සංශෝධනය කරන්නේ නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සලකා බලන්න උතුර සූදානම්..

September 8, 2017 at 8:02 am | lanka C news
සංශෝධනය කරන්නේ නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සලකා බලන්න උතුර සූදානම්..

යෝජිත 20 වැනි ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් දීම උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර නැවත සංශෝධනක් වන්නේ නම් සලකා බැලීමට තීරණය කර ඇති අතර විවාදය කල් දමන ලදි.

පසුගිය 04 වනදා 20 ව්‍යවස්ථා සංසෝධනය උතුරු පලාත් සභාවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ සිට සියලු මැති ඇමති වරුන් එයට විරෝධය පල කර සිටි අතර එහි අවසන් තීරණය ප්‍රකාශ කොට උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙන බවට ප්‍රකාශ කෙරුනද 20 වන ව්‍යවස්ථා සංසෝධනය යම් සංසෝධනයක් කරන්නේ නම් ඒ ගැන සලකා බැලීම සඳහා අද දින මෙසේ විවාදය කල් දමන ලදි.

උතුරු පළාත් සභාවේ 105 වැනි සැසිවාරය මහඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ තීරණයන්ට එළැඹීය.

ඒහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා උතුරු සභාව අමතිමින් කියා සිටියේ,

‘ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා කෙටුම්පතේ අවුල් සහගත තත්ත්වයන් ඇති බැවින් මුලදී විරෝධය පා සිටි බවටත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පතේ යම් සංශෝධනයන් කරන්නේ නම් පමණක් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවත් දැන්ම ඒ පිළිබඳ නිශ්චිත අදහස් හෝ තීරණයකට එලඹිය නොහැකි බැවින් සංසෝධනය වන්නේ නම් ඒ ගැන සලකා බලන බවත් එතෙක් විවාදය කල් තබන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,408 Viewers
Main News