සයිටම් ගැන යෝජනාවන්ට GMOA පයින් ගහයි.. මහජන කැළඹීම්, රට පුරා උද්ඝෝෂණ..

April 9, 2017 at 12:12 am | lanka C news
සයිටම් ගැන යෝජනාවන්ට GMOA පයින් ගහයි.. මහජන කැළඹීම්, රට පුරා උද්ඝෝෂණ..

සයිටම් වෛද්‍ය උපාධිය ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ඉදිරප්ත කර තිබෙන යෝජනාවලිය සහමුලින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සදහන් කරන්නේ රජය මේ ආකාරයෙන් කටයුතු කලහොත් විශාල මහජන කැළඹිමක් ඇති වී රට පුරා උද්ඝෝෂණ මාලාවක් ඇති වනු ඇති බවයි.

9,025 Viewers

13 Comments to “සයිටම් ගැන යෝජනාවන්ට GMOA පයින් ගහයි.. මහජන කැළඹීම්, රට පුරා උද්ඝෝෂණ..”

  1. GodFather says:

    Doctors are Intelligent than people in Parliment. Be Clever.

  2. asaranaya says:

    දොස්තර මහත්තයෝ ඔබේ සටනට අලියට කඩේ යන “ජෙප්පෝ” ගාව ගන්න එපෝ,එහෙම කොලොත් ඔබලාට මහජන සහායෝගය නැතුව යයි. ලාල් කාන්තය ඔහෙලාගෙ වේදිකාවේ ගිරිය පුප්පන කොට ලප කුමාරයා රනිල් හාමු සමග ඔඩොක්කුවේ, ජෙප්පෝ හදන්නේ අනුන්ගේ පහනින් එලිය බලන්න.,
    ප්‍රවේසමෙන් කටයුතු කරන්න. Handle with care, Jeppoes are very cunning basterds

    • Kamal says:

      .අයි උබ දන්නෙ නැද්ද ජෙප්පොයි ඩොක්කුයි එකම ජාතියෙ සත්තු කියල. ජනතාව මරන එකතමා දෙගොල්ලොම එදා ඉඳන්ම කලේ.

      • කමල් ගෙ බාප්පා says:

        උඹ⁣ට ලෙඩ හැදුන ම Vetnery කට්ටියගෙන් බෙහෙත් ගන්නෙ ඩොක්කු ලෙඩ්ඩු මරනවා කියලා උඹේ අම්ම උඹට කියල දීපු නිසා නේ ද?

        ඇත්ත කතාව මේකයි, අනිත් ළමයි ලෙඩ වුණා ම දොස්තරලා ළඟට අරන් යද්දී උඹව විතරක් ගමේ හරක් වෙදා ළඟට ගෙනියන එක අම්ම කෙනෙක් විදියට ඒ මනුස්සය කොහොම ද දෙය්යනේ තමන් ගෙ ම දරුවට පැහැදිලි කරන්නෙ….

        තාම උඹට ඕක තේරෙන්නෙ නැහැ….කවුරුවත් කියල දෙන එකකු ත් නැහැ…

      • Dushantha says:

        ඩොක්කු කරන්නෙ ජනතාව මරන එක නන්, උන් ස්ට්‍රයික් කරාම හොඳයිනෙ බං එතකොට ජනතාව ජීවත් වෙයිනෙ.

  3. සුභා says:

    පුද්ගලික උපාදි දෙන ආයතනයක ගුරුවරයෙක් වශයෙන් මගේ අදහස නම් මේ සිසුන්ගේ සෑම වසර අවසාන විබාග හා සායනික විබාග නිරීක්ෂණය කිරීමට /පරික්ෂා කිරීමට වෛද්ය සභාවේ අනුමැතිය ලත් ස්වාදීන කමිටුවක් පත්කළ යුතු බවයි .
    මගේ පුද්ගලික අත්දැකීම් පහත දැක්වේ
    උපාදිය ලබා දෙන්නේ පුද්ගලික ආයතනයකින් බැවින්ද සිසුවා එක වසරක් සඳහා අති විශාල මුදලක් වියදම් කරන බැවින්ද බලවත් දෙමාපියන් තම දරුවා යම් කිසි හේතුවකින් වසරක් අසමත් වුවහොත් ඔහුව සමත් කරවාගැනීමට විවිද චෝදනා කරමින් ගුරුවරුන්ට චෝදනා කරමින් ඇතැම් විට නඩු දැමීමට තර්ජනය කරමින් එසේම පුද්ගලිකව ආයතනයේ ඉහලම තනතුරු වලට බලපෑම් කරමින් කටයුතු කරති .මේ හේතුව නිසා ගුරුවරු මෙවැනි කරදර වලින් බේරීම සඳහා සිසුවන් අසමත් වුවත් සමත් කිරීමට කටයුතු කරනු ලැබේ .එසේම ආයතනයේ අයිතිකරු හෝ විදුහල්පති මැදිහත් වී ගුරුවරුන්ට යම් යම් සිසුන් සමත් කිරීමට අණ කරනු ලැබේ.
    ඇතැම් පුද්ගලික උපාදි ආයතන වල සත්‍ය මෙයයි .
    පුද්ගලික ආයතනයක ගුරුවරයෙක් ලෙසද අද්‍යාපනය ලැබීමේ සැමට ඇති අයිතියට ගරිකරන කෙනෙක් ලෙසද මා පුද්ගලික අදයාපනයට කිසිසේත් විරුද්ද නැත නමුත් මගේ හර්දයසාක්ෂියට විරුද්දව අසමත් සිසුන් සමත් කර ඔවුන් උපාදිධාරින් වීම කිසිසේත් අනුමත නොකරමි .

    • Asanka says:

      ඔබේ අත්දැකිම ඔය ක්ශ්ත්‍රයේ ගොඩදෙනෙක්ට තියෙනවා මාද ඇතුලුව.

  4. shantha kuru says:

    go without jvp – will a success

  5. saman says:

    In private sector you cannot expect standard. If you keep standards of exams certain students will fail. Then it will affect their business. Because they have to sit SLMC, act 16 or similar exam at last.

  6. Pathirana says:

    මිනිසුන් මරා කන ‍වෛද්‍ය මාපියාව නැති කල යුතුය GMOA ට ඇති සැම‍‍ගේ ඉ‍ගෙනී‍මේ අයිතිය උදුරා ගැනී‍මේ අයිතිය නැති කල යුතුය සයිටම් වැනි විශ්ව විද්‍යාල රට පුරා ඇති කල යුතුය ‍වෛද්‍ය වරයා යනු වෘර්තික‍යෙක් පමනි දියුනු රටවල් එ‍සේය

    • ජයරත්න මල් ශාලාවේ මාධ්‍ය ප්‍රකාශක says:

      කවුරුවත් මොනවා හරි ඉගෙන ගන්නා එක ගැන GMOA කතා කරන්නේ නැත. SAITM හරහා සිදුවන්නට යන රෝගීන් ගේ ජීවත් විමේ අයිතිය අහිමිවීම ගැන GMOA කතාකරයි. ඒ ගැන කතාකිරීමට GMOA මතුවනවාට ඔබ අකැමැති වුව ත් GMOA ට ඇති එම අයිතිය නැතිකිරීමට අනිත් අයට ඇති අයිතිය කුමක් ද යන්න ද එවැනි ම ප්‍රශ්නයකි.

      සමාජය තුළ පතිරණ වැනි අය බොහෝ සිටිය ද GMOA ට කළ හැකි දෙයින් පැරසිටමෝල් පෙත්තක දෙයක් වත් කිරීමට හැකියාවක් ඔවුන්ට නැත. තිබුණේ නම්, ඔවුන් මේ යෝජනා කළ අයුරින් ම බොහෝ අය ගේ බොහෝ අයිතීන් නැති කරති.

      පතිරණ උන්නැහේට මෙය ඉතා කේස් තත්වයක් සේ වැටහෙන්නේ GMOA ට ඔහුට වඩා බලයක් හෝ හැකියාවක් ඇතැයි ඔහුට වැටහෙන නිසා ය. ඒ ලෝකයේ හැටි ය. උඹ හිත හදා ගනිං ය.

      නැත්නම්, SAITM දොස්තරයෙකු ගෙන් බෙහෙතක් ගනිං ය.

Main News