සමූහ මිනිස් වලෙන් සිරුරු 104 ක් කොටස් හමුවෙයි.. සිරුරු 96ක කොටස් අංග සම්පූර්ණයි…

August 28, 2018 at 12:40 pm | lanka C news
සමූහ මිනිස් වලෙන් සිරුරු 104 ක් කොටස් හමුවෙයි.. සිරුරු 96ක කොටස් අංග සම්පූර්ණයි…

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ අදාළ සමූහ මිනිවලේ සිදු කරන ලද  කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 104 ක කොටස් හමු වී ඇති අතර සිරුරු 96 ක් සම්පූරණ කොටස් තැන්පත් කොට ඇති බවට  කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වල තුළින් ගොඩගත් සිරුරු 96 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවටයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක නිලධාරීන්,අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 58 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 104 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිලධාරීන් පැවසීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,506 Viewers

One Comment to “සමූහ මිනිස් වලෙන් සිරුරු 104 ක් කොටස් හමුවෙයි.. සිරුරු 96ක කොටස් අංග සම්පූර්ණයි…”

  1. මෝඩ හරක් පොලව හාරන කොට ඔයවගේ දේවල් හමුවෙනවා තමා මැරුනම පොලවේ වලනොදා උඩ තියාගන්නද. මුලු උතුරම හාරපල්ලා දැන් යුද්දෙකුත් නැති එකේ කරන්න දෙයක් තියෙන්න එපාය.

Main News