය ඒ සඳහා හොඳටම සෑහෙන්නේය​.නිශාචර සත්වයකු වූ කලවැද්දා දහවල සිදුවන දේ නොදකින නිසා දහවලේදී ඒකා හැසිරෙන්නේ මඤ්ඤං වූවකු ලෙසය​.හතුරාගේ හතුරා මිතුරා කර ගත් වත්මන් පාලකයෝ නිශාචර කලවැද්දකු රෙද්ද අස්සේ දමා ගත්තේය​.දැන් ඒකා උගේ අමුඩයේ පමණක් නොව ඒකා වඩම්මාගෙන ආ උන්ගේ අමුඩවලද ප්‍රසිද්ධියේ පහරමින් ඉන්නේය​.අනුනට කපන්නට ගිය වලේ තමන්ම වැටුන බව තේරුම් යන විට වෙන්න ඕනෑ හරිය වෙලා හමාරය​.අසූචි තැවරුන තැන ජනයා එක් රැස් නොවන්නේය​.එතැන හිමි සූකරයිනටය​.ආණ්ඩුවේ කොඳු නාරටිය කඩන්නේ මෙවන් අපතයෝය​.බලය රැක ගැන්ම මූලික අරමුණ කර ගත් විට කිසිවක් නොවැටහෙන්නේය​.දිනෙන් දින අගාදයට යන අපතයින්ට හීනෙන් පෙනෙන්නේ ගොක් කොල හා සුදු කොඩිය​.ඒ සොහොන් ලකුණුය​.

  3. Power says:

    සිරිසේන ජනාධිපතිවරයා ලෝකය ජයගන්න විට මේ රටට වෙන්න ඕන ඔක්කොම වින්නැහි ටික වන බව නම් ස්ථිරය. සරත් ෆොන්සේලා එදා යුධ හමුදාපතිවරා වශයෙන් තිස්අවුරුදු මිනීමරු යුද්ධයට යුධ හමුදා නායකත්වය ලබා දුන් නමුත් අද ඔහු හාත්පසින්ම වෙනස් චරිතයක් බවට පත් වී හමාරය.ඒ වෙන කිසිත් නිසා නොව දැඩි ආශාව හා ගොනාට ඇදීමය. එදා යුද්ධය අවසන් වීමත් සමඟම ඔහු සිතුවේ මම යුධ හමුදාපති නොව සේනාධිනායකයා කියාය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට හතුරු බලවේග ඔහුගේ එම අදහස ස්ථිර කරමින් තව තවත් විශ ඔහුට එන්නත් කලේය. අවසානයේ සිදුවූයේ රට දැය මිනීමරු ත්‍රස්තවාදයෙන් රැක ගැනීම උදෙසා අභීත සේනාධිනායකත්වයක් ලබාදුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා ජාතියේ රණවිරුවන්ට එරෙහිව වෛරක්කාරයෙකු බිහි වීමය. මෙලෙස අද අත්විඳීමට සිදුව තිබෙනුයේ ඒ බිහිවූ වෛරක්කාරයාගේ ප්‍රතිඵලය.

  4. ranaviruwa says:

    muge kata malukatak wagei mata penenne koiwelawaka hari katuwakata aminevi

  5. yyy says:

    muta wel widane kama dunne salwesan karayoyi yuddakarapo onagnage kattiyaneda.

  6. Mama Sirisena says:

    BRAVO FIELD MARSHAL BRAVO.

    Most efficient minister any government can dream of. Ranil was behind your appointment and no wonder everyone call Ranil a genius.

  7. Anju says:

    Thank You Hon Wimal, Patriotic son of Mother Lanka, for having the courage to call out the true nature of the Yamapalakayas & One eyed Whors who hoodwinked the masses.

Main News