සිංහල අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාව…

January 12, 2018 at 8:02 am | lanka C news
සිංහල අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාව…

බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාවෙන් ජනතා ප්‍රශ්න යටපත් කිරීමට රජය ගන්නා උත්සාහය වහා නවත්වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුක් කර ඇති නිවේදනය මෙසේය.

ජනතාවට ජීවත් වීමට අසීරු තරමට බඩුමිල ඉහලගොස් ඇති මෙම අවස්ථාවේ එය වසා ගැනීම සදහා රජය විසින් බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව දඩමීමා කර ගැනීම අප තරයේ හෙළාදකිමු

කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් සිදු නොවූ පසුගිය කාලයේ  රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්කරන ලද්දේ බැදුම්කර සිදුවීමය. මහජනතාව ඒදෙස බලා සිටිත්දී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර ගොවියාට තම ගොවිතැන කර ගැනීමට පොහොර නැතිවිය.

බැදුම්කර ගනුදෙණුව පිලිබදව විමර්ශනය සදහා පත් කල කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරි පත්කරමින් වාර්තාවක් එළිදැක්වුවද ඒය පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කලේ නැත.ජනාධිපති ලේකම්වරයා පවසන්නේ ලබන 17 වනදා එම වාර්තාවෙන් කොටස් 26 ක් පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ටෙලි නාට්‍යයක් නරඔනසේ බැදුම්කර කොමිෂන් සභා වාර්තාව බලා ගැනීමට ජනතාවට සිදුව ඇත.

පොහොර නොමැතිවීම නිසා මෙම කන්නයේ අස්වැන්න අඩුවන අතර ඒ අනුව අත්‍යවශ්‍ය මිල ඉහළයාම නැවැත්විය නොහැක. මෙම සිංහල හින්දු අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාවද යන්න අප අසමු .

අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ බැදුම්කර විමර්ශන වාර්තාව හිගන්නාගේ තුවාලය කර නොගෙන එය වහා ජනතාවට බලාගැනීමට සලස්වා වැරදිකරුවන්ට ඉක්මනින් දඩුවම් කරන ලෙසයි.

මෙයට, විශ්වාසි 

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

4,369 Viewers

2 Comments to “සිංහල අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාව…”

  1. simion says:

    අපේ ගෙවල්වල දැනටමත් ‘බැඳුම්කර’ කියන එක කුස්සියේ ජනප්‍රිය වචනයක් වෙලා…’අද මොනවද කන්න තියෙන්නේ?’ කියලා ඇහුවාම වයිෆ් කියනවා ‘හාල් මැස්සන් කරවල බැඳුම්කරයක් හැදුවා’ කියා…එහෙමත් නැත්නම් මම කුකුලෙක් ගෙනල්ලා වයිෆ්ට දීලා කියනවා ‘මට මේකෙන් බයිට් එකට බැඳුම්කරයක් හදලා දෙනවා’ කියලා…

  2. Saradiel says:

    8-1-15 උබලා පත් කල පොළොන්නරුවේ සිරිසගබෝ ලගට ගිහින් ඉල්ලා ගනිල්ලා

Leave a Comment

Main News