සමස්ථ රාජ්‍ය සේවයේම නිලධාරින්ගේ රාජකාරි ඉරණම විසදන නඩු තීන්දුවක් අද ප්‍රකාශයට පත් කෙරේ…

September 7, 2017 at 8:40 am | lanka C news
සමස්ථ රාජ්‍ය සේවයේම නිලධාරින්ගේ රාජකාරි ඉරණම විසදන නඩු තීන්දුවක් අද ප්‍රකාශයට පත් කෙරේ…

පසුගිය රජයේ වැඩසටහනක් වූ දිවයින පුරා බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් 2014 වසරේ දි ක්‍රියාත්මක කලහ.

මේ සඳහා අවශ්‍ය කටයුතු ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කල අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ පන්තියේ නිලධාරියකුට විරුද්ධව නඩුවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබුනි.

පොදු දේපල පනත යටතේ ගොනුකර තිබු මෙම නඩුව වග උත්තර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ තර්ක හමුවේ රජයේ නීතිපතිවරයාට ඉල්ලා අස්කර ගැනීමට සිදු වුවත් මහාධිකරණය නැවත පොදු දේපල පනත යටතේ පවත්වාගෙන ගිය නඩුව ඉන් ඉවත්කොට ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දීම මෙහිදී විශේෂත්වයකි.

මේ වනවිට එම නඩුවේ තීන්දුව දීමට නියමිතය. ඒ අනුව එම තීරණය අද කොළඹ මහාධිකරණ 6 විනිශ්චයකාර තුමා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

19,464 Viewers

2 Comments to “සමස්ථ රාජ්‍ය සේවයේම නිලධාරින්ගේ රාජකාරි ඉරණම විසදන නඩු තීන්දුවක් අද ප්‍රකාශයට පත් කෙරේ…”

  1. Ananda says:

    Not guilty……

  2. Nandasoma says:

    තීන්දුව දුන්න නෙ! හිටපු රාජ්‍ය නිළධාරීන් දෙන්නෙක් හිරේ ගියානෙ!!

    මින් පස්සෙ කිසිම රජයේ නිළධාරියෙකුට බැහැ රජයෙන් දෙන කිසිම දෙයක් මිනිස්සුන්ට දෙන්න….

    ගෙවල් දෙනව….. පොත් පත් දෙනව….. රෙදි දෙනව….. ටැබ් දෙනව…..බයිසිකල් දෙනව…..

    මේ හැම දෙයක්ම නවත්වන්න රාජ්‍ය නිළධාරීන්ට සිදු වෙනව……

    අන්තිමට සේවකයන්ට පඩි ගෙවන්නත් බැරි තත්ත්වයක් උදා වෙයි?

Main News