සබීතාගේ බිල්ඩිමේ කැබිනට් පත‍්‍රිකාව පිටවීම ගැන පරීක්‍ෂණ.. සැකය දුමින්ද දිසානායකට..

May 19, 2017 at 4:40 pm | lanka C news
සබීතාගේ බිල්ඩිමේ කැබිනට් පත‍්‍රිකාව පිටවීම ගැන පරීක්‍ෂණ.. සැකය දුමින්ද දිසානායකට..

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා යයි පවසමින් මසකට රුපියල් කෝටි 2.45 පමණ කුලියක් ගෙවමින් දැනට වසර දෙකක පමණ කාලයක් භාවිතයට නොගෙන සිටින ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල සදහා වූ කැබිනට් පත‍්‍රිකාව පිටවූවේ කෙසේදැයි ආණ්ඩුවේ ශ‍්‍රිලනිප නොවන ප‍්‍රධානියාගේ දැඩි අවධානයට යොමුව ඇති බව වාර්තා වෙයි.

ඇමති දුමින්ද දිසානායක විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව පිටකර ඇතැයි සැකයක් මේ වන විට මතුව ඇති අතර මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය විසින් කටයුතු කරමින් සිටී.

අදාල ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රජයේ තක්සේරු මුදලට වඩා ඉතා ඉහල අගයකට වන අතර කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට වෙනත් ස්ථානයක් නැති නිසා එය ගත යුතුම බව කැබිනට් පත‍්‍රකිවේ දැක්වෙයි.

කෙසේ වෙතත් පොලිස් පරීක්‍ෂණය සිදු කෙරෙන්නේ කැබිනට් පත‍්‍රිකාව පිටුවේ කෙසේදැයි සොයා මිස අති විශාල ධනස්තකන්ධයක් කුලී ගෙවමින් නිකරුනේ නාස්ති කිරීම ගැන නොවේ.

20,508 Viewers

5 Comments to “සබීතාගේ බිල්ඩිමේ කැබිනට් පත‍්‍රිකාව පිටවීම ගැන පරීක්‍ෂණ.. සැකය දුමින්ද දිසානායකට..”

  1. dill says:

    සබිතාගේ පුතා සහ දුමින්ද දිසානායක හොද යාළුවො දුමින්දගේ පගාව දෙන්නේ ඔස්ට්‍රේලියාවේදී

    • Kirihondha says:

      සබිතාගේ පුතාගෙ අම්ම සහ දුමින්ද දිසානායක ඊටත් වඩා හොද යාළුවො!

    • jayasiri says:

      hariyata hari

  2. rajakeeya sirisena says:

    යකෝ මූ කැබිනට් පත්‍රිකාව උගස් තියල ගංජ ගැහුවවත්ද​?

  3. jayasiri says:

    hariyata hari

Main News