ආසියාවේ ධාන්‍යාගාරයේ සහල් අස්වැන්න 50%ක් වැටේ.. පිටරටින් සහල් ටොන් පන්ලක්‍ෂයක් ගෙන්වයි..

October 12, 2017 at 12:40 pm | lanka C news
ආසියාවේ ධාන්‍යාගාරයේ සහල් අස්වැන්න 50%ක් වැටේ.. පිටරටින් සහල් ටොන් පන්ලක්‍ෂයක් ගෙන්වයි..

සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ හතරක් විදේශයන්ගෙන් ආනයනට කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීමට කැබිනට් විශේෂ අනුකමිටුවක් පත් කිරීමට තීරණය වී ඇත.

මෙතරම් සහල් තොගයක් ආනයනය කරන්නේ මෙවර යල කන්නයේ සහල් අස්වැන්න 50%කින් පමණ පහල බැස ඇති බැවිනි.

පවතින සහල් තොග මෙම වසරේ දෙසැම්බර් තෙක් රටේ ඉල්ලුම සපුරාලිය නොහැකි තත්වයක් මතුව ඇත.

මෙහිදී සතොස මගින් මෙට්‍රික් ටොන් ලක්‍ෂ පහක් ගෙව්වීමට නියමිත අතර දැනටමන් ඉන් මෙට්‍රික් ටොන් 100,000ක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ඇත.

අනුකමිටුවක් පත් කර ඇත්තේ ඉතිරි මෙට්‍රික් ටොන් 400,000 ක සහල් ප්‍රමාණය ගෙන්වීමටයි.

3,372 Viewers

5 Comments to “ආසියාවේ ධාන්‍යාගාරයේ සහල් අස්වැන්න 50%ක් වැටේ.. පිටරටින් සහල් ටොන් පන්ලක්‍ෂයක් ගෙන්වයි..”

  1. sura says:

    සහලින් ස්වයංපෝෂිත, සහල් අතිරික්තයක් තිබුණු , රටක් නේද මේ ????????????????

  2. love nature says:

    සහල් නිෂ්පාදනයෙන් 40% ක්
    බියර් නිෂ්පාදනයට

    ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් සියයට 30%
    ත් 40% ත් අතර ප්රමාණයක් බීර නිෂ්පාදනය
    සදහා එක්තරා ව්යාපාරික ආයතනයක් මිලදී
    ගන්නා බව වාර්තාවේ.

  3. love nature says:

    ගුවන්තොටුපලේ ගබඩා කර තිබු වී, කොටලා මිනිසුන්ට කන්න නොදී ඒවා බියර් හදන්න කොම්පැනියකට අඩුවට දීලා

  4. Mahasona says:

    ගොවියාගෙන් කුණු කොල්ලයට මිලට ගන්නා වී අරක්කු ෆැක්‍ටරී වලට පටවයි ..පාරිභෝගිකයන්ට ගිණි ගාණට හාල් විකුණා මඩි තද කර ගනී … යමපාලනය

  5. CAT says:

    අරලිය සිරිසේනගේ ගබඩා වල ඇති සේරම සහල් ….

Leave a Comment

Main News