සංචාරකයෝ නිධන් කඩති.. පූජාව දෙද්දී අත්අඩංගුවට..

May 25, 2018 at 12:40 pm | lanka C news
සංචාරකයෝ නිධන් කඩති.. පූජාව දෙද්දී අත්අඩංගුවට..

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් රාමනදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයින් සිව් දෙනෙකු නිධානයක් ගැනීමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන ඇත.

රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාල ඉන්දීය ජාතිකයින් තිදෙනා සහ ලාංකිකයින් වූ ඇඹිලිපිටිය ,හෝකන්දර ,අම්බලන්ගොඩ හා මිනිවන් ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචි ලාංකිකයින් සිව් දෙනා මෙසේ රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම පිරිස ඊයේ (24) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටි ඉන්දීය ජාතිකයින් තිදෙදෙනාගේ වීසා නොමැතිව අනවසරයෙන් රැඳී ඇති බවටද ධර්මපුරම් පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

අදාල නිධානය ගැනීමට පෙර සිදු කළ පූජාවට යොදා ගත් පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,732 Viewers

3 Comments to “සංචාරකයෝ නිධන් කඩති.. පූජාව දෙද්දී අත්අඩංගුවට..”

  1. Love nature says:

    මුන්ට දෙන්න ඕනේ හොද දඩුවම යටිපතුල් ඉරා ඊට ලුණු වැලි දමා බොරළු මත ඇවිද්වීම.

  2. Mahasona says:

    සිරිසේනගේ දෙමල සහජීවනය? ..ඉන්දියානු කල්ලතොනින්ට විසා නැතුව සොරකම් කිරීමට අවස්ථා තව කොපමණ විසා නැති කල්ලතෝණි රටේ ඇද්ද ?

  3. ලංකාවේ ලොකු ඇමතිවරු හිටගෙන මහා දවල් කරනවා දැකල වෙන්නැති says:

    ලංකාවේ ලොකු ඇමතිවරු හිටගෙන මහා දවල් කරනවා දැකල වෙන්නැති . සින්ගපුරුවට මහා දවල් බැංකුව බිදින්න පුළුවන් නම් ඉන්දියන් කාරයට රෑට කොරන්න තහනම් කරන්න් බෑ නේ බ්‍රෝ. අනික එතැන් නිදා තිබුනම කව්රු හරි හාරනවා ඉතිහාසයේ හැටියට. නිකන් තියෙන එක හාරුවා ඔච්චරයි. නේද පුංචි අම්මේ. අයලන්තේ ගෙවල් වගේ තමා.

Main News