සබීතාපාය පරදන ගිවිසුමක් ලංවිමෙන්.. මාසෙකට කෝටි 15යි.. ව්‍යාපාරිකයාගේ හොද්ද බොරවේ..

August 4, 2018 at 10:40 am | lanka C news
සබීතාපාය පරදන ගිවිසුමක් ලංවිමෙන්.. මාසෙකට කෝටි 15යි.. ව්‍යාපාරිකයාගේ හොද්ද බොරවේ..

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් විදුලි බලාගාරයකින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය මිලට ගැනීම සදහා ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ අනුව මසකට රුපියල් කෝටි 15 බැගින් ගෙවමින් වසර තුනක කාලයක් විදුලිය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇත.

නියමිත ඒකක ගණන ඉක්මවා ලබා ගන්නා සෑම ඒකකයකටම රුපියල් 25-40 අතර මුදලක් ගෙවීමටද ගිවිසුම්ගතව සිටී.

මෙම ගිවිසුමේ විශේෂත්වය වන්නේ විදුලිය ලබා ගත්තද නැතද මාසිකව රුපියල් කෝටි 15 බැගින් ගෙවීමට එකග වීමයි.

මෙම අත්සන් කරන ලද ගිවිසුම විදුලි බල පනතට විරුද්ද යයි සදහන් කරමින් ඒ සම්බන්දයෙන් පරීක්‍ෂා කිරීම සදහා කෝප් කමිටුව විසින් විදුලි බල මණ්ඩල නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.

9,043 Viewers

2 Comments to “සබීතාපාය පරදන ගිවිසුමක් ලංවිමෙන්.. මාසෙකට කෝටි 15යි.. ව්‍යාපාරිකයාගේ හොද්ද බොරවේ..”

  1. kaluva says:

    මේකනම් අර කලුවගේ වෙඩක් තමයි. ඕස්ට්‍රේලියාවේ පුරවෙසිය මෙහෙ විදුලි බල මණ්ඩලේ ලබ්බක්ද කරන්නේ?? ඕව තමයි ගේම්. ඔස්ට්‍රේලියාවට වඩා හම්බ කරනවා මෙහෙ ඉඳන්. ඇහුවොත් කියන්නේ මේක සුද්ද කරන්න ඕනේ කියල.
    කොම්පියුටර්යිස් කරන්නයි කතාව… හොර හැත්තෑ විනාශ වේවා!!!

  2. kaluva තඩියා says:

Main News