සාර්ක් වෛද්‍ය ව්ශ්ව ව්ද්‍යාලයට නායකත්වය සපයන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්…

July 30, 2017 at 2:07 am | lanka C news
සාර්ක් වෛද්‍ය ව්ශ්ව ව්ද්‍යාලයට නායකත්වය සපයන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්…

සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමෙි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැව්න් ඒ සදහා පුර්ණ නායකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී 29 දින ආරම්භ කෙරුනු 06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප්‍රකාශ කළේය.

‘දකුණු ආසියානු රටවල් මුහුණ දී ඇති ගැටළු රැසක් පවතිනවා. ඒ පිළිබදව පසුගිය දෙදින පැවැත් වූ ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීමෙි දී ද අවධානය යොමු කරමින් අනාගත ව්සදුම් යෝජනා කෙරුනා. දකුණු ආසියානු රටවල බිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය ජනගහනය වැඩි රටවල් අතර ප්‍රමුඛස්ථානය උසුලනවා. බෝනොවන රෝග, මන්දපෝෂණය, ක්ෂය රෝගය, අප රටවල් මුහුණ දී ඇති ගැටළු වනවා. ජනගහනයෙන් සියයට 32 ක් ක්ෂය රේගයට ගෙදුරු වී ඇති අතර වාර්ෂිකව මිලියන 3.1 ක් එම රෝගයට ගොදුරුව පීඩා ව්දිනවා. මෙි පිළිබදව අවධානය යොමු කළ කළ යුතුයි. මැලේරියාව තුරන් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව හා මාලදිවයින ලෝක සෞඛ්‍ය සංව්ධානය ව්සින් නම් කර තිඛෙනවා. නමුත් සංක්‍රමණිකයින් හේතුවෙන් ව්ව්ධ රෝගාබාධ වලට අප කළාපිය ජනතාව ගොදුරුවන බව කිව යුතුයි. දකුණු ආසියානු කළාපයේ දිශානතිය නව මානයකට යොමු කරමින් මුහුණ දී ඇති ගැටළු වලට ව්සදුම් සෙව්ය යුතුයි. කළාපයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලමින් කාන්තා අයිතීන් සුරැකිය යුතුයි. බෝවන රෝග අඩු වුව ද, බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරිමට රටවල් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව මෙි සදහා ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, ඊට නායකත්වය සපයමින් බෝනොවන රෝග අවම කිරීෙමි වැඩපිළිවෙලක් දියත්කර ඇත. එය අප සතු ශක්තියකි. රටවල් මුහුණ දී ඇති අභියෝග, බාධක, හදුනා ගනිමින් මෙවර සමුළුවේදී ජනතාවගේ සෞඛ්‍ය සේවා නංවාලීම සදහා වැදගත් තීන්දු තීරණ ගත යුතුය.

– ප‍්‍රසන්න අධිකාරී

998 Viewers

One Comment to “සාර්ක් වෛද්‍ය ව්ශ්ව ව්ද්‍යාලයට නායකත්වය සපයන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්…”

  1. Karu says:

    මේ නරියගෙ කට පේන්න පිංතූර පත්තරේ දාන්න එපා. පත්තරෙත් ගඳයි

Main News