ස්වාධීන විගණන කොමිසන් සභාවේ සාමාජිකයෝ දිවුරුම් දෙති…

August 10, 2018 at 2:10 am | lanka C news
ස්වාධීන විගණන කොමිසන් සභාවේ සාමාජිකයෝ දිවුරුම් දෙති…

ස්වාධීන විගණන සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකායෝ ((09) පස්වරුවේ කථානායක කරු ජයසුරිය මහතා හමුවේ දිවුරුම් දුන්හ.

එහි සභාපතිවරයා ලෙස ගාමිණි විජේසිංහ මහතා (විගණකාධිපති), හිටපු අභියාචනාධීකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වි.කන්දසාමි, අයි.ජී.ගාමිණි අබේරත්න, සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු ඇතුලත්වෙති.

පාර්ලිමේන්තු වැඩ බලන මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

– කතානායක මාධ්‍ය අංශය

1,866 Viewers

Leave a Comment

Main News