සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]

January 9, 2017 at 11:23 pm | lanka C news | ලංකා සී නිවුස්
සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]

යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

26,056 Viewers

17 Comments to “සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]”

  1. සවුදං ජේමා says:

    ලංකාවෙ ජනගහනයෙන් ලක්ෂ 62 කට වැඩිය ගැලපෙන්නෙ කොස්කොල නොව තනකොල සහ පිදුරුය.

  2. neela says:

    කොස් කොළ ජනතාවට කවන්න කලින් මේක කියවල හිටහන්…
    සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ
    http://vigasapuwath.blogspot.com/2016/10/blog-post_977.html

  3. sky says:

    සිරා ගෙ මල්ලිගේ අරලිය හෝටලේට ගියානම් හරි …..
    දුප්පත් ජනතාව දැන් තණකොළ කාපල්ලා ..යහපාලනෙට ජන්දේ දුන්නා නම් ….

  4. උකුස්සා says:

    එළුවෝ හරක් කන කොල වර්ග කන්න යෝජනා කරන මොහුගේ මොලේ අවුල්ද ?කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආහාර හිගය ගැන වග කිවයුතුයි නේද ?
    යහපාලනේ සිටිනේ මොන මෝඩ හරක්ද ?

  5. singha01 says:

    ඇයි තණකොල එපාද ? 62 ලක්ශයක් තණකොල කාපු කට්ටියගෙ නියෝජිතයොනෙ මේ. අපට අනික් ජාති කොලත් කන්න කියන්නෙ ඒගොල්ලොනම් හොඳට චීස්, කේක් කනගමන්. අපූරු වෙනසක් ! සිරි ලංකා ඉල්ලංකා !

  6. Asoka says:

    එන්න එන්නම රට ගල් යුගයට යනවා වගේ. තනකොලත් කන මිනිසුන් ඉන්න රටේ අනිත් කොළ මොකටද ?

    • CAT says:

      කොස්කොළ ඔටුන්නක් දමා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ව ඉක්මනින් එම ධුරයෙන් ඉවත් යුතුයි

  7. anjanam devi says:

    රත්තරනේ හැබැව නේන්නම් …. මුට නරකද ඉටිකොළ කඩදාසි කොළ තණකොළ පුන්නකු කාලම ඉගැන්නුවා ලබන වසරේ . කාපල්ලකො කොස්කොල. නිවිති ගොටු කොළ , මුකුණුවැන්න කන්කුන් ,කොහිල දළු වවාගෙන කියාපන්කෝ . මිනිස්සුන්ට කෙප්ප හරක්ට දෙන කොස් කොළ කන්න කන්න කයන්නේ නැතුව .කොස් දළු නම් කන්න පුළුවන් . කොස් කොළ ? ayyo….හැමදාම මේවා කන්නන පුලුවන්ද හරකෙකෙකුටවත් harao. ගමේ වෙද මහත්තය .කොස් දළු ලෙඩෙකුට kanna කිව්වා නම් අපි පිලි ගන්නවා . ටයි ඇඳන් ෆෑන් එක යට ඉඳන් මේ කරන බුරු කතා කියවන අපට කොස් කොළ තමා කන්න වෙන්නේ . මුන් රට කද්දී . අය්යෝ ශ්‍රී සේන. oon redda pallen perenawaa

    • MAHASONA says:

      ඔහු දෙස බලන විට කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත් කෙනෙක් බව පේනවා
      අපේ රටේ සිටිනේ මිනිස්සු මිසක් ගව,එළු,බැටළු,ආදි කුර සහිත සත්තු නොවේ ….මොහුව මානසික රෝහලකට ඇතුල් කරන්න
      ප්‍රතිකාර නොමිලේ යහපාලනය ගෙවයි

  8. Heenlamaya says:

    punnakku thamayi wediya honda.

  9. රාජපති says:

    ඔක්කොටම ඉස්සර මේ රටේ අංක එකේ පුරවැසියා ලෙස ජනපති සිරිසේන ප්‍රසිද්ද වේදිකාවකදී 
    කොස්කොල කිලෝවක් එක හුස්මට කාල පෙන්විය යුතුයි. එතකොට තමයි එයාගෙ සරලකම 
    ඉස්මතුවෙලා පේන්නෙ.

    • Asoka says:

      ඒ වගේම ගෙදරින් ගේන බත්එක ඔතාගෙන එන කෙහෙල් කොලේ අතුරු පසක් ලෙස ප්‍රසිද්ධියේ
      අනුභව කර පෙන්වන්ඩ පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්!

      • sky says:

        පොළොන්නරුවේ සිරා ගොයියා මුළු රටේම බලය බින්දා….එනිසා කෙසෙල් කොළ නෙමේ තණකොළ කැව්වොත් හොදයි …ඔහු ලොක්කා නිසා පුන්නක්කු කවමු … යහපාලනේ සිරා ගොයියාගේ වැඩ දැක්කලා උතුරේ කොටින්ට ජය මගුල් .. (උන්ට වදිනවනේ)

  10. Rider says:

    ලංකාවේ මිනිස්සුන්ට සාම්ප්‍රදායික ආහාර ගැනවත් අවබෝධයක් නැති කොට , සාම්ප්‍රදායික නොවන කොස් දළු ගැන කියන කොට ඒකට හිනා වෙන එක පුදුමයක් නොවෙයි . හැම දේම කඩෙන් අරගෙන කන්න පුරුදු වෙන්නේ නැතිව ගෙවත්ත ගැන අවධානය යොමු කල යුතුයි.
    අපි වවමු රට නගමු වැඩ පිළිවෙල නැවත ගෙන ආ යුතුය.

  11. JON Bass says:

    Rata kadamu…..Api hademu….themawa niyamayi.

  12. Anura says:

    Minissunta koskola thanakola kanna deela eluwanta harakunta bath kanna demu

  13. Champa says:

    Comment එක ලියන්නත් අමාරුයි. කේන්තිත් යනවා, හිනහත් යනවා.

    මිනිස්සුන්ට කන්න තිබ්බ වී ටික සත්තුන්ට කන්න විකුණලා, දැන් මිනිස්සුන්ට කියනවා සත්තු කන කොළ කන්නලු. නෙද්දකින්, මේ වගේ හරක් ආණ්ඩුවක්.

    ආණ්ඩුවේ අම්බරුවෝ කන්නේ මොනවාද එතකොට? සුපුරුදු විදියට පුන්නක්කු කනවද නැත්නම් අපි වගේ කොළ කන්න වැට අයිනට එනවද?

    කොස් කොළ මම නම් කාලම නැහැ. කොස් කොළ මොන රහද කියලා දැන් එළුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ.

    ඔන්න වෙනස. බත් පතෙන් කොස් කොලේට.

    හෙට උදේට මතක් කරල රනිල්ටයි සිරිසේනටයි හොඳ නාඹර කොස් අතු දෙකක් යවන්න ඕනේ.

    ජනාධිපතිතුමා දෙවන සංවත්සරේ සමරලා තියෙන්නේ වස විස නැති කොස් කොළ promote කරලද?

    මදෑ ඉතින්, දැන් ඉස්කෝලේ පාඩම් පොතුත් වෙනස් කරන්න වෙනවා.

    “ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටි නමුත්, මුහුදක් නැති, කොස් කොලයක හැඩයේ දූපතකි. එහි වැසියන්ගේ ප්‍රධාන ආහාරය කොස් කොළය. අප්‍රේල් මාසයේ මේ රට වැසියෝ නැකතට විළඳ මීපැණි තැවරූ කොස් කොළයක් අනුභව කොට කොස් කොළ අවුරුද්ද සමරති………….. ”

    රට වෙනස් වී ඇති නිසා පරණ ජාතික ගීය allergic අගමැතිවරයා පැරණි ජාතික ගීයට අවමන් නොවෙන විදියට අළුත් ජාතික ගීයක් හදන්නට NGO කාරයෙකුට පැවරීය. මේ ඒ ගීතයයි. (Same tune)

    කොස් කොලයේ මාතා…
    අප කොස්ස් කොස්ස් කොස් කොලයේ මාතා……
    කනෝ….. කනෝ….. කනෝ කනෝ මාතා

    සුන්දර සිරි බරනී………..
    සුරැඳි ගරු කොස් කොලයේ මාතා
    කොස් කොළ කොස් නැටි කොස් කටු පලතුරු
    පිරි ජය භූමිය රම්‍යා

    අපහට සිරි, සැප ගෙන දුන්නා
    කොස් කොලයේ මාතා….
    පිළිගනු මැන අප කොස් කොළ පූජා
    කනෝ කනෝ මාතා………..
    අප කොස්ස්ස්ස් කොස්ස්ස් කොස් කොලයේ මාතා….
    කනෝ කනෝ කනෝ කනෝ මාතා

    ඔබ වේ අප විද්‍යා…….
    ඔබමය අප සත්‍යා……..
    පේරු දානයට කොස් කොළ දුන්නම
    පින් දෙන්නේ කොහොමා

    ඔබ අප ආලෝකේ……
    අපගේ පණු ප්‍රානේ……
    ඔබ අප ජීවය වේ…….
    කොස් කොළ මුක්තිය මේ…..
    කොස් කොලයට පණ දෙමිනේ
    නිතින, රට, වලට අරන් යන්නේ…….
    ඥාන වීර්ය දෙකම නැති අගමැටි
    ජනපති සැරදේවා…..

    එක මවකගෙ දරු කැල බැවිනා…….
    කොස් කොළ කාපල්ලා…….
    බත් වෙනුවට කොස් කොළ දුන් ජනපති
    අගමැටි සැරදේවා….
    අප කොස් කොලයේ මාතා…..
    කනෝ…. කනෝ… කනෝ කනෝ මාතා……..

Leave a Comment

Main News