සාම්පූර් චෛත්‍ය ඩෝසර් කර ඇත්තේ කෝවිල් කමිටුවෙන්… හතර දෙනෙක්‌ රිමාන්ඩ්…

January 3, 2018 at 2:10 pm | lanka C news
සාම්පූර් චෛත්‍ය ඩෝසර් කර ඇත්තේ කෝවිල් කමිටුවෙන්… හතර දෙනෙක්‌ රිමාන්ඩ්…

සාම්පූර් ඉපැරණි චෛත්‍ය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා හෙට (04 වැනිදා) දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතූර් දිසා විනිසුරුවරයා පෙරේදා (01 වැනිදා) නියෝග කළේය.

මෙම ඉපැරණි චෛත ඩෝසර් කර විනාශ කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ එම චෛත්‍ය පිහිටි භූමියේ පවත්වාගෙන යන කෝවිලේ සංවර්ධන කමිටුවේ නිලධාරීන් බව පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළිවී තිබේ.

මෙහිදී රක්‌ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර එම කෝවිල් කමිටුවේ සභාපති චිත්‍රවේල් ජෙගදීෂ්වරන්, එහි ලේකම් දේවරාජා නිගන්දර්, භාණ්‌ඩාගාරික රත්නම්චන්ද්‍ර මෝහන් සහ චෛත්‍ය විනාශ කළ ඩෝසරයේ රියෑදුරු ධනුෂ්ක චන්දන යන අය සිටින බව පොලිසිය පවසයි.

සාම්පූර් ඉපැරණි චෛත්‍ය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඉන් තිදෙනකු මුතූර් අධිකරණය මගින් ඇප මත මුදාහැර ඇත.

මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සාම්පූර් පොලිසිය විමර්ශන කරගෙන යද්දී ඊට සම්බනධ සැකකරුවන් පෙරේදා පෙරවරුවේ පොලිසිය වෙත භාර වී තිබිණි. පසුව ඔවුන් මුතූර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

සාම්පූර් කෝවිල් කමිටුවේ තීරණයක්‌ මත මෙම චෛත්‍ය මෙසේ ඩෝසර් කර විනාශ කර ඇති බව පොලිසිය පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කපිල කඩුපිsටිය, සහකාර පොලිස්‌ අධිකාරි බුද්ධික මනතුංග යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ සාම්පූර් පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

– Divaina

12,742 Viewers

6 Comments to “සාම්පූර් චෛත්‍ය ඩෝසර් කර ඇත්තේ කෝවිල් කමිටුවෙන්… හතර දෙනෙක්‌ රිමාන්ඩ්…”

  1. Saman Madampe says:

    Give them all maximum punushment and also make a new Chaithya in that place. Stupid Tamil racists.

  2. pracharaya says:

    මෙවැනි දේවලට රජය මගින් ජාත්‍යන්තර ප්‍රචාරයක් ලබාදිය යුතුයි. යුද්දෙදි මැරුණු මිනිස්සුන්ට හමුදාව මිනීමරුවා කියල ප්‍රචාරය කරන කට්ටියනේ මේ.

  3. kamalasirikuruwita says:

    එදිරිවාදීකමින් සහජීවනය ඇතිකළ නොහැකි බව මේ අපරාධය කරපු කෝවිලේ මණ්ඩලයට කියා දිය යුතුය . මොකද මොවුන් ඒ තරම්ම මෝඩ නිසාය. මේ ලෝකයේ සහජීවනයෙන් ඉන්නට පහසුම ජාතිය සිංහලයන්ය. ඔවුනට ඒ හැකියාව බුදු දහමින් ලැබී ඇත. නමුත් මේ තත්වය යොදා ගනිමින් ඔවුන් රැවටීම අන් ජාතින් විසින් නොකළ යුතුය. එසේ කරන්න් නම් එය සහ ගහන මහා අපරාධයකි

  4. Ashen says:

    Koowil kamituwata kohenda mechchara balayak

  5. apoi says:

    තව අප්‍රස්ද්දියේ කරන විනසකිරීම් කොපමණ ඇද්ද! මේවා ආරක්ෂක අන්ස වලට භාර දෙනකම්ම ඕව වේවි.පළාත් සභා වලට බලය දීල මධ්‍යම ආණ්ඩුවෙන් නිදහස් කලොත් කොහොම හීටීවිද !කොහොම හරි නව ව්‍යවස්ථාව අනුමත කරන්න තියෙන්නේ!!!!!! බටහිරට ආවඩන ,ජන්මයක් නැති නායකයෝ අවොත් ඉවරයි.

  6. kamal says:

    crazy tamils in SL why hate buddhisam

Main News