සරසවි සිසුන් පිරිසක් බීමතින් යකා නටා ගහගනිති.. සිසුන් 4ක් තුවාල ලබා රෝහලට..

January 12, 2018 at 4:40 pm | lanka C news
සරසවි සිසුන් පිරිසක් බීමතින් යකා නටා ගහගනිති.. සිසුන් 4ක් තුවාල ලබා රෝහලට..

යාපනය සරසවියේ කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් බීමතින් උණුසුම් අයුරින් හැසිරීම හේතුවෙන් එහි සිසුන් සිවු දෙනෙකු තුවාල ලබා යාපනය මහරෝහලට රැගෙනවිත් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අද දින උදෑසන මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමෙන් පසුව යාපනය කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්න වසරේ සිසුන් පිරිසක් සරසවියෙන් එපිට ස්ථානයකදී මත්පැන් පානය කොට පසුව සරසවියට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එම පීඨයේම සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදී ගැනීමකින් සිසුන් සිවු දෙනෙකු තුවාල වී යාපනය රෝහලට රැගෙනවිත් ඇත.

අදාල ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බීමතින් උණුසුම් අයුරින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ගයක් ගැනීමටද යාපනය පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇති අතරම අදාල පහරදී ගැනීම සම්බන්ධයෙන් යාපනය පොලීෂයද පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් අද සවස වන විට තුවාල ලබා ගැනීමට පැමිණි සිසුන් සිවු දෙනාගෙන් සිසුන් දෙදෙනෙකු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව රෝහලට හා රෝහල් පොලීසියටද නොදන්වාම රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර තවත් සිසුන් දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අදාල පහරදී ගැනීම හේතුවෙන් මෙතෙක් යපනය පොලීසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති අතර පහරදී ගැනීම සිදු වී ඇත්තේද දෙමළ සිසුන් දෙපිරිසක් අතරය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,205 Viewers

2 Comments to “සරසවි සිසුන් පිරිසක් බීමතින් යකා නටා ගහගනිති.. සිසුන් 4ක් තුවාල ලබා රෝහලට..”

  1. Gama says:

    ඔය සැරින් සැරේ දකුණට පාට් දැම්මට උනුත් මෙහෙ විශ්ව විද්‍යාල වල ඉන්න එවුන් වගේම අපේ රටේ එවුන්. තරුණ කම එහෙමයි

  2. ලෙබ්බේ says:

    සිසුන් 4ක් තුවාල ලබා රෝහලට..”……..බලන්න දෙයක් නැහැ තුවාල කාරයෝ සිංහල කොල්ලෝ වෙන්න ඇති. ඕවට පොලිසියේ කටයුතු නැහැ.

Main News