සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්‍ෂ 68ක්..

March 11, 2018 at 3:00 pm | lanka C news
සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්‍ෂ 68ක්..

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා තිබේ. නමුත් එහි ආර්ථික සා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටුවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍ර‍මාණයක් සහිත රටකි. ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්‍ර‍මුඛ රාජ්‍යයන් 5 න් එකකි!

ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි. මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත. ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි. සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය. අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ.

මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහා සමාජ ජාලා වාරණය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරමින් සිටී. මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි.

නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි. ‘මහසොහොන් බලකාය‘ නමින් තැන්නේකුඹුර නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්‍ර‍චණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී. එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ. ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී. එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍ර‍කාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බව ත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

43,975 Viewers

17 Comments to “සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්‍ෂ 68ක්..”

  1. සමාජජාලා අවහිර කිරීම මේ ආන්ඩුවේ වැඩ බැරි බව මනාවට පෙන්නුම් කරන සාධකයක්. අවුරුදු තුනක් ඩිජිටල් ඇමති කෙනෙක් හිටියා මොනවාද කරේ. පච කථා විතරයි. අඩුම ගනනෙ උප්පැන්න සාහතිකයක් ගන්නත් තවම ඉපදිච්ච නගෙරෙට යන්න ඕනෙ. ඔය වැරදියි කියන ප්‍රචාර කරන්නෙ ඉතාම සුලු කොටසකුයි. හැම සමාජ ජාලයක්ම ජති ආගම් සම්බන්ධ ක්‍රියා වලට විරුද්ධයි. ඕනැම කෙනෙකුට පැමිනිලි කරන්න පුලුවන්. හොරාකන එකයි බලයේ ඉන්න එකයි විතරයි ඔය පඩ කථා කියන රට පාලනය කරන එවුන් කරේ අස්සයා ගියහම කරන එක තම‍යි හැමදාම. මේකත් අර බොන්ඩ් නාඩගම වගේ තමයි. කොල්ලො හතර දෙනෙකුට රස්සාව දීල නවත්තපල්ලා ජතිවාදි අගමික අන්තවාදී ප්‍රචාර කිව්වනම් ඔයිට වඩා හොදට වැඩේ කරනවා. අපිට බන කියන්න ඉස්සෙල්ලා බලපල්ලා ඔය සන්ධානගතවෙලා ඉන්න දේශපාලන පක්ෂ වල නමෙන්ම ජාතිවාධී අන්තවාදී පක්ෂ කියක් චන්දෙ ඉල්ලනවද කියල. පටු දේෂපාලන වාසි වලට සමාජ ජාලා වහලා කරන්න පුලුවන් කජ්ජක් නැහැ.

    • Amda says:

      මහදැනමුත්තයි අගමැට්ටයි ගෝලයො කැබිනට් එකයි !

    • ඇත්ත says:

      මේකත් හරියට බඩගිනියි කියන කොට කට සීල් කරනව වගේ වැඩක්…..

      • Sandy says:

        නෑ. කන්න දීලා පිටවෙන තැන මහනව වගේ වැඩක්

    • Kautilya says:

      The benefits of ethnic violence:

      1. Anti government campaign over the face book is made illegal.
      2. No confidence motion is put to the back burner.
      3. Ranil’s position secured.
      4. The embarrassing defeat of Sirisena hushed up.
      5. Emergency laws clamped down.
      6. Nugegoda rally cancelled.
      7. Anti government wave stopped.
      8 The continuation of M3 and RW regime is guaranteed.

      Who is the beneficiary?

  2. daminda says:

    viddae haawata…..wadunae….?

  3. MAJ says:

    එක් රැකියා විරහිත තරුණයෙක් එදිනෙදා වේල සොයා ගත්තේ Facebook පිටුවක් මාර්ගයෙන් සිය ග්‍රැපික් නිර්මාන විකුනමින් මේ සඳහා ඔහු විවිධ සමාජ මාධ්‍ය සන්න්වේදන ක්‍රමයොදා ගත් අතර අද එම තරුණයාට එදිනෙදා වියදම පවා සොය ගැනීමට අද නොහැකි වි ඇත.
    රටේ සිටින දේශපාලකයින් සහ ඔවුන්ට උපදෙස් දෙන අඥාන රාජ්‍ය නිළධාරින් නොදැන සිටියාට, සමාජ මාධ්‍ය සන්න්වේදන ජාලය විවිධ ආකාරයෙන් මිනිසුන්ගේ ආර්ථිකයට දායක වු අතර ඒය 90% පුද්ගලික අංශයේ දායකත්වයයි. ඉහත සඳහන් තරුණයා රජයට කිසිදු බරක් නැතිව ජීවත් වු තරුණයෙකි.
    ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ නුගත්කම පෙන්වන්නේ ඔවුන් අද මෙම සමාජ-මාධ්‍ය ජාලයට කොපමණ බයයිද කියන කාරණාව මතය. අනිත් අතට ඔවුන් ජනතාවගෙන් පලිගෙන ඇත, ජනතාව අතර අතැම් කොටස්වල එදිනෙදා ජීවන ආදායම් බිද වැටි ඇත. දේශපාලකයන්ට එදිනෙදා වියදම් හෝ මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවය ගැන ගැටලු නැත. ඔවුන් ඉපයිමක යෙදෙන්නේ නැත. ඉහති කී තරුණයා නිෂ්පාදනාත්මක ව මුදල් ඉපැයු තරුණයෙකි. ඇතැම් අවස්ථාවල එම තරුණයා විවිධ විදේශ ආයතන වලින් ඇණවුම් ලබාගෙන විදේශ මුදල් පවා රටට ගෙන ආවේය.
    ප්‍රාදේශීය මට්ටමේ සිට ජනාධිති තණතුර තෙක් සිටින දේශපාලක‍යෝ යනු පරපුටුවන්ය. ඔහු යැපෙන්නෙකි, කැම-බිම, ඉදුම්- හිටුම්, ඇදුම් පැලදුම් ද, හැරුනු විට, දේශපාලකයා බොන අරක්කු විදුරුවද, සිගරට්ටුවට ද “වෙනත් ආතල්” වලට ද සල්ලි ගෙවන්නේ ජනතාවයි. ඔවුන්ට බලය දී මිළ-මුදල් දෙන්නේ ද රටේ ජනතාවයි, ජනතාව ගේ බදු මුදල් වලින් යැපෙන පරපුටු ආණ්ඩුව සහ රාජ්‍ය නිළධාරීන් කළ යුතු වන්නේ ජනතාවගේ අදායම් සුරක්ෂිත කිරීම සහ රටට අවශ්‍ය පහසුකම් සපයා දීමයි. එසේ කළ නොහැකි නම් ඔවුන් රටේ ජනතාවගෙන් පලිනොගෙන සිටිය යුතුයි. සමාජ මාධ්‍ය ජාලය සහ එහි භාවිතය රජය/ආණ්ඩුව සිතනවාට වඩා මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයට සම්බන්ධ වු එකකි. තමන්ගේ දේශපාලන හෙලුව වසාගැනීමට මාධ්‍ය මර්ධනය කලාට වැඩක් නැත.

  4. raja says:

    මේ වැඩබැරි ආණ්ඩුව මේ චන්දෙට පෙර ad දැම්මා මතකද face book නිදහස දුන්නේ අපි කියලා සති කීයද ගියේ

  5. Asaranaya says:

    අතීසාරයට අමුඩේ තදකරගන්ට හදන්න එපෝ! පාලපති තුමනි

  6. Ruwansiri says:

    End of my3 and end of ranil… Use vpn make them fail

  7. රටක් දියුණු වෙන්න එම රටේ භාණ්ඞ සහ සේවා දියුණු වෙන්න ඕනෑ ! මෙම යහපාලන තුප්පහි ආණ්ඩුව
    ජාතික සම්පත් විකුණා ගෙන කනවා ඇර මොනවද රටේ දියුණුව වෙනුවෙන් අලුතෙන් නිපදවලා තෙයෙන්නෙ !.
    බොරුවෙන්, ප්‍රෝඩාවෙන් , ජනතාව රවටා බලය ලබා ගත්ත , මෙම තුප්පහියෝ රැළ , ජනතා මතය වෙනස් කරන්න
    හදන්නේ Face book තහනම් කරලා !

    බලය ගන්න ගොබෙල්ල්ස් මංගලය , වෙනමම ටොම් පච හමුදාවක් Face book හරහා හදලා ,
    මහින්දට එරෙහිව ටොම් පච සමාජය තුල වපුරලා ..බලය උදුරා ගන්න කොට Face book හොදයි.
    වැඩ බැරි ආණ්ඩුවට එරෙහිව ජන මතය ගලා ගෙන යන කොට Face book නරකයි.

    තුහ් නොදකින් පසික්කාඩු යහ පාලනේ !

  8. ජනතා මල්ලි says:

    ලංකාවේ මේ දක්වා සිදුවූ කලකෝලාහල සංවිධානය වී පහරදීම් , ජුලි කලබල , 72 ජවිපෙ ප්‍රහාර සහ LTTE ප්‍රහාර සියල්ලම සංවිධානය වුයේ සමාජ මාධ්‍ය ජාල හරහා බැවින් , ඒවා නැවත ඇතිවීම වැලක්වීමට රජය ගත් පියවර ගැන, අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිමු !

  9. Nandasoma says:

    The benefits of ethnic violence:

    1. Anti government campaign over the face book is made illegal.
    2. No confidence motion is put to the back burner.
    3. Ranil’s position secured.
    4. The embarrassing defeat of Sirisena hushed up.
    5. Emergency laws clamped down.
    6. Nugegoda rally cancelled.
    7. Anti government wave stopped.
    8 The continuation of M3 and RW regime is guaranteed.

    Who is the beneficiary?

  10. sena says:

    headless silly regime ! they themselves never knows what they are doing !

  11. Geetha says:

    Hariyata ratak palanaya karanawa nam monawath thahanam karanna uwamana naha Neethiyakuth naha charayakuth naha idiri dakmakuth naha. Athaharinneth naha.Mala prethayo meeta wada hondai. .

Main News