සයිටම් විරෝධීන් සිරියාවට ලිබියාවට යැවිය යුතුයි..- සයිටම් ප‍්‍රධානී නෙවිල් ප‍්‍රනාන්දු

April 11, 2017 at 9:20 am | lanka C news
සයිටම් විරෝධීන් සිරියාවට ලිබියාවට යැවිය යුතුයි..- සයිටම් ප‍්‍රධානී නෙවිල් ප‍්‍රනාන්දු

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස උද්ඝෝෂණ කරන උදවිය රටේ නීතියට ගරු නොකරන නිසා ඔවුන් සිරියාව, ලිබියාව වැනි රටවලට යෑවිය යුතු යෑයි එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ රටේ අහිංසක දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ මිලියන 1600 ක්‌ වැය කරලා. ඒ සඳහා බැංකු ණය පවා ගත්තා. සයිටම් විරෝධී පිරිස මේ විදියට කෑගහන්නේ ඊර්ෂ්‍යාවටයි. ඒ වගේම කුහකකම තියාගෙනයි. මේගොල්ලෝ කියන කියන පදයට නටන්න කවුරුත් සූදානම් නැහැ. ඒගොල්ලෝ මෙච්චර දඟලන්නේ ඇයි කියලා කාටත් තේරෙනවා. රටේ නීතියට පවා ගරු නොකරන මොවුන් සමාජයට මොනවද කරලා තියෙන්නේ. ඔවුන් දැනගන්න ඕනෑ මේ රටේ ආණ්‌ඩුවක්‌ තියෙනවා කියලා. ඒ වගේම රටේ නීතියක්‌ තියෙනවා.

ඔය කෑගසන උදවියගේ වත්කම් සොයා බැලුවොත් මොනවා මොනවා හෙළිවෙයිද කියලා කියන්න බැහැ.

– දිවයින

3,882 Viewers

11 Comments to “සයිටම් විරෝධීන් සිරියාවට ලිබියාවට යැවිය යුතුයි..- සයිටම් ප‍්‍රධානී නෙවිල් ප‍්‍රනාන්දු”

  1. Wijebahu says:

    Well said. sahatika aththa.

    • සුභා says:

      මම පුද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්(සයිටම් නොවේ )
      රාජ්‍ය විශ්වවිද්‍යාල වල උගත් කිසිවෙකු මා මේ කියා ඇති පහත කරුණ නොදනී
      වෛදය අද්යාපනයේ අවම තත්වයන් ගැසට් කිරීමට පෙර මේ කරුණ ගැන අවදානය යොමු කරන්න
      මුදල් බලයෙන් උපාදි ලබනවා කියන අදහස නැතිකළ හැක්කේ එවිටයි එසේම අපේ රාජකාරිය කොන්ද කෙලින් තබාගෙන අපට කල හැක්කේ එවිටයි

      .පුද්ගලික අද්‍යාපනය ලැබීමේදී සිසුවෙක් වෙනුවෙන් දෙමාපියන් එක වසරකට විශාල මුදලක් වියදම් කරනව නමුත් ඇතැම් සිසුන් එතරුම් උනන්දුවෙන් වැඩ නොකිරීම නිසා වසර අවසාන විබාග අසමත් වෙනවා මෙවිට එම සිසුන් තම දෙමාපියන්ට විවිද හේතු දක්වමින් ආයතනයට හා එහි ගුරුවරුන්ට චෝදනා කරනවා මුදල් හදල ඇති එම දෙමාපියන් එවිට ආයතනයේ පාලන අධිකාරියට විත් විවිද බලපෑම් තර්ජන නීති තර්ජන කරනව මෙවිට ආයතනයේ හිමි කරුවන් ,විදුහල්පති වරුන් ගුරුවරුන්ට බලපෑම් කර එම අසමත් සිසුන් සමත් කරන්න අණ කරනවා නැතහොත් විවිද බලපෑම් කරනව.මෙවැනි අවස්ථා මගේ කථිකාචාර්ය දිවියේ පසුගිය වසර විස්ස තුල අනන්තවත් දැක තිබෙනවා .මේ නිසා බොහෝවිට අසමත් වියයුතු සිසුන් වසරින් වසර සමත් වී අවසානයේ උපාදිය ලබාගන්නවා .
      මෙනිසා මගේ යෝජනාව සෑම වසර අවසාන විබාගයකම ප්‍රශ්නපත්‍ර පරික්ෂා කිරීම සඳහා මෙම සෛටම් ආයතනය වෙනුවෙන් වයිදය සභාව උසස්අද්යාපන අමාතයනාශ්යේ සම්බන්ධීකරණය ඇතිව විබාග පරික්ෂණ කමිටුවක් පත්කරන්න .මෙය අනිකුත් විශ්වවිද්‍යාල සඳහාද ඒ ඒ වුර්තිය ආයතන වලින් අනිවාර්යෙන් කලයුතු දෙයක්.ආයතනයේ විබාග ප්‍රශ්න පත්‍ර මේ කමිටුව ලවා පරික්ෂා කරවන්න. මෙවිට මේ ආයතන වල පවතින මේ අයුතු ක්‍රියා නවතිනු ඇත

      • Azhar says:

        True and totally agreed. It’s happening in Sri Lanka. For example Cinec maritime campus is a private body but the final papers are checked at the Ministry of shipping and as well as Orals.

      • VISITING_LECTURER says:

        What you say is correct. In private universities Management does not take staff (lecturer) side if the student is fail and he has money.
        If the student is willing to pay somehow staff has to pass him sooner or later.Creative, talented lecturers cannot do lecture in private universities.

      • සුදර්ශනී says:

        මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත .මගේ දුව මුලින් ඉගෙනගත්ත ආයතනයේ ඔය සිද්දිය ඔය කියන විදියටම උනා .මගේ දුව ගෙ පන්තියේ ළමයි එ සිද්දිය නිසා බොහොම කලකිරුණා වාසනාවට දුව දෙවන වරට උසස් පෙලින් සමත්වෙලා අද රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජීව විද්‍යා උපාදිය කරනව .
        පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි ඒවුනත් මේ රටේ මිනිසුන් අවංක නැති නිසා අනිවාර්යෙන්ම ඒවාගේ විබාග ගැන රජය හොයල බලන්න ඕනා එහෙම නැති උනොත් මේ රටේ නමට උපාදිධාරින් ඇතිවේවි

  2. BARCARDI says:

    SAITUM or Whatever university students need to taken on Merits not on Money. Such methodology need to be created. This person is business minded man. No care about professional ethics.

  3. ජයරත්න මල් ශාලාවේ ප්‍රචාරක අංශය says:

    සයිටම් දොස්තරලා ගෙන් බෙහෙත් ගන්නවාට වඩා ඔය රටවලින් බෙහෙත් ගන්න එක හොඳයි කියන එක වෙන්න ඇති නේද මේ මහත්තයා කියන්නේ…..

  4. බෙම්පියා says:

    අහිංසක දරුවන්ට කොහෙද ලක්ෂ 120ක්!!
    නිකං බොරු නොකිය දැංවත් හෙට අනිද්දා දිහාට යන තැනකටවත් කටයුත්තක් කරගත්තොත් නරකද.
    අහංසක අපෙ හාල් කිලෝවෙනුත් ගන්න බදු මුදලින් මෙයාගෙ පාඩපිට දුවන රෝහල දුවන්නයි.මෙයාගෙ සාක්කුවට නිකම්ම සල්ලි ටික යන්නයි.ඔ්ව කියන්න කොන්ඩෙ බඳින චීන්නුන්ට.

  5. Kamal says:

    පාදෙනියගෙ වත්කම් බැලුවොත් උන්දැට ඔය සයිටම් එක සල්ලි දීල ගන්න පුළුවන්.

    • AluthKade Saita says:

      Nevil seeya is a honest law abiding man. Ask Sameera Senarathna if you don’t believe me

  6. asmmuthiwadaya says:

    මෙම ආයතනය රජයට අරන් ඉන්දියාවට විකුනාපල්ලා. අර මත්තල වරායට කළා වගේ. මේක සම්පුර්ණයෙන්ම අවභාවිතාවක්. ලෝකයේ සෑම රටකම මෙවැනි ආයතන හැදෙනවා. ඕනෙ කරන්නේ ඒවා රජයට පවරා ගැනීම නොව ප්‍රමිතියකට ලක් කිරීමයි. ඉරිසියව මත me ආයතනය පවරා ගන්නවානම් මානුසික හිමිකම් අවලංගු කිරීමක්. ජාතික අපරාදයක්. දේශීය ආයෝජකයන් පාවාදීමක්.මම me ආයතනයේ නෑකම් ඇති අයෙක් නොවෙයි. me ආයතනය වැඩි දියුණූ කල යුතුයි. එය අනාගත පරපුරට කෙරෙන දායාදයක්. බංගලි දොස්තරලා හොඳයි. රුසියන් දොස්තරලා හොඳයි.සිතම් විතරයි හොඳ නැත්තේ.

Main News