සැප බස්වලින් කේරල ගංජා කොළඹට..

June 17, 2018 at 5:30 pm | lanka C news
සැප බස්වලින් කේරල ගංජා කොළඹට..

යාපනය සිට කොළඹ දක්වා ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථයකින් කේරල ගංජා කිලෝ 8 ග්‍රෑම් 560 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවෙක් වව්නියාව පුලුයන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.

පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුපුල් විධානගේ මහතාට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යාපනය සිටි කොළඹ දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගි බස් රථයක් ඊයේ රාත්‍රියේ පරික්ෂාවට ලක් කොට ඇති අතර එහිදී බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ බෑගයක් තුල තිබියදී අදාල කේරළ ගංජා තොගය එම පුද්ගලයාද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කතරගම ප්‍රදේශයේ පදිංචි සිංහල අයෙකු වන අතර මෙම පුද්ගලයා කාලයක සිට මෙම ජාවාරම මෙලෙසින් සුඛෝපභෝගී බස් රථ මාර්ගයෙන් ප්‍රවාහනය කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,243 Viewers

3 Comments to “සැප බස්වලින් කේරල ගංජා කොළඹට..”

  1. chairman says:

    Please send the bus number.

    • මැට්ටා says:

      හා

    • "කේරල-මාමා" says:

      ආසියාවෙම ගංජා ගබඩාව මුතු ඇටය ලංකාවයි
      රටින් පාර්සල් ගියවිට නිතර සෙවීමෙ ඉල්ලංකයි
      සිසුන්ගෙ පාර්සල් ඔස්ට්‍රේලියාවෙ නිතර සොයයි
      මෙය මකා දමන්නට රජය කිසි දෙයක් නොකරයි

Main News