සංහිදියාව තවත් තර වෙයි.. හමුදාව-හිටපු කොටි එක්ව තෛපොංගල් සමරති..

January 14, 2018 at 12:40 pm | lanka C news
සංහිදියාව තවත් තර වෙයි.. හමුදාව-හිටපු කොටි එක්ව තෛපොංගල් සමරති..

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනය ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා එහි යුද හමුදා නිලධාරීන් විසින් අද (14) උදෑසන ආගමික වතාවත්වල නිරත වෙමින් තයිපොන්ගල් සැමරුම සිදු කරනු ලැබීය.

යුද හමුදා සෙබලුන් හා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අතර සංහිදියාව ආදර්ශ කොට ගනිමින් පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේදී මෙම තයිපොන්ගල් සැමරුම සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා පුනරුත්තාපන කඳවුරේ ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද එක් විය.

ඊට අමතරව රටට ආශිර්වාද පතා පුනරුත්තාපන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා යුද හමුදා නිලධාරීන් විසින් වව්නියාව ශ්‍රීනගර් හින්දු කොවිලේදීද තයිපොන්ගල් දිනය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,012 Viewers

6 Comments to “සංහිදියාව තවත් තර වෙයි.. හමුදාව-හිටපු කොටි එක්ව තෛපොංගල් සමරති..”

  1. ෂංඉඳියා says:

    ෂා ෂා ෂා……….!!!!!!!!!!!

  2. sinha le says:

    උතුරට සිංහල ජනාවාස, බුදු පිළිම එපා.. – මහ ඇමති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ විරෝධතා..

  3. love nature says:

    බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිසයි. බුදුන් වහන්සේ අනුදත් ගිහි මාර්ගය මෙන්ම නිර්වාන මාර්ගයද අනුගමනය කරන මේ පිරිස රැකගැනීම මෙන්ම ඔවුන්ගේ හිත සුභ සිද්දිය ට කටයුතු කිරීම පැරණි රජවරුන්ගේ සිරිත විය. අනුරාධපුර රජබවට පත් වූ පස්වන කසුප් රජු කළ පැනවූ ව්‍යවස්ථා මගින් ඒ බැව් හොඳින් ප්‍රකට වෙයි. පෙති පිළිම වැනසීම බුදු දහම ඇර වෙනත් ආගම් ගැනීම වැනි පංචමහා සාවද්දයෙන් වැළකී සිටිය යුතු බව ඒ ව්‍යවස්ථාවේ විය.

  4. sinha le says:

    උතුරට වෙනම ද්‍රවිඩ පාලනයක් පළාත් ආණ්ඩුවක් සාදන්නට සිය න්‍යාය පත්‍රය සකස් කරගත් රජයකට භික්ෂූන් වහන්සේලාගේ සහ ජාති මාමක පිරිසගෙන් එල්ල වන පීඩනය සුළු පටු නොවේ. මේ මහා සංඝ රත්නය සැම විටම ශාසනික සංරක්ෂණය උදෙසා හඩනගන්නන් වෙති.

  5. sinha le says:

    සාම්පූර් දගැබ විනාශකල පුද්ගලයන්ට එතනම පලදේ …

  6. lion says:

    යාපනය, කිලිනොච්චි හා මුලතීව් දිස්ත්‍රික්කයන් හි දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිය ප්‍ර‍චාරක කටයුතු සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත යොදා ගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

Main News