සරත් ෆොන්සේකා දෙවන වතාවටත් හමුදාව පාවා දෙයි..

September 8, 2017 at 3:32 am | lanka C news
සරත් ෆොන්සේකා දෙවන වතාවටත් හමුදාව පාවා දෙයි..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

හිටපු හමුදාපති ඇමෙරිකාවේ ස්ථිර නේවාසික තේරෙන සිංහලෙන් කියනවා නම් පර්මනන්ට් රෙසිඩන්ට් සරත් ෆොන්සේකා ඇමතිතුමා ඉතිහාසයේ දෙවන වරටත් තමන් නායකත්වය ලබා දුන් හමුදාව පාවා දෙමින් බෙදුම්වාදින්ගේ මනදොල සපුරා තිබෙනවා. එතුමා පළමු වරට හමුදාව බෙදුම්වාදින්ට පාවා දුන්නේ සුදු කොඩි කතාවක් කියලා. දෙවන වරට පාවා දුන්නේ ජගත් ජයසූරිය මැතිතුමා යුද අපරාධ සිදු කළා ඒ ගැන තමන් ලග සාක්ෂි තියෙනවා කියලා.

දැන් දෙමළ බෙදුම්වාදින් සහ බටහිර බලවතුන් ලංකාවේ යුද අපරාධ සිදු වුණා කියලා චෝදනා නගන විට එහෙම වුණේ නෑ කියලා අපි කාටවත් තවදුරටත් කියන්න බෑ. මොකද යුධ සමයේ හමුදාවට නායකත්වය දුන්නු කෙනා කියනවා නම් මගේ හමුදාව යුද අපරාධ කළා කියලා පිට අපි නෑ කියන්නේ කොහොමද?

සරත් වීරසේකර මැතිතුමා පසුගිය ජිනීවා මානව හිමිකම් සැසි වාර දෙකක දී ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බවට ඉතාම තාර්කිකව ඔප්පු කළා. එහිදී ඔහු බටහිර බලවතුන් සහ දෙමළ බෙදුම්වාදින් දැවැන්ත අසීරුතාවයකට පත්කළා. නමුත් ඊ ළඟ සැසි වාරයේ දී කොටි එතුමාට කියාවි “ඔබ හිටියේ මුහුදේ. ගොඩබිම යුද අපරාධ වුණා කියලා ගොඩබිම හිටිය හමුදා නායකයා වන ෆොන්සේකා පිලි අරගෙන ඉවරයි. ඒනිසා දැන් ඔබට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියලා. “ එහෙම උනොත් සරත්වීරසේකර මැතිතුමන්ට කටවහගෙන ලංකාවට එන්න වෙනවා.

ප්‍රාදේශීය සභාවකටවත් තේරෙන්න ප්‍රමාණවත් ඡන්දයක් ගන්න බැරි වුණු ෆොන්සේකා මැතිතුමාට මේ ආණ්ඩුව පින් ඇමතිකමක් දුන්නේ මංගල සමරවීර ඇමතිතුමා ජාත්‍යන්තරය ඉදිරියේ පිලිගත් යුධ අපරාද චෝදනා සාධාරණීකරණයට දැයි කියන සාධාරණ සැකය අපට දැන් ඇතිවී තිබෙනවා. එහෙම නොවේ නම් ආණ්ඩුව තමන්ගේ සත් භාවය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුයි. මේ ද්‍රෝහී කතාව කළ ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි.

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි. අපි පිලිගත්තේ නැතත් එයා කියනවා ජගත් ජයසූරිය මැතිතුමා යුද අපරාධ කළා කියලා. එහෙම නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳ ඔහුව අත්අඩංගුවට ගත යුතුයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මාස 13ක් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෙන සිටියේ අපරාධයක තොරතුරු වසන් කළා කියන පදනම් විරහිත චෝදනාව නගලා. ඒ නිසා යුද අපරාධ නොවුණු නිසා රාජද්‍රෝහි වීමට අත්අඩංගුවට ගත යුතුයි. යුද අපරාධ වුණා කියනවා නම් අපරාධයක් සැඟවීම හේතුවෙන් අත්අඩංගුවට ගත යුතුයි. එහෙම බැලුවාම යුද අපරාධ වුණත් නැතත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි.

2010 දී ජනතාව අපෙන් ඇහුව්වේ මහින්ද ජනාධිපතිතුමා ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා. දැන් ජනතාව අපෙන් අහන්නේ ඇයි මහින්ද ජනාධිපතිතුමා ෆොන්සේකාව නිදහස් කලේ කියලා. කාලය මැව් වෙනසක අරුමේ කියලා තමයි මට කියන්න වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

14,084 Viewers

2 Comments to “සරත් ෆොන්සේකා දෙවන වතාවටත් හමුදාව පාවා දෙයි..”

  1. රාහුල කොලුවා says:

    මෙයාගේ කටින් වචන ටික පිට වුනා විතරයි.. අන්න කොටින් එහේ වැඩ පටන් අරං එක්සත් ඡාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් ලියලා යුධ අපරාධ විභාග කරන්න කියලා….. හැබැයි එක කොටියෙක්වත් කොටි සංවිධානය යුධ අපරාධ කලා කියලා මේ වෙන තෙක් කටක් ඇරලා… එහෙම ඇරියා නං අපිටත් තිබ්බා මානව හිමිකම් කොමිසමට ලියන්න… අපේ සිංහළ ඡාතියට වැඩිය දෙමල ඡාතිය ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ අන්න එතෙනදි….

  2. Lolla says:

    මන්ත්‍රී තුමෙනී හොදම scene එක තමයි පොන්සීකා කලවැද්දෙක් වගෙ පොර talks දෙනකොට පිටිපස්සෙ ඉන්න උගේ supporters ලා චූන් වේන හැටි බලන්නකෝ….. නියම පක්කලි set එකක්

Leave a Comment

Main News