සහජීවනය දෝරේ ගලයි… බෞද්ධයන්ටත් ලේක්හවුසියේ කැරොල් අනිවාර්යයි..

December 22, 2017 at 10:40 am | lanka C news
සහජීවනය දෝරේ ගලයි… බෞද්ධයන්ටත් ලේක්හවුසියේ කැරොල් අනිවාර්යයි..

නත්තල් උත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ පැවැත්වීමට නියමිත නත්තල් කැරොල් ප්‍රසංගයට සහභාගී වීම සියලු සේවකයන්ට අනිවාර්ය කර තිබේ.

මෙම මස 22, 23, 24 දිනවල ලේක්හවුස් පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම ප්‍රසංගය නැරැඹීමට කිසිවකුත් නොමැති වෙතැයි මෙම තීන්දුව ගෙන ඇතැයි සේවකයෝ කියති.

අංශ ප්‍රධානීන් ලවා සේවකයන්ට බලපෑම් කරමින් දින තුනම කැරොල් බලන්නට පැමිණෙන බවට සේවකයන්ගේ අත්සන සහිත ලිපි ලබාගැනීමට මේ වන විටත් කටයුතු කරමින් තිබෙන බව ලේක්හවුස් ආරංචි මාර්ග තහවුරු කරයි.

නත්තල වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් සංවිධාන කරන දෙවැනි කැරොල් ප්‍රසංගය මෙය වන අතර දින දෙක තුනකට උඩ දී ආයතනය තුළ ද මෙවැනිම කැරොල් ප්‍රසංගයක් පැවැත්විණි.

ලේක්හවුස් ආයතනය විසින් දිර්ඝ කාලයක් තිස්සේ සංවිධානය කළ ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මෑතකදී නවතා දැමුණේ බෞද්ධ සංගමයේ ද දැඩි විරෝධය නොතකමිනි.

වියදම් අධික බව කියමින් වෙසක් කලාපය නතර කළ පාලකයන් නත්තල් කැරොල් උත්සවවලට මිලියන ගණන් මුදල් වැය ක කිරීම සම්බන්ධයෙන් සේවකයන් දැඩි කලකිරීමට පත්ව ඇත.

දීර්ඝ සති අන්ත නිවාඩුවක් සහිත නත්තල් සමය නිවැසියන් සමඟ ගත කරන්නට නොදී කැරොල් ප්‍රසංගය නැරඹීම සඳහා බලහත්කාරය‍ යොදවමින් සේවකයන්ගේ අකමැත්ත මත ගෙන්වා ගැනීමට ප්‍රධානීන් බලකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට සේවකයෝ සූදානමින් සිටිති.

සාමයේ කුමාරයා වන ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දා අහිංසක සේවක සේවිකාවන් හට බලහත්කාරයෙන් සාමයේ පණිවිඩය ඇස්සවීමට සැලැස්වීම කතෝලික දහමටම කළ නිගාවක් බවත් ආයතනයේ සේවකයෝ කියති.

– FB

6,910 Viewers

3 Comments to “සහජීවනය දෝරේ ගලයි… බෞද්ධයන්ටත් ලේක්හවුසියේ කැරොල් අනිවාර්යයි..”

  1. harshana says:

    දෙදහස් දෙකේ රනිල් වික්කමසිංහ අගමැති වූ වතාවේ අගමැතිගේ නියෝගයෙන් ස්වදේශ ඇමති වියාග්‍රා ජෝන් ඔහු කොළඹ සියලුම වෙළඳ සමාගම් වලට දැනුම් දුන්නා තමුන්ගේ ආයතන ඉදිරිපිට විදිලි බල්බ වලින් සැරසිලි කරන ලෙස ඒ කාර්ය කිරීම සදහා unp සාමාජිකයකු වන නිමල් සුපර් ලයිට් අදිපති නිමල් ට බලය දුන්නා සියලුම ආයතන ඔහුට මුදල් ගෙවා මාර්ගය සැරසුවා විදිලිය රජයෙන් .නිමල් සුපර් ලයිට් කෝටිපතියෙක් උනා නමුත් ඒ සරසිලිකල වර්ෂයේම වෙසක් උත්සවය සැමරීම සිමා කළා තෝරන් දැල්වීම තහනම් කළා විදිලිය අරපිරිමසිම කියල එයට මුලිකත්වය දුන්නේ සිංහල බෞද්ද කරු ජයසුරිය.

    unp කියන්නේ අන්‍යාගමික ආණ්ඩුවක් මේකට චන්දෙ දෙන්නේ රට ජාතිය ආගම ගැන ආදරයක් නැති මිනිස්සු

  2. චන්දිමානි says:

    නීති විරෝධී නියෝගයන්ට අවනත නොවීමේ මූලික හිමිකම සියළු පුරවැසියන්ට හිමිවේ. එවිට එය ලේක්හවුස් සේවකයින්ටත් අදාලවේ.

  3. love nature says:

    වර්ෂ 1865 දී පවත්වන ලද ‘වරාගොඩ වාදය’ මුල්ම වාදයයි. එය බැප්ටිස්‌ මිෂනාරීවරුන් සමග පවත්වන ලද්දකි. එයින් පසු 1866 හුනුපොල නිලමේ ප්‍රමුඛ මිෂනාරීන් සමග ‘උදම්මිට වාදය’ 1871 දී හා බැප්ටිස්‌ හා වැස්‌ලියන් සමාගම් දෙක සමග ‘ගම්පොල වාදයත්’ එම වසරේදීම ‘බද්දේගම වාදයත්’ ජයගෙන ඇත. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ වර්ෂ 1873 අගෝස්‌තු 26, 27 දෙදින පානදුරේදී පැවැත්වූ පානදුරාවාදයයි. මෙය පවත්වන ලද්දේ බෞද්ධ අබෞද්ධ අතිවිශාල ජනකායක්‌ මධ්‍යයේය. කුපිත වූ ප්‍රතිවාදීන් මැද එක ලේ බිඳුවක්‌වත් නොසොල්වා උන්වහන්සේ මේ මහා වාදය ජය ගෙන ඇත.

    ධර්ම පුස්‌තකයත් වමතේ රඳවාගෙන දකුණේ දබරැඟිල්ල ප්‍රතිවාදීන්ට එල්ල කරමින් කේසර සිංහයකු මෙන් උන්වහන්සේ නැගූ හඬ අප රට පමණක්‌ නොව මුළු ලෝකයටම ගිගුම් දුන්නේය. මේ නිසා උන්වහන්සේ මහා වාදීභසිංහයෙක්‌ වූහ. පානදුරාවාදය සම්බුද්ධ ශාසනයේ උන්නතියට හේතු වූවා පමණක්‌ නොව හෙළ දැයේ අභිමානයටද බොහෝ සෙයින් ඉවහල් විය.

Main News