සැමියා ගුරුවරිය මරා කවරයක දමා මොරගහකන්ද ජලාශයට විසි කරයි..

August 20, 2018 at 3:30 am | lanka C news
සැමියා ගුරුවරිය මරා කවරයක දමා මොරගහකන්ද ජලාශයට විසි කරයි..

පොලොන්නරුව ගල්කඹරාව නිශ්ශංකමල්ලපුර ගමේ පදිංචිව සිටි රූමත් ගුරුවරියක්වු මනොහාරි හසන්තිකා එක් දරු මවකි. ඇය පොලෙන්නරුවේ ප්‍රකට පාසලක ගුරුවරියක් විය.

ඇය පසුගිය ජුනි 21 දින සිට නිවසින් අතුරුදහන් බව පොලොන්නරුව පොලිසියට පැමිනිල්ලක් ආවේ ඇගේ ස්වාමිපුරුෂයාගෙනි. අය කුඩා දියණිකගේ මවක් විය.

ඇයගේ අතුරුදහන් විමෙන් ටික දිනකට පුසු ඇගේ ස්වාමි පුරුෂයා පොලොන්නරුව පොලිසියට සිදුකල පාපොච්චාරණයකට අනව මොරගහකන්ද නැරබුම් මධ්‍යස්ථානය අසල ලදු කැලැවේ තිබි නරක්වු මල සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලද්දේ අධිකරණ තින්දුවක් අනුවය.

පුනි 21 නිවසේදි ස්වාමිපුරුයා අතින් මරණයට පත්වු ඇයගේ නිසල සිරුර මොරගහකන්ද ජලාශය නරබන්න ඉදිකොට ඇති නැරබුම් මධ්‍යෂ්ථානයය අසලින් ජලාශට දමන ලද්දේ එය සදාකාලිකව රහසක් හැටියට තියා ගන්න හිතාගෙන වුවද ඔහුට අපරාදය සගවාගෙන ඉන්න හැකිව ඇත්තේ මාස දෙකක් පමණ කාලයක් පමණි.

ඔහු පොලොන්නරුව පොලිසියට ගොස් සියල්ල කියන ලද්දේ ඔහු කල මහා පාපකාරි අපරාධයට දඩුවම් විදිමෙන් යම් මානසික නිදහසක් ලබාගන්න විය හැක.

කේසේ වුවද පොලොන්නරුවේන් අරුදහන්ව මාස 2කට පසු මොරගහකන්ද ජලාශයේ රක්ෂිතයේන් හමුවු මළසිරුර පොලොන්නරුවේ ගුරුතුමිගේ මරණය පිලිබදව පස් මරණ පිරික්ෂණය සිදු කිරිමට නියමිතය. සිද්ධිය පිලිබදව පොලෙන්නරුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– මහින්ද දඹුල්ල

15,215 Viewers
Main News