සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…

March 3, 2018 at 8:40 am | lanka C news
සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබේ.

අද අලුයම 04.00ට පමණ උන් වහන්සේ අපවත් වී ඇත්තේ කොලඹ පුද්ගලික රෝහලකදීය.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසු වූ උන් වහන්සේ ඇමරිකාවේ රෝහලකද නේවාසික ප‍්‍රතිකාර ගනු ලැබීය.

අපවත් වන විට 54 වැනි වියේ පසු වූ උන් වහන්සේ ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ හිමිකරුද වෙයි.

27,414 Viewers

36 Comments to “සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…”

  1. Prof. උදේනී ජගත්චන්ද්‍ර says:

    අපවත්වී වදාල ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් ට අමා මහ නිවන් සුව
    අත්වේවා!

    • Amda says:

      ජනතාවගේ නුවණැස පෑදූ, ධර්ම ප්‍රචාරය වෙනුවෙන් කැප වුනු පින්වත් ස්වාමීන්වහන්සට උතුම්වූ නිවන් සුව ලැබේවා!

    • පුෂ්ප-එංගලන්තය says:

      මේ මොහොතේදී දහම් ලොවම හඬද්දී නොහඬා ඉන්න ශක්තියක් ධර්මයේ අවබෝධයෙන්ම “බෞද්ධයා” රූපවාහිනී නාලිකාව තුලින් ලොවටම උදා කර දුන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් …. “හංසයෙකු දියෙන් කිරි වෙන් කර ගන්නා” සේ අධර්මය පැතිරී ඇති මේ සමාජ තලයෙන් සද්ධර්මයම මනා කොට අවබෝධ කර …. අප කෙරේ අනුකම්පාවෙන් සිත්තුලට කාවදිනසේ දේශනා කල සද්ධර්මය හෙයින් අපද අවබෝධයෙන්ම සැබෑම බෞද්ධයෝ වන්නට අවස්ථාවක් ලැබුවෙමු. යුරෝපා රටවල කාර්‍ය බහුලව වෙසෙන අපව මේ තරම් ආලෝකයකට කැඳවූ මුන් වහන්සේ කල සේවය සැඟවුණු බුදුමඟෙ සත්‍ය යලි විවර කර පුණ්‍ය සිත් අවධි කිරීමකි!
      මේ මුන් වහන්සේ දෙසූ දහමින් මට අමතක නොවන බිඳක්…..
      “අප සිතට තනියම යන්න දුර ගමනක් තියෙනවා… කයක් නැති සිතක්…. ඒත් සිත රඳවා ගෙන ඉන්නෙ සිරුර කියන අවිනිශ්චිත පෙර කර්ම ගුහාවක…. සිත ධර්මානුකූලව දමනය කරගන්න.. සියලු බැඳීම් ඔබ නොැනුවත්වම ධර්මානු “චුති චිත්තය” කරා යයි…” !!!!

  2. sumedha says:

    A great lost for the country,The service rendered to the country is unmatchable. Niwansapa labewa!

  3. Nim says:

    OBA WAHANSE TA
    NIWAN SUWAYAMA LABEWA.
    NIWAN SUWAYAMA LABEWE //////
    NIWAN SUWAYAMA LABEWE ///////

  4. Pudu says:

    නිවන් සැප ලැබෙවා ඔබ වහන්සේ ට

  5. නිරුක්ති says:

    කරුණාකර අපවත්වී වදාළ දරණාගම හිමියන්ට අපහස වන අන්දමේ කොමෙන්ට් ලියා දමන අයගේ කොමෙන්ට් මෙහි පල නොකරන්න

    • සාධාරණ මිනිසා says:

      අදහස නම් හොඳයි . නමුත් මනුෂ්‍යත්වය නම්

      ඕනෑම කෙනෙකුට අපහාස කිරීම හෙලාදැකීමයි “X” ට අපහාස කරන විට එකග වීමත් “Y” ට අපහාස කරනවිට විරුද්ධ වීමත් මනුෂ්‍යත්වය නොවේ.

      • Amda says:

        @සාධාරණ මිනිසා….
        සර්ව සාධාරණ මනුශ්‍යත්වයක් සමාජයේ තිබෙනවා කියා ඔබතුමා සිතනවාද?
        මේ ස්වාමීන්වහන්ස දේශපාලකයෙකු නොවේ.
        එම නිසා අපහාස කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිම සාධාරණයි.
        ඔබතුමා කිසිම මනුශ්‍යකුට අපහාස වනවා දකින්න කැමති නැත්නම් දේශපාලන වෙබ්සයිට් වලට නොපැමින ධර්මය කෙරෙහි යොමුවීම මැනවි.

      • neil says:

        Fully agree

      • කරුමා says:

        සාධාරණ මිනිසා….
        මේ අවස්ථාවේදී මෙවැන්නක් ඔබ ලිවීම ගැන හුදෙක් ශෝකජනකය…?
        රටක් වැලපෙන ශෝකදායි මොහොතක ඔබ මේ ලියූදෙයින් පිළිඹිඹුවූයේ ඔබට දුන් “තණ” කිරි පෙවු සතාගේ ගුණයයි.

  6. Asoka Liyanage says:

    බුදු දහම ට සහ සියලු ලෝක වාසීන්ට ඔබ වහන්සේ කරන ලද සේවය කිව නොහැකි තරම්. ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා.

  7. HAREDNRA PERERA says:

    a lost for this country 2 valuable priests in short time – can we replace them – may attend nirvana

  8. දයාබර සමිදුනි says:

    පතනෙමු අජරාමර නිවන් සුව.

    • OLU says:

      ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ට නිවන් සුව ලැබේවා!

  9. යෙනුර says:

    ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා!

  10. sri lankan says:

    පින්වත් හිමියන් නැවත ඉතාමත්ම ඉක්මනිම්ම අප අතර ඉපදී බෞද්ධයා රුපවාහිනියෙන්ම බන අසා සිත පහදවාගෙන පැවිදිවී අමාමහ නිවනින් සැනසීම ලබත්වා……..!

  11. SuMa says:

    අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියනි, ඔබ ලොවෙන් ම උතුම් දානය ලෙස බුදු රදුන් වදාළ ධර්ම දානය වෙනුවෙන් ඉටුකළ අමිල සේවය අති මහත්. මෙම සේවාව නිසා සැනහෙන මිනිසුන් ද අති මහත්. මෙම උතුම් පුණ්‍ය ක්‍රියාව නිසා ජනිතවනන කුසල කර්මය ඔබට මතු බවයන්හිදී මෙවන් අකල් මරණවලින් මිදීමටත්, වහ වහා නිර්වාණ අවබෝධය කොට මේ භයානක සසරින් මිදීම පිණිසත් හේතු වාසනා වේවා..

  12. sanru says:

    Oba wahanseta Nivan sepa labewa !

  13. upul shantha fernando says:

    Great Humble Prelate .who did unmatched service to Buddhism , Creating a Buddhist channel to propagate the Buddhist Teachings to the entire World. May you attain Great Nibbana .

  14. sara says:

    Oba wahanse Dharma Danaya wenuwen kala uthum sewaya nisama oba wahanseta Niwanmaga Ruwan Doratu wiwara wewa!.

  15. Kings says:

    It is great loss to the Buddhism. Specially, Sri Lankan Buddhist. And this is essential period of need “BUDDHA PUTHRA” to our country. Your service to spread Buddhism all over the world is unmatchable. May attain NIBBANA.

  16. බුද්ධදාස says:

    මමනම් කියන්නේ, අපි අමුතුවෙන් උත්තමයන් වහසේට නිවන් සුව පැතීම අනවශ්‍යයි, මමත් එසේ පැතුවත්.
    නමුත් අපි අතිපුජ්‍ය සෝම හිමි, සෝභිත හිමි දැන් දරණාගම හිමි. මේවගේ රට, ජාතිය, බෞද්ධ දර්ශණය රැකගන්න, දියුණුවට වැඩකරනන් වනසන ශූක්ෂම, යටිකූට්ටු බලවේග හඳුනාගෙන ඒවාට වැට බැඳිය යුතුයි. අප ඊට වඩා සූක්ෂම විය යුතුයි.
    ඒ උත්තමයන් වහන්සේලා කිරීමට උත්සාහ කල උත්තම දේවල් කිරීමට අප දහස්, දස දහස් ගණනින් පෙළ ගැසිය යුතුයි.
    බුදු රජාණන් වහන්සේ එදා දේශනා කලේත් එයයි. “ධර්මයෙහි හැසිරීම, ප්‍රගුණ කෙරීම මට කරන උතුම්ම ගව්රවයයි”.
    සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහසේලාටත් මේවා පෙනේවා, උන් වහන්සේලාත් මේ රට, නිර්මල බුදු දහම වනසන බලවේග නැවත්වීමට දහස්, දස දහස් ගණනින් ඉදිරිපත්වේවා.
    තෙරුවන් සරණයි!!!

  17. daminda says:

    rata jaathiya melowa niwana lesa sala kuwa himi namakk

  18. Sam says:

    Ane himiyani obawahansege wiyo weema kesenam adahannada? samida newatha wadinu menawi.

  19. Rohan says:

    මන් මේ අපහස කරනවා නෙමෙයි.

    හැබැයි මේ හාමුදුරුවොන්ට කොච්චර මිනිස්සු පින් දුන්නද ඉන්න කාලේ.

    බෞද්ද්‍යයා ටීවී එකේ 50%ක් තිබ්බේ ඔය වැඩේ, ඒ කියන්නේ
    කුසලදම්ම හාමුදුරුවොන්ට පින් දෙන එක තමයි.

    ඉතින් මේකෙන් පෙන්නේ නැද්ද ඔය පින් දෙන වැඩේ කිසි
    තේරුම නැහැ කියලා.

    • ජනක says:

      ඔබ දහම් කරුණු නොදන්නා බව ප්‍රත්‍යක්ෂයි .අපේ සිත්තුල බුදු දහම ගැන සැක ඇතිකිරීමට ඔබට නොහැක්කේ ඔබ පින්දීම සහ පින් ගැනීම කර්ම ශක්තිය වැනි දේ ගැන නොදන්නා කෙනෙක් බව අපහට පැහැදිලි නිසයි .
      සත්‍ය දහම අප සැමට වටහා දෙන්නට තම දිවි නොතකා මහන්සිවූ දරණාගම කුසලධම්ම හිමියන්ට නිවන්සුව පතමු.

    • Boo says:

      කෙනෙකුට පින් දීමෙන් ඒ පින් ලබන පුද්ගලයා මරණයට පත්වීමෙන් වැළකිය නොහැකියි. බුදු දහමේ කියන්නේ උපත සමඟම රැගෙන එන නිත්‍ය දෙය මරණය බවයි. පින් දෙන්නේ මරණය වැළැක්වීමට නොවෙයි, යම් දිනෙක මේ සසරින් එතෙර වීමට උපකාර වීමටයි. රටේ බුදු දහම පිලිබඳ ඇති අල්ප දැනුම හොඳින් පෙන්වන comment එකක් තමයි ඔය.

  20. Notthischange says:

    Oba wahanseta niwan suwa…
    me aanduwa awath hari buddagamata mara henahurek labuwe.

  21. Suren says:

    An erudite Most Venerable monk who rendered a yeoman service , an immeasurable service to Buddhism. Words cannot explain the benefits of the services he set up for the Buddhists. While we all are sad for his demise, from his point of view it is a quicker step close to attain the Bodhi he wished for. May he attain the Supreme Nibbana very soon.

  22. murder says:

    american cia kild him by poitioning!

  23. Saman says:

    Ane. Ape. Haamuruwane adu wayasen apa hera giye. Mokatada
    Oba tumaagen. Bana ahapu mage amma dawasapuraa handaa. Welapenawa
    Oba wahanse. Buduwewaa

  24. බණ්ඩාර says:

    ඔබවහන්සේ මෙරට ජනයාට දුන්නා වූ ධර්මදානයේ මහිමයෙන් නොබෝ කළකින්ම උතුම් වූ ධර්මාවබෝධය කිරීමට වාසනාව ලැබේවා !

  25. Dr Nimal says:

    Oba vahanse yalith me bauddha ratema ipadewa

  26. DAYASIRI says:

    සසුන අඹර ඒකාලෝක කරමින්, බෞද්ධ ජනතාවට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අතිඋදාර සේවයක් කළ, එසේම දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී පරපුටුවන් විසින් ඉතා උපක්‍රමශීලීව කොල්ල කමින් පවතින අපේ සංස්කෘතිය, ප්‍රෞඪ ජාතික උරුමය, මෙන්ම ජාතික ඒකාග්‍රතාවය ආරක්‍ෂා කිරීමේ අපේ යුතුකම වගකීම මෙන්ම ඒ සඳහා භාවිතා කළයුතු උපාය උපක්‍රමයන් පිළිබඳව ජාතිය දැනුවත් කළ අතිපූජ්‍ය දරණාගම කුශල ධම්ම නාහිමියන් වහන්සේට අපි අතිඋතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ මොහොත දක්වා, අපේ ලක්බිම සනසන්නට නැවත වඩිනු මැනවි.

  27. dammika says:

    විශ්ව ධර්මය සර්ව සාදාරණව තීන්දු ලබා දෙයි. අප ඒ දෙස නිශ්චලව බලා හිදිමු.

Main News