සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහලේ…

May 6, 2018 at 8:02 am | lanka C news
සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහලේ…

යාපනය කයිට්ස් පොලිස් වසමට අයත් නාරන්තනෙයි ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේදී සැකකරුගේ ප්‍රහාරයෙකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයෙකු යාපනය රෝහලට ඇතුලත් කල බවට කයිට්ස් පොලීෂිය කියා සිටියේය.

නාරන්තනෙයි මධ්‍යම ප්‍රදේශයේ පදිංචි තල් රා මදින්නෙකු වූ රේගන් නැමත්තෙකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට උපපොලිස් පරික්ෂක වරයෙකු ඇතුලු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු ගොස් ඇති අතර පසුව සැකකාර රේගන් නැමත්තා අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ දරා ඇති අතර එහිදී සැකකරු අතැතිව තිබූ තියුණු ආයුදයකින් පොලිස් කොස්තාපල් වරයාගේ කකුලට පහර එල්ල කිරීමෙන් පලා ගොස් ඇත.

සැකකරුගේ පහරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතරම පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,867 Viewers
Main News