‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..

October 24, 2017 at 3:50 pm | lanka C news
‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..

අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ. Link

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය. Link

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.

එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

14,002 Viewers

11 Comments to “‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..”

  1. පොදු මිනිහා says:

    අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුය.

  2. සමරකෝන් says:

    රනිල් වික්‍රමසිංහ 2001 දි බලයට ඇවිත් කලේත් ඔය ටිකමයි. ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර ගිවිසුමක් මගින් දුන්නා, එදා මංගල සමරවීර රනිල්ට ප්‍රභාකරන්ගේ ඇදුම අන්දලා මැතිවරණය කල එක හරි.

  3. ප්‍රගතිශීලි නීතිඥ මඩුල්ල says:

    අපි අනිවාර්යයෙන්ම මේ අසාධාරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා.

  4. ග්‍රාමාරක්ෂක says:

    මේ සියල්ලම පිටුපස මැකෝගේ සහෝදරයා වන සුනන්ද දේශප්‍රිය ඉන්නේ.

  5. කරු says:

    දණෙන් පහළ නොවේ ඔලුවට ම වෙඩි තබන්නැයි අණ දුන් කොසාරිස් සුනන්දගෙ මල්ලි බව කවුද නොදන්නෙ? රවි කරු යුන්පී වේදිකාවෙ මැතිවරණ තුරුම්පුවක් ලෙසින් කොත්තමල්ලි වැනි දේවල්වල මිල අඩුකරද්දි මෙම උතුම් කොමසාරිස්ගෙ දෙකොණ හාවෙලා තිබුණෙ! හැබැයි ජනපතිවරණෙ කාලෙ මහින්ද මහත්තයගෙ කිරිඅම්මා වරුන්ගේ දානයක් පවා මේ උන්නැහැ තහනම් කළා! ඒ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා! ඉතිහාසය සියල්ල තීරණය කරාවි! මෙයාගෙ බෑයා, සුනන්ද රටින් පැන්නෙ න්ජීඕ සල්ලි වන්චාවකට අනික් න්ජීඔ කපුටු රෑන නඩුදාන්ඩ හදපු වෙලවෙ! පිටරටදි දේශපාලන රැකවරණ ඉල්ලන්නෙ සහ ලැබෙන්නෙ ලන්කාවෙදි මහින්ද සුනන්දගෙ මානව හිමිකම් උල්ලන්ගනය කළ නිසාලු!

  6. පිංපඩිසේන says:

    පිනට පඩි නොකා හැඳිගෑවිලාම පල.

  7. Sirisena Yatawara says:

    This man of Election Commission- Chairmen has betrayed right to vote is the basic pillar of Sovereignty of Democratic People of Sri Lankan.
    His responsibility and accountability of as Chairmen cannot escape from the punishment of history?
    We demand his leave as an earliest possible date?

  8. asaranaya says:

    හලෝ පින්පඩි කන්නේ නැතුව ඉල්ලා අස්වෙයන් බන්. උඹ හරි සුදු අලියෙක් බන්., කොටි සුනන්දගෙ සහෝදරයානොවැ, කෙවුල් කළවැද්දගෙ නෑ පරපුරේ මිනිස්යු,
    මූත් හරියට ආන්ඩුවෙන් අස්වෙනවා කිය කිය ඉන්න ස්‍රි ලන්කා කාරයෝ වගෙ, රස කරකර කන්නම ආසයි නේද රැවුල් බාප්පේ

  9. Des says:

    නුවර එළිය දිස්ත්‍රිකය වතු දෙමළාටම අයිතිවෙලා. ඉන්දියාව මානබලමින් සිටින්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් කරන්න. ඉදිරියෙදි ඉන්දිය සම්බවයක් ඇති වතු දෙමලු ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා.

  10. Kings says:

    මේ වගේ රට කෑලි කෑලි කඩන පරයන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය ලඟදීම පල දෙනව. තොපි සේරම පනුවො ගහල කුනුවෙල විඳවල මැරෙන්න කියල සාප කරනව.

  11. bandara says:

    200,000 ක් සිටින නුවරඑළිය සහ අඹගමුව සඳහා ප්‍රාදේශීය සභා 2,ප්‍රාදේශීය සභා 5ක් දක්වා වැඩිකරනවා නම් , 700,000 ක් සිටින හෝමාගම,මහරගම,කඩුවෙල,කැස්බෑව මොරටුව යන සභා 5,සභා 15ක් දක්වා වැඩි කරන්න සුදානම්ද ???.ගම්පහ දිස්ත්‍රික්කයේ සභා 90%ක්, එක් සභාවක 100.000 ට වඩා සිටිනවා .කොළොඹ නගර සභාව චන්ද 400,000 කි මෙවායේත් සභා වැඩිකරනාවද ??? මේ සුළු ජාතික පක්ෂ වලට ඕන ඕන විදියට මේ ආණ්ඩුව නටනවද ? පළාත් සභාවට ජනතාව පත් කරන මන්ත්‍රී සංක්‍ය ව සහ පක්ෂය විසින් පත් කරන මන්ත්‍රී සන්ක්යාව 50% ට 50% කරගත්තෙත් මේ සුළු ජාතික පක්ෂ්නේද? සුළු ජාතීන්ගේ චන්ද බලාගෙන කරන මේ නාඩගම නැවැත්විය යුතුයි .

Main News