සළුසල ගොඩනැගිල්ලේ දේශපාලන හිතවතුන් හෝටල් දමයි..

January 7, 2018 at 4:40 pm | lanka C news
සළුසල ගොඩනැගිල්ලේ දේශපාලන හිතවතුන් හෝටල් දමයි..

සළු සල ආයතනයට අයත් තල්ගස්වල පිහිටි කඩ කාමරයක දේශපාලන හිතවතෙක් හෝටලයක් ආරම්භ කර ඇති බව පාරිබෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සළු සල ආයතනයට අයත්  තල්ගස්වල පිහිටි කඩ කාමරයක දේෂපාලන හිතවතෙක් හෝටලයක් දාලා.

සළුසල ආයතනයට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල පිහිටි ලංකා සළුසල ආයතනයට අයත්  ගොඩනැගිල්ලක ගාල්ල ප්‍රදේශයේ දේශපාලන හිතවතෙකු විසින් වසර හතරක සිට හෝටලක් පවත්වාගෙන යනු ලබන අතර ඒ පිලිබදව සළුසල සභාපතිවරයාට අප විසින් පැමිණිලි කලද අද දක්වා කිසිදු ක්‍රියාමාර්ගක් ගෙන නැත.

ඒ අනුව රජයට වූ පාඩුව  රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්නය.(2,400,000.00)ඊට අමතර අදාල පුද්ගලයා විසින් එම ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීමක්ද කර ඇත. රජයේ දේපල අවභාවිතය කීරීමට ඉඩදී නිලධාරීන් බලා සීටී.

යහපාලනය යනු ජනතාවට බදු ගසා ජනතාවගේ සාක්කු සුද්ද කර දේශපාලන හිතවතුන්ගේ සාක්කු පිරවීමද යන්න අප අසමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

5,310 Viewers

2 Comments to “සළුසල ගොඩනැගිල්ලේ දේශපාලන හිතවතුන් හෝටල් දමයි..”

  1. sam says:

    Those days there was a hotel in Tewmple Tree too. What happen to that????

  2. Sriaiyya says:

    Wasara hatarak venakang koheada sir hitiyea? Yahapaalanayata wasara03.eahenam kawda deela tiyannea?sir doap gahalada

Main News