සතියකදී තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල කදක් ලැබෙයි..

October 2, 2017 at 2:22 am | lanka C news
සතියකදී තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල කදක් ලැබෙයි..

පසුගිය සතියක කාලය තුළ මොරගහකන්ද ජලාශයට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප‍්‍රමාණයක් ලැබී ඇතැයි වාරි ව්‍යාපෘති කාර්යාලය කියයි.

මධ්‍ය කදුකරයේ ඉහල ජලාධාර ප‍්‍රදේශ වලට පසුගිය දිනවල වර්ෂාව ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයට ජලය ලැබී ඇති බව ව්‍යාෘතියේ මහජන සම්බන්ධතා නිළධාරී පී.ජී. දයානන්ද මහතා කියා සිටියේය.

එමෙන්ම ව්‍යාපෘතියේ සුළු වැඩ කොටස් පමණක් ඉතිරීව ඇති බවත් එ කටයුතුද ඉතා කඩිනමින් අවසන් වන ඇතැයි අප කළ විමසීමක දී දයාන්ද මහතා සදහන් කළේය.

දැනට රැස්කල ජලය පහල කළාප වල ගොවි ජනතාවගේ අවශ්‍යතා සදහා කඩින් කඩ මුදාහරින බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

7,045 Viewers
Main News