සතුන් දඩයමට ගිය තරුණයාට අත්වැරදීමකින් ගිනිඅවිය තමන්ටම පත්තු වී මිය යයි..

July 2, 2018 at 2:07 am | lanka C news

මුලතිව් මුල්ලියාවේලී කට්පුරවේලී ප්‍රදේශයේ පිහිටි කැලෑවක තරුණයෙකුගේ මළ සිරුරක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එම්.ගජින්තන් බෙහෙත් කොටන ලද තුවක්කුවකුත් රැගෙන සතුන් දඩයම සදහා කට්පුරවේලී කැලෑවට 29 වනදා ගොස් ඇති අතර කැලෑවට ගිය තරුණයා පිළිබද තොරතුරක් නොමැතිවීමෙන් ප්‍රදේශවාසීන් විසින් සෝදිසි කිරීමේදී හිසට වෙඩි වැදී තිබූ තරුණයාගේ මළ සිරුර හමු වීමෙන් ඒ බව ප්‍රදේශවාසීණ් විසින් පොලීසියට දැනුම් දී ඇත.

මුලතිව් පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සිදු කරන ලද පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ වෙඩි වැදී ඇත්තේ තරුණයාගේම බෙහෙත් කොටන ලද නීති විරෝධී තුවක්කුවකින් බවටත් සතුන් දඩයම් කිරීම සදහා බෙහෙත් කොටමින් සිටින අවස්ථාවේදී අත්වැරදීමකින් තුවක්කුව පත්තුවීමෙන් හෝ තරුණයා හිතාමතාම වෙඩිතබාගැනීමකින් හෝ මෙම මරණය සිදු වී ඇති බවට සැක පල කරන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,460 Viewers
Main News