සම්මුතියේ ගමන නිමයි.. අගමැති හදිසි අවස්ථාවකට සූදානමින් එජාප සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සීරුවෙන් තබයි.. විදේශ සංචාර සියල්ල අවලංගුයි..

July 8, 2017 at 12:24 am | lanka C news
සම්මුතියේ ගමන නිමයි.. අගමැති හදිසි අවස්ථාවකට සූදානමින් එජාප සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සීරුවෙන් තබයි.. විදේශ සංචාර සියල්ල අවලංගුයි..

ඉදිරියේදී ඇතිවන ඕනම දේශපාලන අර්බුදයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සුදානමින් රටතුල සිටිය යුතු බැවින් එජාප සියලුම මැති ඇමතිවරුන් ඇතුළු තම පාර්ලිමේන්තු කණ්ඩායමට විදේශ සංචාරයන් නොකර ලබන නොවැම්බර් මස එනම් අයවැය දක්වා සිටින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දැනුම් දී ඇත.

එම ලිපියේ හේතුව ලෙස නොවැම්බර් මාසයේදී එන අයවැය ගැන සඳහන් කොට තිබුනත් අයවැය සඳහා තවත් මාස 4 කට වැඩි කාලයක් ඇති බව ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින 60 තුල ආණ්ඩුවේ විශාල අභ්‍යන්තර අර්බූදයක් ඇතිවීමට අවශ්‍ය පරිසරය මේ වනවිට දෙපාර්ශවයේම බල පොරය තුල උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවකි.

බොහෝ දුරට මේ අනුව සම්මුති ආණ්ඩුවේ අයවැයක් ඉදිරි නොවැම්බර් මාසයේදී ඉදිරිපත් නොකරන අතර සම්මුති ආණ්ඩුවේ අවසන් අයවැය ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඉතිහාසයට එක් වෙනු ඇත.

31,140 Viewers

8 Comments to “සම්මුතියේ ගමන නිමයි.. අගමැති හදිසි අවස්ථාවකට සූදානමින් එජාප සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සීරුවෙන් තබයි.. විදේශ සංචාර සියල්ල අවලංගුයි..”

  1. asaranaya says:

    ලඟදී තිරගතවෙයි ‘ ගමනක අවසානය’ බලාපොරොත්ත්වන්න, ප්‍රධාන නලු යුවල පින්ගුත්තර -බ්‍රාපති

    • Chethiyasena says:

      වෙන පිචර් වගෙ නෙවෙයි.
      මේකෙ කොමිට් කාරයො ගොඩයි!

  2. Kamal says:

    මොන අර්බුධ ආවත් ලංකාවෙ කවුරුවත් ඇමතිකම් අත්හරින්නෙ නෑ,. බලයට ධනයට කෑදර නිසා මිසක් වෙන හේතුවකට දේශපාලනය කරනවද?

  3. Aurora says:

    සම්පුර්ණ සත්‍යක්. නොවැම්බර් වලට පෙර රට කඩන ව්‍යවස්ථා දොලපිදේනිය NGO සහ විදේශ බෙදුම්වාදීන්ට දියයුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ චන්ද 2/3 එනම් 150 ක් ගතයුතුයි. මේ මන්ත්‍රී 150 අතරින් කුමන හේතුවක් උඩ හෝ පෙන්වල චන්දෙදෙන්න නොඑන එක වලක්වන්න කරන එක පුර්ව සුදානමක් මේක.
    දේශපාලන පක්ෂ ජාති කුලමල ආගම් සහ එක එක අයගේ පිල් විදිහට බෙදෙන්නේ නැතිව එකම ශ්‍රී ලංකාව විදිහට එකතු නූනොත් මේ සැරේ අපි කපෝතියි. විධායක ජනාධිපති තනතුරේ බලය ඉදිරියේ අභීතව සිටින ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කැපකිරීම් ඉතා ඉහලින් අගය කල යුතුයි.යමපලනය සමඟ සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල රටට පක්ෂව තීරණාත්මක මොහොතකදී ක්‍රියාත්මක කිරීමට මහජනයා සහ චන්දදයකයින් විදිහට ඔවුන් පොළඹවගන්න අපි කටයුතු කල යුතුයි. ඒ නිසා මෙතෙක් යමපලනය සමඟ සිටි මන්ත්‍රීවරු මේ ඓතිහාසික අවස්ථාවේ රට කඩන ව්‍යවස්ථාවට විරුධව චන්දෙ දීමම අගයකරමින් ඔවුන් ශක්තිමත් කරමු. මෙතක් යහපාලනය සමඟ මොන හේතුව මත හෝ සිටිය කියා රට කඩන ව්‍යවස්ථාවට පක්ෂ ද්‍රෝහීන්ගේ ගොඩට ඔවුන් තල්ලු කිරීමම බෙදුම්වාදයට උදව්කිරීමකි.
    රනිල්ට නැතිවෙන්න අනාගතයක් නැත. අපේ අනාගතය රටේ අනාගතය අපේ දරුවන්ට සුරක්ෂිතව ලබාදීම අපේ අදදවසේ යුතුකමයි.

  4. M de silva says:

    100%agreed with Aurora.
    RW is getting ready to go for the constitution change. Be aware all the Patriotic Ministers and MPS.

  5. ආනන්ද says:

    ‘ ගමනක අවසානය’ අර හැටගණන්වල එක වගේ වුනොත් තමයි රටටම හොඳක් වෙන්නේ…..!

  6. යුක්තිය says:

    රනිල් සහ මෙත්‍රී ගේ නව චිත්‍රපටය බලාපොරොත්තු වන්න

  7. Sinahaya says:

    End of this “SAMA-LINGIKA” government is what every Sri Lankan except those racist who benefit from this government wants. All our archeological sites in the East is gone, Wilpattu gone, farmers without jobs, rice imported, coconuts imported for the first time in the history of Sri Lanka. That is, for the entire history of more than so many centuries. At least now, if people do not understand the damage this government does to the country, then people are absolute morons. All these politicos got to be hanged to death in public in GalleFace.!

Main News