සංචාරක හෝටලයක වගාකර ගංජා මාට්ටුයි.. අත්අඩංගුවට..

October 18, 2018 at 2:06 am | lanka C news
සංචාරක හෝටලයක වගාකර ගංජා මාට්ටුයි.. අත්අඩංගුවට..

හැටන් කාසල්රි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක මල් පොච්චිවල වගා කර තිබු  කන්සා පැළ තුනක් සහ එම සංචාරක නිකේතනයේ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

එම සංචාරක නිකේතනයේ මල් පැළ වගා කර තිබු පෝච්චි අතර මෙම කන්සා වගා කර තිබු බවයි මෙම වැටලිම සිදු කල හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මෙම සංචාරක නිකේතනයට පැමිණෙන සංචාරකයන්ට කන්සා ලබා දිම සදහා වගා කලේද යන්න පිලිබදව හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලිම සිදු කර ඇත්තේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,422 Viewers

One Comment to “සංචාරක හෝටලයක වගාකර ගංජා මාට්ටුයි.. අත්අඩංගුවට..”

  1. CORBRA says:

    රාජිතගේ අදහස ගංජා වැවීම මේ ඔහුගේ වැඩක්ද ?

Main News