සිංගප්පූරුවේදී ඩොලර් අරන් පැත්ත මාරු කල ගල් අඟුරු වංචාවේ මහ මොළකරු බැදුම්කර මුදල් අරන්ද..

June 4, 2018 at 4:40 pm | lanka C news
සිංගප්පූරුවේදී ඩොලර් අරන් පැත්ත මාරු කල ගල් අඟුරු වංචාවේ මහ මොළකරු බැදුම්කර මුදල් අරන්ද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගන්න ඇතැයි සැක හිතෙන මන්ත්‍රිවරුන් ලබා දෙන ශාන්තුවර උපාසක පිලිතුරු දෙස බැලුවාම පුදුම හිතෙනවා. පසුගිය ජනපතිවරණ කාලයේ සිංගප්පූරු ගිහින් ඩොලර් වලින් පැත්ත මාරු කිරීමට මුදල් ලබා ගත් බවට චෝදනා ලැබූ ගල් අඟුරු වංචාවේ මහ මොළකරුගෙන් ඔබත් මුදල් ලබා ගත්තා ද කියා මාධ්‍යවේදීන් ඇසුවාම “ඔබට ලැජ්ජා නැද්ද මගෙන් මෙහෙම අහන්න“ කියා අසා “ඔබත් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තා“ දැයි මාධ්‍යවේදියාගෙන් පෙරලා ප්‍රශ්න කරනවා. මේ යන විධියට ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් ගණන දෙකකට වඩා ඉහළ යන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. එහෙම නම් ඉතුරු 116 අතුරුදහන් වුණේ කොහොමද? හුදු මාධ්‍ය වලට කරන ප්‍රකාශ නිසා සමහර මන්ත්‍රිවරුන් බොරු කියන බවයි මගේ අදහස.

ඒ නිසා තමන් ඇලෝසියස්ගෙන් කිසිම දවසක මුදල් ගත්තේ නැති බව නිශ්චිතව සඳහන් කළ හැක්කේ දිවුරුම් ප්‍රකාශයකින් පමණයි. මොකද දිවුරුම් ප්‍රකාශයක් හරහා බොරුවක් කිව්වොත් වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. සමහරුන් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මුදල් ගත්තේ නැහැ කියා කියනවා. තවත් සමහර අය පර්පෙචුවල් ටෙෂරිස් සමාගමෙන් මුදල් ගත්තේ නෑ කියනවා. බැලින්නම් සල්ලි බෙදලා තියෙන්නේ පර්පෙචුවල් ටෙෂරීස් සමාගෙමන් නෙවෙයි පැත්තක තියන වෙනත් සමාගම් වලින්. දැනට මුදල් ලබාගත්තා කියලා පිළිගත්ත මන්ත්‍රීවරයෙකුට මුදල් ලබා දීලා තියෙන්නේ අපි අහලවත් නැති සමාගමකින්. ඒ නිසා මේ උත්තරය නිශ්චිත වෙන්න ඕනි.

ඒ අනුව අද දින මම මේ ආකාරයෙන් දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ අත්සන් කළා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කළ සීමිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ එහි පාලක, පාලිත සමාගමකින් හෝ එකී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ප්‍රධාන විධායක කසුන් පලිහේනගෙන් හෝ එකී සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකුගෙන් හෝ නිලධාරියෙකුගෙන් හෝ සේවකයෙකුගෙන් කිසිම දිනක කිසිම මුදලක් ලබා ගෙන නොමැති බව ප්‍රකාශ කරමි.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරුවන් වන අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හෝ කසුන් පලිහේන සමග කිසිම දිනක දුරකතනයෙන් හෝ සෘජුව හෝ කතා කර නොමැති බව ප්‍රකාශ කරමි.

මේ ප්‍රකාශය බොරුවක් නම් මා වසර දෙකකට හිරේ දමන්න පුළුවන්. හෙට දිනයේ මෙම දිවුරුම් ප්‍රකාශය කතානායකතුමාට භාර දෙන්න මම කටයුතු කරනවා. කවදා හරි මේ නම් 118 හෙලි කර ගන්නා තුරු තමන්ගේ කීර්ති නාමය රැක ගැනීමට තිබෙන හොඳම ක්‍රමය මෙවැනි දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම බව මගේ විශ්වාසයයි.

– අරවින්ද අතුකෝරල

19,739 Viewers

10 Comments to “සිංගප්පූරුවේදී ඩොලර් අරන් පැත්ත මාරු කල ගල් අඟුරු වංචාවේ මහ මොළකරු බැදුම්කර මුදල් අරන්ද..”

  1. daminda says:

    uthum wadak.?

    • නැවුම් මාවත says:

      මාද්‍ය වැද්දන්ගේ චරිත ගාතන සැලසුමට අසුවූවිට පිරිසිදු මහත්මයකුට පවා ගැලවීමක් නැත .මේ චම්පික ව හඹා එන්නේ ඒ මාද්‍ය වැද්දන්ගේ චරිත ගාතන රැල්ලයි .කිසිම පැහැදිලි සාක්ෂියක් නැතිව මාද්‍ය වැද්දෝ චම්පිකගේ චරිතය ගාතනය කරන්නේ කරුණු කාරනා ඇසින් දුටුවන් සේය. ඒ ඔවුන්ට එම කටයුත්තට බයිට් සමග විස්කි සේම රුසියානු ලලනා පහස යම් යම් සමාගම් අයිතිකරුවන් විසින් ලබාදීම නිසාය .මේ මාද්‍ය වැද්දන්ගේ ප්‍රයත්නය අසාර්ථක කිරීමට චම්පික නොබියව එම ප්‍රශනය ඇසුයේ ඔවුන්ගේ සැබෑ තත්වය චම්පික දන්නා නිසයි .
      චම්පික ජඩ මාද්‍ය වැද්දන්ට බය නැත .ලංකාවේ මාද්‍ය වෙදියෝ නැත සිටින්නේ මාද්‍ය වෙදී බැජ් එකක් හිමි කුලියට ඕනෑම පැත්තකට තම පෑන ගණිකා වුර්තියේ යොදවන කුලී කාරයන් පමණකි
      2020 ජනපති වන චම්පික කුලී කාරයන් හා සත්‍ය මාදවෙදින් අතර වෙනස හොඳින් හදුනයි

  2. peedithaya says:

    duppath minisungen rupiyalA gane ekathu kara mudal gath oba ese dewthawakadi gath mudal ekathuwa wahama janathawata danwanu eewa mudal noweda

    laks 100ikmawa etha redde thuttiri neda?
    KOI BALLATH BELALITH EKAYI

    • හෙල කරැමයා says:

      උදය ජනතාවගෙන් මුදල් එකතු කරලා ඡන්ද කලා. ඡන්ද අයවැය ප්රසිද්ධ කලා. රැපියල් දහ දාහට වඩා පරිත්‍යාග කල අයගේ නම් ප්රසිද්ධ කලා. වත්කම් ප්රසිද්ධ කලා. අපි මොකද කලේ? හිගන්නා කියලා මිනිහාට අපහාස කලා. ඒ වැඩපිලිවෙල මාධ්‍ය මගින් රැල්ලක් කලා නම් අද අපට 118ක් ගැන කතා කරන්න වෙන්නේ නෑ. අදත් සිදු වෙන්නේ ඒ මනුස්සයාට මඩ ගහන එක විතරයි.

      පක්ෂය මොකක් වුණත් හොද දේට හොදයි කියන්න පුරැදු වෙන්න

    • එක්නැලිගොඩ says:

      මේ පීඩිතයා කියන එකා ෂුවර් එකටම අනුරකුමාරයගෙ පාර්ෂවය නියෝජනය කරන ජවිපෙ එකෙක් වෙන්නැති. මොකද මම එහෙම කිව්වේ ජවිපෙ ලාල්කාන්ත සහොදරයගේ සෙට් එකේ කට්ටිය මේ වගේ ගොන් කමෙන්ට් දාන් නෑ. කොහොද බං උදය ගම්මන්පිල ජනතාවගෙන් රුපියල ගානෙ එකතු කලේ දෙපාරක්. එක් වතාවක් පලාත් සභිවෙ ඉන්නකොට මැතිවරණය වෙනුවෙන් රු 100 ගානෙ කැමති පුද්ගලයෙකුට තමන්ගෙ මැතිවරණ ව්‍යාපාරයට දෙන්න කියලනම් එතුමා කිව්ව. ඒ වගේම මිනිස්සු 100 ගිනෙ දුන්න කැමැත්තෙන්. අන්න ඒ මුදල් වියදුම් කරපු ආකාරය එතුමන්ගේ වෙබ් අඩවියේ තියෙනවා බලපං.

  3. Gemunu Ruhuna says:

    ඕස්ට්‍රේලියන් සුද්දගෙ සල්ලි වලට කෙලියෙ නෑ කියලත් ඔයවගේ එකක් දෙන්න පුලුවන්ද.

    • එක්නැලිගොඩ says:

      කෙළියේ නෑ කියල නේද ගම්මන්පිල ඒ නඩුවෙදි කිය්නනේ. අනික සුද්ද බොරු කියන්නේ කියල මාට්ටු උනා නේද. ඊට පස්සේ උගෙ ගෑනි උසාවි ඇවිත් කිව්ව නේද ගම්මන්පිල එයාලගෙ කොම්පැනියේ පියන්. එයා කෝටි ගානකට කෙලියා කියලා. පියන් කෙනෙක්ට කෝටි ගානක් කෙලින්න ඔය සුද්දයි සුද්දි කරල තියෙන්නේ කොම්පැනියක් නෙවෙයි බොලව් පිං කැයටක්

  4. එක්නැලිගොඩ says:

    හොද වැඩක්. අනික් 224ත් දිව්රුම් ප්‍රකාෂ අරන් එන්න බලන්න පෝලිමේ

  5. දිව්රුම් ප්‍රකාෂ says:

    අම්මපා බුදුම්ප දෙය්යම්ප මම ඇලෝසියස් ගෙන් පලිසේන ගෙන් සල්ලි ගත්තේ නෑ. සිංගප්පුරුවේ සල්ලි බෙදන වෙලාවේ මම හිටියා. හිටිය එක වරදක් නෙවෙයි. සොබිතයත් හිටිය . හැබැයි රොටිය පිලුනුවෙලා තිබුනේ. මම ගෙවල් ගත්තේ නෑ.ඩුවට නෝනට දෙන වෙලාවේ මම හිටියේ අල්ලපු කාමර. එයාලා මට කිව්වේ නා. දෙය්යම්ම්ප එයාලා කොතනින් ගත්තද දන්නේ නෑ ගත්තේ නෑ වගේ හිටියලු. අනික එයා මගේ පන්තියේ යාලුවෙක්. දෙන එක ඒ කාලෙත් කලෑ.. කටට…..ඩ මතක නා දෙය්යම්පා. මේ ඇත්තම නෙවෙයි. අවුරුදු තිහක් සංවේදී කරුණු එලියට දාන්නට බා. දෙය්යනේ. අම්ම්පා. ෆුට් නොට් කල්ලිය 16 කල්ලියට වඩා ලොකුයි. මම දියවන්නාවේ පාර්ලිමේන්තු නියෝජිත. .

Main News