සතොසෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් රටටම කුඩු බෙදයි..

August 10, 2017 at 1:20 pm | lanka C news
සතොසෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් රටටම කුඩු බෙදයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් රෙද්දක් ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ. මේක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නොවෙයි. මේක ගෙඩිය පිටින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක්. නියම ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මේ ආණ්ඩුවේ නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවයි.

එදා සිරිමාවෝ මැතිණිය මේ රට ස්වයංපෝෂිත කරන්න මහන්සි වුණා. මොන වැරැදි තිබුණත් ජේ. ආර්, ප්‍රේමදාස යුගවලදීත් රටට යම්කිසි වැඩක් කළා. චන්ද්‍රිකාගේ කාලේ නම් නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමයි වුණේ. අපිත් ඒ ආණ්ඩුවේ හිටියා. ඒත් ඇත්ත කියන්න එපැයි.

මහින්ද මහත්තයාගේ කාලේ තමයි මුඩු බිමක් වෙච්ච මේ රට වැඩබිමක් වුණේ. බෙදෙන්න ගිය රට එක්සේසත් කරලා මිනිස්සුන්ට ‍බියෙන් සැකෙන් ‍තොරව ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ මහින්ද මහත්තයා කියන එක අපි බය නැතුව ඕනේම තැනක කියනවා.

රට සංවර්ධනය කළා වගේම පක්ෂයත් ශක්තිමත් කරන්න මහින්ද මහත්තයට පුළුවන් වුණා. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකහමාරක් ගියා රටට මොනවද කළේ? පාරේ තියෙන කහ ඉරි ටික සුදු කළා විතරයි. රටටම දැන් කුඩු බෙදන්නේ සතොසෙන් හා මුදල් අමාත්‍යාංශයෙන්.

ජනතාවට තුන්වේල කන්න නැති වුණත් කුඩු ටික නම් දැන් හැමතැනම තියෙනවා. පොලීසියේ ලොකු බබා දැන් නීතිය නමනවා. හැමදාම ඔය සෙල්ලම හරියන්නේ නැහැ. ආණ්ඩුවේ දැන් ආයුෂ ඉවරයි. තව ටික කාලයකින් මේ රටේ නියම ජනතාවාදී ආණ්ඩුවක් බිහිවෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

10,305 Viewers
Main News