සන්ධාන ආණ්ඩු සටන එජාපයට පාවාදීමට ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් දැඩි සටනේ…. කෝටි ගාණක් අතට ලැබේ…

February 17, 2018 at 10:29 pm | lanka C news
සන්ධාන ආණ්ඩු සටන එජාපයට පාවාදීමට ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් දැඩි සටනේ…. කෝටි ගාණක් අතට ලැබේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීමට සියලු සාකච්ජා සිදුව ඇතත් එය සිදුකිරීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ ශ්‍රීලනිපයේම ප‍්‍රබලයෙක් බව බව වාර්ථා වෙයි.

එජාප ප‍්‍රබල ඇමතිවරයෙක් හරහා අත යටින් කෝටි 10කට වඩා මුදල් ප්‍රමාණයක් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම දින කිහිපය තුළදී පමණක් මොහු ලබා ගෙන ඇති බවත් ඔහු හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සමඟිය බිඳ වැට්ටවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන දැනගන්නට ඇත.

පසුගිය දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයද බහුතර බලය පෙන්වා තනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සැලසුම් සකස්කර තිබුණි.

එහෙත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූවේ ඉදිරියටත් ජාතික ආණ්ඩුව පවතින බවත් තමන් තවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බවත්ය.

මේ අතර අද දිනයේද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රැස්ව නව ආණ්ඩුවක් නිර්මාණය කර අග්‍රාමාත්‍යධූරය තම පක්ෂයට ලබාගැනීම සඳහා සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබේ.

කෙසේවෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 98%ක්ම නව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සටන් වදින නමුත් ඊට මෙකී ප‍්‍රබලයා දැඩි ලෙස විරුද්ධ වී ඇත.

ඔහු දිගින් දිගටම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් තමන් ඇතුළු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි.

එජාප ප‍්‍රබලයාගේ මුදලට ගිජුවී එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් ඉටුකිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ වී යන බවත් වහාම මෙම තත්ත්වය නවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පසුගිය වසර 3 තුළදී පමණක් රුපියල් කෝටි 500කට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ දේශපාලන ඩීල් වලින් මෙම ශ‍්‍රීලනිප ප‍්‍රබලයා උපයා ඇති බව ප්‍රකට කතාවකි.

– සුධීර

36,491 Viewers

9 Comments to “සන්ධාන ආණ්ඩු සටන එජාපයට පාවාදීමට ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් දැඩි සටනේ…. කෝටි ගාණක් අතට ලැබේ…”

  1. Open mind says:

    සත පහක වත් වාසි නොබලන අපි. පවු නේද? මොකද ඔබට සිතෙන්නේ ?

  2. YES eelam yamapalana SLFP/UNP parayanta HENAMA Gahanna onay yana yana thena.

  3. jay says:

    Who is he? Man from A’pura or H’tota..

  4. සුද්දගේ අම්මා says:

    මේක මුගෙ ජාතකේ වැරැද්ද. අනේ මෙහෙම හම්බ කරන සල්ලිවලින් කාල ඇඳල ඉන්න මුගේ ගෑණු, ළමයි එහෙම පවු. මොකද මිනිස්සුන්ගේ සාපෙට උනුත් අහුවෙනවා.

  5. Thilan says:

    Aniwarayen mee Dumiya tama, Sabeetage building eke deal ekath meyata kara gahanna wune Ranil ge Master mind wada nisa tama, mee yaka Paksheta karanawa kiyala pennagena UNP ekata kade yanawa Koati ganan salli aragena.

  6. Liyanage says:

    අපි චන්දේ දුන්නේ ඕකට නෙමෙයි…පොදුජන පෙරමුණ තනිවම යා යුතුයි

Main News