සංඥා නොතකා ගිය යතුරුපැදිය දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට… තවත් අයෙකුට බරපතලයි…

July 29, 2018 at 12:40 pm | lanka C news
සංඥා නොතකා ගිය යතුරුපැදිය දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට… තවත් අයෙකුට බරපතලයි…

යාපනය,අරියාලෙයි,නෙලුක්කුලම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ අදාළ යතුරුපැදිය ගැටී ඇති අතර, අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වූ බවයි.

අනතුරින් යාපනය අරියාලෙයි පුම්බුහාර් ප්‍රදේශයේ හා යාපනය මනියම්තෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි චන්ද්‍රකුමාර් නමැති 29 හැවිරිදි තරුණයෙකු හා රාජගෝපාල් ක්‍රිෂාන් නමැති 27 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන්කොට ඇති අතර අනෙක් පුද්ගලයාද බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සදහන් කළේය.

දුම්රිය මාර්ගය හරහා වන අතුරුමාර්ගයේ දුම්රිය මග හරස් ආවරණ නොතිබු නමුත් දුම්රිය සංඥා පැවති බවත් අදාළ සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනයට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදු වූ බවට යාපනයේ ප්‍රදේශවාසීණ් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,404 Viewers

2 Comments to “සංඥා නොතකා ගිය යතුරුපැදිය දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට… තවත් අයෙකුට බරපතලයි…”

  1. Samayan says:

    යකෝ මේ උතුරේ මිනිසුන්ට රේල් පාර පුරුදුම නැද්ද තවමත්? හැමදාම වගේ උතුරෙන් දුම්රිය අනතුරක් ඇහෙනවා.
    මේවා අවම කරන්න උතුරේ දේශපාලුවන්ට මුකුත් වැඩපිළිවෙලක් නැද්ද?

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා ඉක්මන් සුවය පතමු

Main News