සාමාන්‍ය පෙළ විභාගය අසමත් දුකින් දැරියක් ලිදට පැන සියදිවි නසාගනී..

March 29, 2018 at 5:30 pm | lanka C news
සාමාන්‍ය පෙළ විභාගය අසමත් දුකින් දැරියක් ලිදට පැන සියදිවි නසාගනී..

මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේදී 2017 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවියක් අද (29) අළුයම ළිඳට පැන සියදිවි හානි කරගෙන ඇතයි පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේ මෙසේ සියදිවිහානිකරගෙන ඇත්තේ මුලතිව් වල්ලිපුලම් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ශාන්තලිංගම් ආශියා නැමති සිසුවියක් බවටයි.

සිසුවියගේ පියා යුද සමයේදී බෝම්බයකට හසුව මිය ගොස් ඇති හෙයින් ඇයගේ මව වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මේ හේතුව නිසා සිසුවිය ජීවත්ව ඇත්තේ ඇයගේ මිත්තනිය සමීපයේය.

කෙසේ වෙතත් ඊයේ (28) රාත්‍රිෙය් විභාග ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිට ඉතා දුකින් රාත්‍රිය ගෙවූ බවටත් අද උදෑසන නිවසේ නොසිටි හෙයින් විපරම් කොට බැලීමේදී ගෙවත්තේ පිහිටි ළිඳට පැන ඇති බවට ලකුණු පහල වීම හේතුවෙන් අසල් වැසියන් හා එක්ව පරික්ෂා කිරීමේදී සිසුවියගේ මළ සිරුර හමු වූ බවට මිය ගිය සිසුවියගේ මිත්තනිය විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට පවසා ඇත.

අදාල සියදිවි හානිකරගැනීම සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,428 Viewers

One Comment to “සාමාන්‍ය පෙළ විභාගය අසමත් දුකින් දැරියක් ලිදට පැන සියදිවි නසාගනී..”

  1. Tharanga says:

    අයියෝ මෝඩ කෙල්ලෙක්. අපි මේ කෙල්ලෙක් නැතිව වේලෙනවා.

Main News