සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලි සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට..

September 23, 2018 at 8:02 am | lanka C news
සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලි සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට..

සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.

හැටන් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි 22 උදැසන සිට පස්වරු 6 දක්වා හදිසි වැටලිමකදි මෙම තරුණයන් සැකපිට අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් 23  සන්තකයේ ගංජා ලග තබා ගැනිම චෝදනා යටතේ තවත් තරුණයන් දෙදෙනෙකු සන්තකයේ නිති විරෝධි දුම්වැටි ලග තබා ගැනිම යටතේත් අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්,ඔවුන් කොළඹ ,ගාල්ල,මාතර ,මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හැටන් පොලිසිය කියා සිටින්නේ.

සැකකරුවන් 23 සන්තකයේ තිබි කේරල ගංජා මිලිග්රුම් 45200 අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,880 Viewers

4 Comments to “සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලි සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට..”

  1. Kadiya says:

    This foolish HQI arrest young crowd who has gone a trip. This is illegal but most of drug dealers stay free including Rishard Badurdeen. DIG and IGP who has plan to kill prasidant too in free. This is “Abudassa kale”

  2. තරංග says:

    මුන්ට පුලුවන් මේවගේ පොඩි හාල්මැසෝ අල්ලන්න විතරයි. තොග ගනන් ගෙන්නන උන් එලියේ.. මුන් කියන්නේ මිලිග්‍රෑම් 45000ක් කියලා, ඒ කියන්නේ ග්‍රෑම් 45ක්, ග්‍රෑම් 45 , 25න් බෙදුවහම එක්කෙනෙක් ගාව ග්‍රෑම් 1.8 යි තියන්නේ.

  3. Samuvel says:

    ඇයි මේ තරුනයින් අත් අඩන්ගුවට ගත්තේ. ගන්ජා නරක නෑ එය බෙහෙතක් කියල කිවුවේ ආන්ඩුවේ සවුක්‍ය ඇමති තමයි.

  4. Lokka says:

    Rajitha dan ubama me ganja kaarayanta apadeela beeran, policiye vatalima karapu kenata daduvam deepan. Moko thoone kivive ganja anumatha karannai , hodai behethakya vavamu prachalitha karamu kiyalaa.

Main News