සංචාරකයෝ වාඩි ගසාගෙන ධිවර රැකියාවේ.. සාම්ප‍්‍රදායික ධීවරයින් විරෝධතා..

June 7, 2018 at 5:30 pm | lanka C news
සංචාරකයෝ වාඩි ගසාගෙන ධිවර රැකියාවේ.. සාම්ප‍්‍රදායික ධීවරයින් විරෝධතා..

යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් 1500 ක් පමණ දෙනා එම වාඩි වලින් ඉවත්කරන ලෙසට ඉල්ලා ප්‍රදේශයේ ධීවරයින් රැසක් විරෝධතා පාගමනක් අද (07) උදෑසන සංවිධානය කොට තිබුණි.

මරදන්කේනි වෙරලට පැමිණ ඇති අදාල සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු  විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් සිදු කිරීම හේතුවෙන් මරදන්කේනි මත්ස්‍ය සම්පත විනාශ කරන අතරම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට විරෝධතා පාගමනට එක්වූවන් කියා සිටියහ.

එමෙන්ම ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන බලපෑමට වඩා බලපෑමක් මෙම සංචාරක ධීවරයින්ගෙන් ප්‍රදේශයේ පාරම්පරික් ධීවරයින්ට එල්ලවන නිසාවෙන් එම ධීවරයින් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසටත් මේ වන විටත් ධීවරයින් 1500 ක් පමණ ධීවර යාත්‍රා 400 ක් පමණ යොදා මෙම මත්ස්‍ය සම්පත විනාශ කිරීම සිදු කරන නිසාවෙන් වහාම පියවරක් ගන්නා ලෙසට විරෝධතා කරුවන් ඉල්ලා සිටියහ.

විරෝධතාවය සඳහා මරදන්කේනි හා වඩමාරච්චි නැගෙනහිර පාරම්පරික ධීවරයින් මෙන්ම උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටි අතර විරෝධතා කරුවන් විසින් පාගමන අවසානයේ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් වරයාට යාපනය දිසාපතිවරයාට සන්දේශයන් භාරදීමටද පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,377 Viewers

3 Comments to “සංචාරකයෝ වාඩි ගසාගෙන ධිවර රැකියාවේ.. සාම්ප‍්‍රදායික ධීවරයින් විරෝධතා..”

  1. hina says:

    mun inkan idiawe innarra wage..thamange rate minis epa…indiawen wrella

  2. LION says:

    ඉන්දියානු දෙමළ ජාතිකයන්ට විසා නැතුව ලංකාවට ඒමට අවසර දීම වහාම නතර කල යුතුයි
    ලංකාවේ ජනපතිගේ උතුරේ දෙමල සන්හිදියාවද මේ ..සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න
    අපේ රට ඉන්දියානු ජාතිකයන්ගේ කොලනි බවට පත් කිරීමට සහය නොදී දේශපාලනයෙන් සමුගන්න ‘දකුණු ඉන්දියාවේ කල්ලතෝණි සක්කිලි අපේ රටට පිළිලයක් වෙලා ..

  3. සක්කිලියන් ඇවිත් පක්කිලියන් බලන්න ඔන්න සංහිඳියාව පඹ නැට්ටන් පත්කොරන්නේ ඉතුරු සක්කිලියනුත් ලංකාවට වඩම්මන්නය​???

Main News