සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමක්…?

June 6, 2018 at 6:48 pm | lanka C news
සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමක්…?

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය / ෆේස්බුක් පරිවර්තන සමූහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය සමයේ රජය විසින් ජනමාධ්‍ය මර්ධනය විවිධාකාර ක්‍රියාමාර්ග මුවාවෙන් පටන්ගනිමින් ඇති බව පෙනී යයි.විශේෂයෙන්ම පසුගිය දිනවල රටේ ඇතිවුන කලබලකාරී තත්වයකට මුවාවෙන් සමස්ත මුළු මහත් ශ්‍රී ලංකාවටම අවහිර වන පරිදි ෆේස්බුක් ආදී සමාජ වෙබ් අඩවි සතියකට ආසන්න කාලයක් පුරාවටම තහනම් කිරීම දැකගත හැකිය. මෙවර රජය විසින් සමාජ වෙබ් අඩවි පමණක් නොව රූපවාහිනී ජනමාධ්‍යද මර්ධනය කිරීමට පටන්ගෙන ඇතිබව මෑතකදී දැකගැනීමට හැකිය.

පසුගිය සමයේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් හරහා ආන්දෝලනාත්මක කතිකාවතත් අරබා ජනතාවගේ දෑස් සත්‍ය කරා යොමු කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවලක් ගෙනයමින් පැවතුන බවත් එම රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් මගින් පවතින රජයේ අඩුලුහුඩුකම් අමු අමුවේම පෙන්වීම නිසා මෙසේ එම නාලිකාවේ විකාශන කටයුතු නවත්වාලීමට කටයුතු කිරීමට විදුලි සංදේශන හා නියාමන කොමිසන් සභාව විසින් පියවර ගෙන ඇති බවත් දැනගන්නට ලැබේ.

තවද විශේෂයෙන්ම සදහන් කල යුත්තේ ජනතාවගේ තොරතුරු දැනගැනීම අයිතිය ශක්තිමත් කිරීමට මෙම රජය මගින් නව පනතක්ද සම්මතවී ඇති අවස්තාවක මෙම සිදුවීම් හරහා එම පනත උල්ලංගණය වන අයුරින් කටයුතු සිදුවන බවයි.

මෙසේ රජයේ වගකිවයුතු ආයතන මගින් මිනිස් මූලික අයිතිවාසිකම් කඩවීම අප සංවිධානයක් ලෙස තරයේ හෙලා දකිමු.තවද පසුගිය දිනක වත්මන් ජනපති විසින් සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමට යාමක් පිළිබද ප්‍රකාශයක් එක්තරා රැස්වීමකදී ප්‍රකාශ කල ඇති බව දැනගන්නට ලැබේ.

අවසාන වශයෙන් සත්‍ය ප්‍රචාරණය වාරණය කල නොහැකි දෙයක් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමූහය / ෆේස්බුක් පරිවර්තන සමූහය (ශ්‍රී ලංකා)

7,452 Viewers

One Comment to “සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමක්…?”

  1. Open mind says:

    ලණු දෙන එවුන් ඉන්නවා. ඒවා ගිලින්න තරම් පාලකයන් මුග්ධ නම් අපි මොනවා කරන්න ද ?

Main News