සයිටම් ලොක්කා සේවක වැටුප් ගෙවීම නවත්වයි.. *** ජනාධිපතිගෙන් හා **** අගමැතිගෙන් පඩි ඉල්ලාගන්නැයි තග දමයි..

August 7, 2018 at 3:25 am | lanka C news
සයිටම් ලොක්කා සේවක වැටුප් ගෙවීම නවත්වයි.. *** ජනාධිපතිගෙන් හා **** අගමැතිගෙන් පඩි ඉල්ලාගන්නැයි තග දමයි..

සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල වෛද්ය පීඨය වෙත යොමු කිරීමෙන් පසු, සයිටම් ආයතනයේ සේවකයින් වෙත පඩි ගෙවීම නතර කිරීමට එහි හිමිකාරීත්වය කටයුතු කර ඇත. මේ හේතුවෙන් දෙසියයකට අධික සේවක පිරිසක් දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.

ජූලි මාසයට අදාල වැටුප් කිසිදු සේවකයෙක් වෙත මෙතෙක් නොගෙවූ නිසා සේවකයින් ඒ සම්බන්ධයෙන් වෛද්ය නෙවිල් ප්රනාන්දුගෙන් විමසීමට කටයුතු කර අැත.

ඒ අවස්ථාවේදී නෙවිල් ප්රනාන්දු මහතා එම සේවකයින්ට පවසා ඇත්තේ, සයිටම් සිසුන් කොතලාවල වෛද්ය පීඨයට යොමු කළ නිසා තමා සයිටම් ආයතනයේ කිසිදු සේවකයෙක් වෙත වැටුප් නොගෙවන බවයි.

ඔහු එම සේවකයින්ට පවසා ඇත්තේ තමාට වැටුප් ගෙවීමට මුදල් නොමැති බවත් වැටුප් අවශ්ය අය **** ජනාධිපතිගෙන් හා *** අගමැතිගෙන් වැටුප් ඉල්ලා ගත යුතුව ඇති බවයි.

කෙසේ නමුත්, සේවකයින් වෙත කිසිදු දැනුම්දීමකින් හෝ සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පටිපාටීන් අනුගමනය නොකර හිතුවක්කාරී ලෙස මෙවැනි තීන්දුවක් ගැනීම පිළිබද සේවකයින් පීඩාවට හා විමතියට පත්ව සිටිති.

සයිටම් සේවකයින් වෙත වැටුප් ගෙවීම සදහා අවශ්ය මුදල් තමා සතුව නොමැති බව නෙවිල් ප්රනාන්දු පැවසුවද මෑතකදී හෝකන්දර ප්රදේශයේ නවීන තාක්ෂණයෙන් යුතු විශාල ප්රමාණයේ බේකරියක් හා බේකරි නිෂ්පාදන අළෙවිසැලක් ආරම්භ කර නෙවිල් ප්රනාන්දුගේ පුද්ගලික මැදිහත්වීමෙන් පවත්වාගෙන යන බව සදහන්.

ඒ සදහා ආයෝජනය කර ඇත්තේ සයිටම් ආයතනය සතුව තිබූ මුදල බවත් ඉතිරි මුදල් පවුලේ සාමාජිකයින් අතරේ ඔවුන්ගේ පුද්ගලික ගිණුම් හරහා බෙදා දීමටද නෙවිල් ප්රනාන්දු මහතා පියවරගෙන ඇත. තවද, සයිටම් සිසුන් ගෙවූ මුදල් වලින් ඔහු විශාල ඉඩම් ප්‍රමාණයක්ද මිලදී ගෙන වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවත්වාගෙන යයි.

මුල්ය හෝ ආයතනික පරිපාලනය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කිසිදු විධිමත් ප්රතිපත්තියක් හෝ නිසි ක්රමවේදයක් අනුගමනය නොකළ නෙවිල් ප්රනාන්දු මහතා, සයිටම් ආයතනය පාලනය කළේ තම හිතුවක්කාරී ක්රමවේදයන් ඔස්සේය.

ආයතනික ප්රමිතිය සම්බන්ධයෙන් දීර්ඝකාලයක් තිස්සේ ප්රශ්න කෙරුණු අතර සයිටම් ආයතනයේ මහමොළකරු වූ දොස්තර සමීර සේනාරත්න මේ වන විට තමාටම වෙඩි තබා ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර, එහි උපකුලපති මහාචාර්ය ආනන්ද සමරසේකර තජිවුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

කෙසේ නමුත්, ඇතැම් ආරංචිමාර්ග පවසන්නේ නෙවිල් ප්රනාන්දු මහතා මේ වන විට දැඩි මානසික රෝගයකින්ද පෙළෙන බවයි. සයිටම් සේවකයින්ගේ ඉරණම මානසික රෝගියකුගේ අත මත පමණක් පත්ව තිබීම තවත් ඛේදවාචකයක ආරම්භයක් වන්නේ සියලු‍ම සේවකයින් දැඩි මුල්ය අර්බුදයන් මධ්යයේ ජීවත්වීම නිසායි.

– SAITM EMPLOYEES

11,735 Viewers

4 Comments to “සයිටම් ලොක්කා සේවක වැටුප් ගෙවීම නවත්වයි.. *** ජනාධිපතිගෙන් හා **** අගමැතිගෙන් පඩි ඉල්ලාගන්නැයි තග දමයි..”

  1. බන්ඩා says:

    සිසුන් න‌‌ොඑන තැනට පත්කල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට ටියුෂන් ගාස්තු ලැබන්න‌ෙ නැහැ. එවිට ස‌ේවක වැටුප් ග‌ෙ‌වන්න බැරි බව න‌ොත‌ේර‌ෙන්න‌ෙ කුහකයන්ට පමණය්. ම‌ෙි අවුරැද්ද‌ෙ ඩ‌ොලර් වලින් ගාස්තු ග‌ෙවා ව‌ෙ‌‌ෙ‌ද්‍ය අධ්‍යාපනය සදහා බිජින් විශ්ව විද්‍යාලයට ලාංකික ව‌ෙ‌‌ෙ‌ද්‍ය ශිෂයයන් සියයකට අධික සංඛ්‍යාවක් ඇතුලු වී ඇති බව ම‌ෙ‌ෙ ය ලියූ අය දන්නවද? ඒ වගමෙ මුදල් ඇති අය සිය ගනනක් ව‌ෙ‌‌ෙද්‍ය අදයාපනය සදහා තම දරැවන් ම‌ේි වන විට ල‌ොව වටා ඇති ව‌ෙ‌නත් රට වලටද යවා ඇත. ඉදිරි කාලය‌ෙදී ඔවුන් සියලු ද‌ෙ‌නාම ලංකාවට පැමින ව‌ෛද්‍ය වරැ ල‌ෙස කටයුතු කරනු ඇත. ඉතින් සය්ටම‌‌ෙ‌ වැහුවායින් යහමින් මුදල් ඇති අයට පාඩුවක් නැත.

  2. Mali says:

    every year lot of students go to foreign universities to study medicine most of them do not have necessary requirement to enter the srilankan medical schools.most had basic 4s or 3 s qualifications.They come back and get the registration to work as MBBS doctors in srilanka.That has been the norm for years.Most of them actually got through post grad exams and working as consultants. But who knows these universities have basic training process covering all the aspects of the medical education.Most study in different language.can one person master a foreign language within one year to understand every aspect of history taking and medical management?Most struggle in the medical school even they have so many years of english education in schools,so how it be possible to someone master chinese or urdu to get a proper history from a local patient?

  3. Mali says:

    Other aspect is forensic medicine epidimiology and certain parasitology and certain diseases and their management aspects are different from country to country and region to region.Medical schools pay attention to the most prevalence diseases and conditions more, directing students education more towards that area.How do you know that these students had enough clinical exposure to the patients? Who witnessed the clinical aspects so closely to understand their exposure especiallly in Russia and China.Most of these students do not reveal the true story. They pretend that they had a excellent trainig.But when questioned the most basic clinical management they could not give proper answers,but when allowed to stay in the ward with other local interns they learnt the skills.But that is the different story when you argue with SAITM and its clinical exposure.

  4. mali says:

    I respect the GMOA but it should have been a different approach towards the SAITM and should have tried best to regulate our thing better and enabling our students to study medicine in Srilanka and preventing our money draining to the countries like Nepal,Bangldesh,India,,.most of them do not have proper medical education even though they got the approval from the WHO. I think GMOA got into the trap of the JVP who is now mostly influe nced by RAW and other western powers who are trying to destroy srilanka as a whole in every aspect culturally,educationally and geologically.Our country is wonderfully the best if you compare the countries in the region, so foreign powers are jealous of this.

Main News