සයිටම් වෛද්‍ය උපාධිය ගැන අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා..

October 4, 2017 at 4:40 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය ගැන අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා..

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

වෛද්‍ය පීඨයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් ස්වකීය අධ්‍යාපන කටයුතු කරගෙනයාමට සහ දෙමාපියන්ගෙන් වෛද්‍ය ශිෂ්‍යයන් වන තම දූ දරුවන් අධ්‍යාපන කටයුතු වලට යොමු කරන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි අධ්‍යාපනය ලබනු ලබන ශිෂ්‍ය ප්‍රජාව දැනට මාස කීපයක සිට නියැලී සිටින පන්ති වර්ජනයට හේතු වී ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධ අර්බුදය විසදීම සදහා රජය මගින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බව ඔබ දන්නවා ඇතියි සිතමි.
මේ යටතේ අමාත්‍යාංශය මට්ටමින් වෛද්‍ය පීඨාධිපති වරුන්ගේ එකඟතාවය මත විසඳුම් කීපයක් ඉදිරිපත් වූ අතර එම විසඳුම් සදහා සිසු ප්‍රජාවගේ සහ සම්බන්ධිත අනෙකුත් පාර්ශවයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම මත පත් කරනු ලැබූ කමිටුවක් මගින්ද විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබිණි. එමෙන්ම කෙටිකාලීන විසදුම් ලෙස සිසුන්ගේ සහ වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ ඉල්ලීම මත රජය විසින් SAITM ආයතනයට නවක සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත් හිටුවා ඇත.

එමෙන්ම රජය මගින් SAITM ආයතනයේ වර්ථමාන හිමිකාරිත්වය ප්‍රතිව්‍යුහගත කොට එය ලාභ නොලබන ආකාරයේ ආයතනයක් බවට පත් කිරීම සඳහා ද දැනට කටයුතු කරමින් පවතී. මෙම ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස දැනටමත් නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාරීත්වය යටතට ගෙන ඇත. එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතීන් ගැසට් මගින් ප්‍රකාශයටපත්කර නීතිගත කිරීමට දැනටමත් ක්‍රියාකර ඇත. මෙයට අමතරව සියළුම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ උපාධීන් පිළිගැනීම හා ප්‍රමිතීන් සහ තත්වයන් පවත්වාගෙන යාම සම්බන්ධ අධීක්ෂණය සදහා නව ආයතනයක් පිහිටුවීමටද ක්‍රියාකර ඇත.

SAITM ආයතනය මගින් පිරිනමන වෛද්‍ය උපාධිය වෘත්තීමය කටයුතු සඳහා පිළිගැනීම සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් මෙරට ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. උක්ත අධිකරණමය කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලබන තීරණය කුමක් වුවද එය පිළිගැනීම නීතියට ගරු කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමක් වන බව මතක් කර දෙමි. ඒ අනුව ඉදිරි මාස එක හමාරක් වැනි කාලයක් තුල මෙම ගැටළුව සම්බන්ධයෙන් නෛතික විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.

රජය මගින් ගැටළුව විසදිමට යහපත් පසුබිමක් සකස්කර තිබියදීත් අධ්‍යාපන කටයුතු අඩාල කර ගනිමින් දිගින් දිගටම පන්ති වර්ජනයක යෙදිම නුසුදුසු ක්‍රියාවකි. විශේෂයෙන්ම වෛද්‍ය වරයෙකුගේ අධ්‍යාපන කටයුතු සදහා රජය මගින් වාර්ෂිකව රුපියල් මිලියනයකට වැඩි මුදලක් වැය කරනු ලබන අතර ඒ සඳහා රටෙහි ජීවත්වන සියළුම ජනතාවගේ සහභාගීතිවය ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.

මෙම තත්වය හමුවේ දිගින් දිගටම පන්ති වර්ජනය කිරීම පෞද්ගලිකව තමන්ටත් පොදුවේ රටටත් අයහපත් වන බව ඉතා කාරුණිකව මතක් කර දෙනු කැමැත්තෙමි. මෙම තත්වය විචාරශීලීත්වයෙන් යුතුව විමසා බලා රජය මගින් ඉදිරිපත් කර ඇති විසදුම් සදහා සුබදායී ප්‍රතිචාරයක් දක්වා පන්ති වර්ජනය තාවකාලිකව හෝ නවතා දැමීමට ක්‍රියා කරන ලෙස සිසු ප්‍රජාවගෙන් සහ සිසුන්ගේ දෙමව්පියන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. එසේම මෙම ගැටළුවට වර්ථමාන රජය මගින් ලබාදී ඇති විසඳුම් පිළිබඳව සෑහීමට පත් නොවන්නේ නම්‚ අධිකරණය මගින් තීරණයක් ගනු ලැබූ පසු ස්ථීරසාර ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන බවද මෙහිදී සැලකිල්ලට භාජනය කරන ලෙස කාරුණිකව දන්වමි.

අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

6,107 Viewers

6 Comments to “සයිටම් වෛද්‍ය උපාධිය ගැන අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා..”

  1. සිංහල බන්ඩා says:

    ‘සය්ටමේ’ ගැන අධිකරණ දුන්න තීන්දුව ගැන එක විදියකටත් ‘පලාත් සභා’ මැතිවරණය ගැන අධිකරණය දුන්න තින්දුව ගැන තව විදියකටත් කටයුතු කරන්නෙ ‘යහපාලන’ ක්‍රමයටද? ජනතාවට දැන් උඹල තත්තය්. උඹලගෙ දේශපාලනයෙ කාලය අවසන් වී ගෙන යනවා. වැලිකඩ ගිහන් කූරැ ගනින්න ලැහැස්ති වෙයල්ලා. හැමදාහම පොංගල් වානා.

  2. Gamarala says:

    Any bull can be a minister.

  3. දළුවත්ත says:

    අනේ අප්පේ මේ මොන බූරුවෙක් ද අප්පා….
    කවුද මූට ඇමතිකම දුන්න නරියා?

  4. AluthKade Saita says:

    අනේ පලයං මහත්තයෝ යන්න

  5. Dushantha says:

    අනේ පලයන් හොරිඈල්ලයො යන්ඩ. මුන් උසාවියත් කෝළමක් කරගෙන තියෙන්නෙ. මුන්ගෙ වෑඩ හින්ද දෑන් මිනිස්සු උසාවි තීන්දු ගනන් ගන්නෙ නෑ.

Main News