සතොස විකුණන්නේ බාල සහල්… ඇමති කියන්නේ බොරු..

October 24, 2017 at 12:40 pm | lanka C news
සතොස විකුණන්නේ බාල සහල්… ඇමති කියන්නේ බොරු..

ක්‍රියාත්මක විය යුතු ගැසට් පත්‍ර ක්‍රියාත්මක නොකර ජංගම රථ යොදා භාණ්ඩ අලෙවි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නොහැකියාම පෙන්නුම් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සදහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී එම මිල ක්‍රියාත්මක නොකර කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජංගම වෙළද රථ යොදා අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණීමට කටයුතු කිරීම හාස්‍ය ජනකය.

මෙම ජංගම රථ වලට දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කිරිමට නොහැක. එහෙත් දිවයිනේ සෑම කඩයකම අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණිය යුතු පාලන මිලක් නියම කර ගැසට් පත්‍ර නිකුත් කර ඇත. එය දැන් නීතියක් බවට පත්ව ඇත. එම නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික කටයුතු අධිකාරියයි. එහෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය අදාල නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන පසුබිමක කර්මාන්ත අමාත්‍යාංශය ජංගම රථ යොදා අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම අතීසාරයට අමුඩ ගැසීමකි.

සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවස්ථාව සලසා ඇති බවට කර්මාන්ත ඇමතිවරයා කරනු ලබන ප්‍රකාශ ද සත්‍යයෙන් තොරය. පාරිභෝජනයට නුසුදුසු සහල් සතොසේ අලෙවි කරන  බවට  පැමිණිලි බොහෝමයක් අප වෙත ලැබී ඇත.

රජය වහාම කල යුතුව ඇත්තේ සුදුසුකම් නොමැති පාරිභෝගික අධිකාරියේ පූර්ණ කාලීන සාමාජිකයින් ඉවත් කොට පාරිභෝගික කටයුතු අධිකාරිය ශුද්ධ වූ ආයතනයක් බවට පත් කර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සදහා ඇති නීති ක්‍රියාත්මක කොට පාරිභෝගිකයා ගසා කන වෙළදුන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.

රංජිත් විතානගේ
සභාපති

4,507 Viewers
Main News