සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු…

November 9, 2017 at 8:02 am | lanka C news
සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු…

සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙන බව ජාතික නිදහස් පෙරමුණ බවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු…

මාස නවයක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පෙරට ආ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන මෑත ඉතිහාසයේ සිදු වූ ප‍්‍රබලතම ශිෂ්‍ය සටන බවට පත්ව ඇති බව අවිවාදිත ය. වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු විශ්වවිද්‍යාල සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාව පමණක් නොව, ඔවුන්ගේ දෙමාපියන් ද වෘත්තීය සමිති ව්‍යාපාරය ද මෙම සටනට එක්ව තිබීමෙන් ඒ බව තහවුරු වේ.

මේ සියලූ දෙනා එක්ව සටන් වදින්නේ උතුම් පරමාර්ථයක් පෙරදැරි කර කරගෙන බව පැහැදිලි ය. එනම් අප ජන සමාජය අනාදිමත් කාලයක් තිස්සෙ රැකගෙන ආ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ පරමාර්ථයෙනි.

මෙම ගැටළුවට නිසි විසඳුම් දෙනවා වෙනුවට බලධාරීන් සිදු කරමින් සිටින්නේ එය තවදුරටත් තීව‍්‍ර කරන ප්‍රෝඩාකාරී විසඳුම් පැලැස්තර ඇලවීම ය. එම තත්වය යටතේ මේ වන විට වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ට ප්‍රෝඩාකාරී විසඳුම් වෙනුවට කඩිනම් සැබෑ විසඳුමක් ඉල්ලා මාරාන්තික උපවාසයකට එළඹීමට සිදුව තිබේ.

එවැනි තත්ත්වයක් හමුවේ තවදුරටත් කල් ඇදීමේ පැලැස්තර විසඳුම් වෙනුවට නිදහස් අධ්‍යාපනය සුරැකෙන, කාටත් පිළිගත හැකි විසඳුමකට එළඹෙන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින්නෙමු. එසේම සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදී මේ රටේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකෙන විසඳුමකින් කෙළවර කිරීමට පෙරට එන ලෙස සියලූ ප‍්‍රගතිශීලි ජන කොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

6,373 Viewers

10 Comments to “සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු…”

  1. mahesh says:

    tuition ගිහින් A/L පාස් වෙන්න හොදයි. campus යන කාලෙ A/L කරන උන්ට tuition කරල සල්ලි හොයාගන්න හොදයි, පාස්වෙලා ඇවිත් සල්ලි වලට tuition කරන්නත් හොදයි.අන්තිමට campus out වෙලා full marvelous රටකට පනින්නත් හොදයි.International schools හොඳයි. පුද්ගලික රෝහලුත් හොඳයි. පුද්ගලික
    dispensary හොඳයි.මෙහෙ එකෙක් රට යන්නෙ නතුව මෙහෙ ඉගෙන ගන්න යනකොට හොද නැහැ. උබලට ඔක්කොම හොදයි. කොහෙද බන් තියන නිදහස් අධ්‍යාපනය? සල්ලි තියන උන් ඕනෙනම් කොහෙහරි ගිහින් ඉගෙන ගන්නව. ඒවත් උබලට අවුලක් නැහැනෙ. කවදාවත් ඉස්කෝලෙකට ගිය නැති bus driver කෙනෙකුට පුලුවන් හොදට ඉන්න මිනිස්සු100ක් විතර මරන්න. උබල කියන විදියට මේකෙන් අයින් වෙන දොස්තරල එන්නෙ ලෙඩ්ඩු මරන්න. fight කරපන් මේකෙ තියන ගුනාත්මකබාවය වැඩි කරන්න. වහල දාන්න නෙවෙයි.

  2. AluthKade Saita says:

    මෙච්චර කාලෙකට SAITM විරෝධී සටන හෑල්ලුවට ලක් කල විමලේ එක වර නින්දෙන් අවදි වී කෑ මොර දෙයි

  3. Kamal says:

    අන්න සටන පාවාදීල

  4. Trumph says:

    Past government with MR created this. That time I wrote a comment on this in lankac news. Lot of guys opposed me and blame on me.
    Now when they are opposition. They opposed like nothing.
    Yes we need quality education for money…

  5. Gamarala says:

    Mahesh, it seems still you are having tail.
    Ask mom, who is the farther ? Tutu ins and getting more knowledge is for good education. If you sick , going to see the carpenter /nurse/pharmacist or good doctor? Don’t say umbeeeee.

    • mahesh says:

      1st if u don’t know how to write in English, write in Sinhala., anyway, I have no idea whats the connection between my father and the SAITM. of course if i get sick i go to a doctor. so to become doctor do u have to go to a state university in Sri Lanka. are all the doctors in the world graduated from Lankan universities? are all the medicines , medical tools and high tech. equipment discovered by Srilankans? learn how to talk u a** hole.

    • gamini says:

      උබ art 1ක් නේද? ආ ගොනෝ? අනිත් එවුන්ගෙ වලිග හොයන්න කලින් උබේ එන අන්දෙක වහගනින්.දැන් බ0ගලි, නේපාල්, චීනෙ ඉගෙන ගෙන එන උන්ට අවුලක් නැහැ. මේකයි කටපාඩම් කරල, කොහොමහරි campus ගියහම සමාජෙන් පිලිගැනීමක් තිබ්බ. උබලට ඒක නැතිවෙනවට බයයි. මහ ලොකු සමාජවාදෙ. උබල අනිත් මිනිස්සුන්ව වැඩවස්ම් ක්‍රමයෙ ප්‍රවේනි දාසයො වගෙ උබල ඉස්සරහ වැදවැටෙනකන් බලාගෙන ඉන්නෙ. ඒ ඉස්සර පුතෝ, දැන් campus යන උන්ව සත 5කටවත් ගනන් ගන්නෙ නැහැ.A/L වලින් මිනිස්සුන්ගෙ බුද්දිය මැන්න කාලෙ ගියා. බලපන්කො මොකද වෙන්නෙ කියල. ඔය university ඇත්තටම වහල දාන්න ඕනෙ. 80% විතර art කරන උන්ගෙනුයි, ඉගෙනගෙන රට පනින උන්ගෙනුයි කිසි වැඩක් නැහැ. කාල කන්නි

  6. බන්ඩය්යා says:

    මම විමල්ට චන්දය දුන් කෙනෙක්. නමුත් මෙතනදී මම විමල් සමග එකඟ නැහැ.
    මගේ කවුරැවත් සය්ටමේ නැහැ. මේ කියන්නේ කෙලින් කතාවය්. සය්ටම් අද රටේ දැවෙන ප්‍රශ්ණ වලින් එකක් නෙවෙය්. කොටින්ම සය්ටමේ දේසපාලන ෆුට්බොලයක් නොකර ගත යුතුය්.
    සය්ටම් අහෝසි කරන්න කියන්නේ මහජන මුදලින් නොමිලේ ඉගෙනගන වෙෙද්‍ය වෘර්තියෙන් මුදල් හම්බ කරන සහ හම්බ කරන්න බලාපොරොත්තු වන කන්ඩායමකුය්. ඒ අයගේ උවමනාව මුදල් හම්බ කිරීමට වෙෙද්‍ය ඒකාධිකාරයක් ගොඩ නැගීමය්.
    අද ලංකාවට බටහිර ඉස්පිරිතාල සහ දොස්තරල හොඳටෝම මදි. රටේ පුද්ගලික දිස්පැන්සරි, රෝහල් සහ වෙෙද්‍ය සේවා අායතන බහුල වෙලා තියෙන්නෙ ඒ නිසය්. දොස්තරලා අැතුලු රාජ්‍ය වෘර්තිකයන් තම රජයේ සේවා කාලයෙන් පස්සෙ ඒවායේ වැඩ කර මුදල් හම්බ කරනවා. ඉතින් වෙෙද්‍ය වෘර්තිය ඉගන ගන්න සුදුසු කම් අැති නමුත් ලකුනක් දෙකක් මදි උන ශිෂ්‍යයින් තම මුදල් ගෙවා ඉගෙන ගෙන දොස්තර වෙලා මුදලට වැඩ කලහම රටට නරකද?
    රජය කල යුත්තේ සය්ටම් වසා දැමීම නෙවෙය්: මුදල් අය කර උගන් වන ‘මනිපාල්’ මෙන් තව තවත් ජාතියන්තර වෙෙද්‍ය විද්‍යාල ලංකාවේ විවුර්ත කිරීමය්. සය්ටමේ අධ්‍යාපන හෝ ක්ලිනිකල් හෝ තත්වය පිළිඹද ප්‍රශ්ණයක් තිබේ නම් SLMCය සහ රජය මැදිහත් වී එම අඩු පාඩු නිවැරදි තල යුතුය්. මනිපාල් වැනි පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල මැලේසියාවට, නේපාලයට සහ ඩුබාය් වැනි රට වලට හොඳ නම් අැය් ලංකාවට නරක?

Main News