සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

February 9, 2018 at 11:20 am | lanka C news
සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

“එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ‘ප්‍රභාකරන් අවර් ලීඩර්’ කියලා කෑගසමින් උද්ඝෝෂණය කරද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා.” යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පැවසීය.

පෙබරවාරි 04 දා එරට දී පැවැති නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීමේ වීඩියෝව මුල්කරගෙන දැවැන්ත ප්‍රතිවිරෝධයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (07) දහවල් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබා දී ඔන්න ඔබතුමා යළි සේවයේ පිහිටෙව්වා. කලබල කරන්න එපා යැයි එහි දී ඇති වූ සිද්ධිය ගැන අසා පවසා තිබුණි.

ජනාධිපතිවරයගේ නියෝග මත නැවත සේවයේ පිහිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදාවෙන් හෝ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

සේවය අත්හිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇරඹූ විමර්ශනය ජනපති නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

බ්‍රිතාන්‍යයේ ඇති වූ සිද්ධිය ගැන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්ලිම් දෙසිය පනහක් විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති ‍පොලිසිය ආරක්ෂාව සපයා තිබුණා.

අපි නිදහස් උත්සවේ ඉවර වුණාට පස්සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අය ආරක්ෂාව ගැන බලා ගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ගියා.

මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස් දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක් ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති ‍පොලිසිය ගිනි තියපු කෙනාව අත්අඩංගුවට ගත්තා.

ඒ සමග කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස් කාර්යාලය ළඟටම දුවගෙන ආවා.
උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක් ඇඳගෙන මට ඒ අයට බාධාවක් වෙන්න දෙන්න බැහැ.

ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.

තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

මම ඇඟිල්ලෙන් එකපාරක් පෙන්නපු ඉඟිය කිහිප වතාවක් පෙන්වමින් වීඩියෝවක් හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතන විසින්.
නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක් කළාද කියලා දන්නවා.

මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා.

මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.
‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යැයි ද බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පැවසුවේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– Rivira

49,676 Viewers

45 Comments to “සිංහල කොල්ලෝ මොකට මුන්ට බය වෙනවද.. ඔවු මං එහෙම කලා.. මට ඒ ගැන ආඩම්බරයි..- කොටි ඩයස්පෝරාව තැතිගැන්වූ ලක් වීරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..”

  1. ExUNPer says:

    Excellent !
    It proves that you treat all Lankans equally, irrespective of ethnicities.
    You have acted against divisive, invasive forces who rely on violence.
    So all clear. Well done.
    President Sirisena and army chief have taken the right move.
    Nice to hear about a great son of Lanka !

    • leel says:

      අලස් සර් ගෙ කොල්ලො එහෙම තමයි…..u r great bro…..

      • OLU says:

        Anyone who does anything to do protect his Motherland in his life is a hero
        – Brigadier Priyantha Fernando…Thank you….We Salute you Sir

      • දුලිප සේනක says:

        මේ රණවිරුවා සේවයෙන් පහකිරීමට කොන්ද නැති දේශපාලනික මෙන්ම තවත් සුවිශේෂී හේතුවක් තිබෙනවා
        ඒ තමයි විදේශ අමාත්‍යංශයේ විදේශ සේවා නිලාධාරින්ගේ තිබෙන අනෙක් රාජ්‍ය සේවකයන්ට වඩා තමුන් සුවිශේෂී ප්‍රභූ පන්තියක්ය කියන ආකල්පය .ඔවුන් ඉතාම අකමැතියි රණවිරුවන් තානාපති කාර්යාල වලට පත්වී එනවට .මේ නිලධාරින් මෙසේ පත්වී එන රණවිරුවන්ට විවිද අන්දමේ හිරිහැර කරනව .
        ඔවුන්ට ලැබියුතු රාජකාරි නිලමට්ටමේ සිට ඔවුන්ට ලැබියුතු පහසුකම් සහ සේවා පහසුකම් ,යන හැම දේකදිම මේ නිලධාරින් රණවිරුවන්ට මදිපුංචි කම් කරනවා .
        එදා ගොටාභය විරුවන් ආරක්ෂක ලේකම් ලෙස සිටිද්දී බටහිර රටවලට හමුදා නිලධාරින් යැවීමේදී විදේශ සේවා නිලධාරින් කරන ලද අකටයුතුකම් වලට ඔහු ඉතාම දැඩි සේ බැන වැදුණු අවස්ථා තිබුනා .
        විදේශ තානාපති නිලධාරින් නිරතුරුවම බලාගෙන ඉන්නේ මේ හමුදා නිලධාරින් අතින් යම් කිසි වරදක් වනකම් ඔවුන්ව ආපසු ශ්‍රී ලංකාවට යැවීමට . මේ සිද්දියේදී මෙතරම් ඉක්මනින් ප්‍රියංක ප්‍රනාන්දු විරුවාගේ සේවය තහනම් කිරීමේ රහස විදේශ සේවා නිලධාරීන්ගේ ඒ ඉරිසියාව වෙන්න බොහොමයක් ඉඩ තිබෙනවා .
        අපේ විදේශ සේවය සුද්දාගේ නෂ්ටාවශේෂ බඳු කළු සුද්දන් විසින් තවමත් මොළ සෝදමින් ගෙනයන ආයතනයක් .ඔවුන්ට එදා කොටි හපුවන්ට විරුද්දව යමක් කල නොහැකි උනෙත් .අදත් සුද්දන්ට පක්කිලිකම් කරන තත්වයට පත්වී තිබෙන්නේත් අන්න එනිසයි

        • Saradiel says:

          This nation will remain the land of the free only so long as it is the home of the brave.
          Thank you, Sir for standing by MOTHERLAND

    • Tax officer says:

      “මේ සිදුවීම ඉතා අවාසනාවන්ත ගණයේ එකක් වන්නේ, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් යනු කවරෙක්දැයි යන්න, මනාව ඇඟට උරා නොතිබීම නිසා ඉමෝෂන් හා සෙන්සස් අතරවූ තරඟයෙන් , ඉමෝෂන් පහසුවෙන් ජයගත් නිසාය.
      මේ ලංකා පුත්‍රයාට හා සියළු හමුදා , පොලිස් සියළුම දෙනාටම, අපේ ඇති මහත්වූ ගෞරවය, එදා සිටම සැමදාටම එකසේ පවතින බව නොකිවයුත්තකි.

      එහෙත් ඔහු දැන් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රික යුධ පිටියේය. එහි කිසිම භෞතික ආයුධයක් නැති අතර, ඇත්තේ බුද්ධිය නම්වූ, අනභිභවනීය, ඉතා බල සම්පන්න ආයුධය පමණි.

      මේ රාජ්‍ය තාන්ත්‍රික යුධ පිටියට පිවිසෙන්නෝ, ප්‍රතිවාදියා සමග කිසියම්වූ ආකාරයක හෝ භෞතික ස්පර්ශයක් නොමැතිව, බුද්ධිය නම්වූ අසමසම ආයුධය මනාසේ හසුරුවා, ප්‍රතිවාදියා සමූලඝාතනය කිරීමේ සමත්තුය.

      අරක්ෂක ඇමතිව සිටි ලලිත් ඇතුලත්මුදලි නම්වූ, ට්පිකල් දේශපාලකයා සහ අපූර්වමතම රාජ්‍ය තාන්ත්‍රිකයා, යුද්ධයේ උච්චතම අවස්ථාවකදී, බීබීසිය මඟින් පැවැත්වූ, සාකච්ඡා වටයකදී, දෙමල ඩයස්පෝරාවේ සියළුම තර්ක හා විතර්ක, ඉතා සංයමයෙන් සුණු විසුණු කල හැටි , මතකයට නැඟේ.

      වියයුත්තේ එයයි, සිදුනොවූයේද එයයි.

      • රාජතාන්ත්‍රික! says:

        දෙමලා එකමුයි…හම්බය එකමුයි… අපි 4 කැඩිලා
        රාජතාන්ත්‍රික පැනපන් නෙලුම් කුලුනෙන් බිමට

        • වන්ෆෝ says:

          දැන් උඹලගේ රාජතාන්තිරක නිලධාරි මහින්දට පෙර ඉඳලම ඔය පිටරටවල සුද්දා උගන්නපු රාජතාන්තික ක්‍රමයට වැනි වැනි බුල් කෙල කෙල හිටියා නේද ?කෝ ඒ කාලේ උඹල සුද්දෝ ලවුවා කොටින් නැති කොරාද ?

          මහින්ද සුද්දන්ට රාජතාන්ත්‍රික ක්‍රමයෙන් පිට පැනලා බනිද්දි කම්මුලට අත තියාගෙන විස්සෝපඋන උඹලාට කොටින්ට යුරෝපයෙන් ලැබෙන සත්කාර නවත්වගන්න බැරිඋනා නේද ?

          අන්තිමේ යුද්දේ දින්නේ උඹලගේ රාජතාන්තිරක ක්‍රමය බල්ලට දාලා සුද්දෝ කියන දේවල් තඹ දොයිතුවකටවත් මායිම් නොකර මහින්ද මහින්දතාන්ත්‍රික ක්‍රමයට කොටින්ට සලකපු නිසා නේද ?
          උඹල වගේ දීන සුද්දට ** දෙන කළු සුද්දෝ ඉන්නකම් මේ රට ගොඩගන්න බෑ .
          හරිනම් උඹල වගේ එවුන් හොයලා උඹලගේ හාම්පුතාලා වන සුද්දෝ එක්ක ගිවිසුමක් ගහල උඹල ඒ රටවල වැසිකිලි සෝදන්න යවන්න ඕනා

  2. fass says:

    “Ape kalaye weerayek” Deerghayu weva!

    • JOY says:

      – Brigadier Priyantha Fernando… It’s great .Well done ….We are proud of you been a real Sinhalese
      Sri Lankan people who spent their life 30 years under the cloud of terrorism …. The 2009 LTTE terrorism was defeated…. .NO need it again
      LTTE tamil terrorists go to hell …

  3. Clement Perera says:

    මට හිතෙන අන්දමට මෙම හමුදා නිළධාරියාගේ හැසීරීමෙන් මෙලෙඡ්ච කොටි ත්‍රස්තවාදීන් අපේ වීරෝදාර හමුදාවට එරෙහිව ගෙනා චෝදනා සියල්ල මුලු ලෝකයා ඉදිරියේ ඔප්පු කර පෙන්නුවා.

    • exUnper says:

      Nincompoop shut your donkey mouth.

      • ගිහාන් says:

        පලයන් හරකෝ ක්ලෙමන්ට් පෙරේරා යන්න තොපි වගේ නිහින කළු සුද්දාගෙන් පැවත එන එවුන් මේ රටේ තාමත් ඉතුරුවෙලා ඉන්න නිසා තමයි අපේ රට දියණු කරගන්න බැරි.

        • ගුරුළු says:

          අපේ ත්‍රිවිද හමුදාවේ රණවිරුවන් දිවි දුන්නේ මුදලට පදක්කමකට නොවේ.අපේ රට ජාතිය ආරක්ෂා කිරීමටයි .. ඔබත් මාත් නිදහසේ මෙහෙම ආරක්ෂිත ව සංවාද කරන්නේ ඒ විරහමුදාවේ රණවිරුවන්ගේ ලේ මස් වලට පින් සිද්ධ වෙන්න. ඔවුන් විඳිනා දුක් වලට අපත් කොටස් කරුවන්. යුද්ධයට පස්සෙ අප්ප විප්ලවයෙන් පසු සමාජය මූණ දෙන ඉතාම දුක්බර තත්වයක්. මේකට විසඳුම, සිරිසේන වගේ දෙමල කොටි ඩයස් පෝරාව ලග දන නැමීම නොවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වගේ එඩිතරව සතුරාට මුහුණ දීමයි

          බුරු ක්ලෙමන්ට් අපේ ත්‍රිවිද හමුදාවට නින්දා නොකර හිටු

    • පුසන්න says:

      නැහැ. අපේ හමුදාවෙ විිරෝධාර බව ලොවට පෙන්නුවා.

    • Saradiel says:

      Clement
      ඔබ වගේ ගුණමකු වසලයෝ අපේ රටේ සිටීම රටම සාපයක් ..
      අද අපේ රට නිදහස්ව තිබෙන්නේ මේ උතුම් රණවිරුවන්ට පිං සිදුවන්ටයි ..
      ඔබ වැනි දේශදෝහී මිනිසුන් අපේ රටට පිළිලයක් ..උබ LTTE දෙමළ ත්‍රස්තවාදීන්ගේ දෙපා ලෙව කන NGO කාරයෙක්ද ?
      ලැජ්ජයි

  4. gunapala aiya says:

    well done putha. patta padiri honde

  5. ඩී.එස් පුතුන් - 94 Batch says:

    දස දිග දස අත සුපතළ විරුවන්
    ඔබ ඇකයෙහි තුරුළුවැ සිටි දරුවන්
    ඒ මග පිය මැන ගොස් පෙර දරුවන්
    තමාට පෙර රට රැකුමෙහි සුරුවන් !

  6. Aurora says:

    ඔබතුමා නියම රණවිරුවෙක්, යුදබිමේදී වගේම පාදඩ කොටි ඩයස්පෝරාව ඉදිරියේත් සිංහයකුගේ එඩිතර භාවය පෙන්වූවා. අපි ඔබතුමා අගයකරමු, ඔබතුමා සමඟ සිටගනිමු. ඒ වගේම නපුංසකයන් සේ හැසිරෙමින් කොටි ඩයස්පෝරාවට අවශ්‍ය තීරණ ගැනීමට යුහුසුලුවූ විදේශ අමාත්‍යංශයේ ද්‍රෝහීන් ඉවත්කර දේශප්‍රේමීන් පත්කරණ ලෙස බලකරමු.

  7. රණ විරුවා! says:

    රණ විරුවාණනි මගේ උත්තමාචාරය ඔබට !!!

  8. Nilupul says:

    Well done and well said Sir.

  9. ප්‍රභාකරන් says:

    කොන්ද පන ඇති මෙවන් රණවිරුවන්ට කෙනෙහිලිකම් කරන මේ අවලං ආණ්ඩුව ඉක්මනටම ගෙදර යවමු

    • Devaka Jayasuriya says:

      කෙනෙහිලිකම් කලේ කවුද බන් දේශපාලන හේතු උඩ මෙයාගෙ වැඩ තහනම් කරලා. 😀

      • නෙලුම් කුලුන! says:

        නෙලුම් කුලුනට ජයවේවා…
        74% එකමුතු වෙයන්…

  10. podi gamaya says:

    well done son

  11. KAMAL says:

    I am very proud to be a sri lanken.becouse of u type people still available in sri lanka. I wish you all the best from the bottom of my heart.

  12. KAMAL says:

    jaya veewa obata බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු.siyalu devi rakawarane obta .

  13. kith says:

    We are proud of Brigadier Prianka. As long as we brave soldiers like you our country is safe.

  14. Rohitha says:

    maha un ponnayo unata haemoma ehema nae kiyala hamuduru namak kiwwa. a kathawa hari. Salute you Brigadier!

  15. kate says:

    Very proud of you and salute you Brigadier. God Bless You!!! We need more and more native brave Sri Lankens like you.

  16. අලුගුත්තේරුවා says:

    මෙයා මෛත්‍රීගෙ ඇම්බැට්ටයෙක්. එකනෙ ඉස්සර සාමාන්‍ය දමිළයන් ඝාතනය උණාට දැන් එහෙම වෙන්නෙ නෑ කියල කියන්නෙ. වීඩියෝව හොඳින් නරඹන්න. එතකොට තේරෙයි මෙයා ඉන්නෙ කොහෙද කාගෙ ඔඩොක්කුවෙද කියල.

  17. indunil says:

    dakunu atha karana dae vamatha nodanna aanduwakk…………

  18. සාධාරණ මිනිසා says:

    දේශපාලන අදහස්,චන්ද වාසි, බොරු දේශප්‍රේමි බව නැතුව මද්‍යස්තව හිතල බැලුවොත් රාජ්‍යතාන්ත්‍රික නිලදාරියකු ලෙස මොහු කල දේ ගැලපෙන්නේ.නැත.

    • වන්ෆෝ says:

      මිනිහෝ රාජාතාන්ත්රික අහවල් එක උඹලගේ චන්දිර්කා ඇන්ටි රනිල් අන්කල් ජේ ආර් පප්පා ප්‍රේමදාස චියා ගොඩක් ට්‍රයි කොලා නේද ? හරිගියාද ?උම්බලට සුද්ද * කේ ඇ** නිසා ඔය සුද්දම තොපිට උගන්වපු රාජතාන්ත්‍රික ක්‍රමයෙන් වාසි වෙන්නේ සුද්දටම මිසක් අපිට නෙවයි කියල තේරුම් ගන්න තොපිට මොලයක් නෑ .
      සුද්දගේ සැලසුමෙන් බේරුණු එක රටක් හරි තියෙනවනම් ඒ තොපෙ සුද්දගේ රාජතාන්තිරකා ක්‍රමයට පයින් ගහල ස්වාදීනව කටයුතු කරපු රටවල් පමණයි .
      අපේ විදේශ සේවය විසුරුවා හැරලා රටට ඇත්තටම ආදරේ හමුදා නිලධාරින් දාන්න ඕනා ඒ වෙනුවට අලුත් ආණ්ඩුවක් යටතේ

  19. Sadda says:

    හමුදා නිලධාරියා කල දේට අපේ අචාරය. රැජිනට තද වුනොත් තමා ලෙඩේ.

  20. Hjay says:

    Jayawewa kollo Umba Ape pranayayi!

  21. KMR says:

    එකිනෙකාගෙන් පෝෂණය වන දෙමළ සිංහල ජාතිවාදීන් පෙන්නාපු චිත්‍රෙ මේක නෙවෙයි. බෙලි කපනවා, අපි සිංහයෝ කියල අදහස් කල බවයි පෙන්නුවේ. බැලුවම අදහස් කරලා තියෙන්නේ ⁣කිසිසේත් ජාතිවාදී නොවන අභිනයක්. රටවල් ගිනි තියන කාලකන්නි.

  22. My hats off to that brave mother lanka son brigadier priyanka fernando for his courageous act.

  23. S nugela says:

    සිවිල් යුද්ධයක විභවය සහ එහි සන්තතිය වූ දිශානතිය විශ්ලේෂණය කිරීම වටී.එහිදී තරැ,මෙඩැල් සහිත හෝ රහිත වීරෝධාර ලක් පුත්‍රයන් බිහිවි,සමහරු කරලියට ආවරණය වී අනෙකුන් අනාවරණය වී ඇත.එහි ඇති සාධනීය ගුනය සමාජගත වන්නේ දේශපාලන බල ව්‍යාපෘතියට සාපේක්ෂවයි.මෙම බ්රිගේඩියර් වරයා මෙයට ලක්වූ එක් ඛේදනීය යුධ මානසිකත්වයට කදිම ගොදුරකි. සිංහ ලේ,දමිළ ලේ හෝ හම්බ ලේ වෙනුවට “ලක් ලේ” කියා ආඩම්බර වීමේ හැරවුමට ළගාවනතුරු අප ජාතියක් විදියට අවලංගු ශිෂ්ඨාචාරයකට හිමි කම්කරයි

    • ජිනදාස says:

      මෙන්න ආයේ සැරයක් අර සිංහල ඩිග්රියක් කරපු එන්ජිඕ කුක්කා ඇවිල්ල මෙතෙන කෙකර ගානවා .

    • Boo says:

      ලන්කාව කියා රටක් මිට අවුරුදු 70ට (සිරිසෙනට අනුව 30 ට) කලින් නොතිබුනු බව ඔය “උගත්” මහත්තයට ඉස්කොලෙදි කියල දිලා නෑද්ද ? මෙම රටෙ සිටි සියලුම දෙනා සින්හලයි. මොන භාශාව කතා කලත් සියලු දෙනා සින්හලයි. සුද්දො ඒ ලස්සන නමත් රටත් විනාස කලා.

  24. lion says:

    යාපනයේ නල්ලූර්හිදී පැවති ජන හමුවකදී විපක්‍ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කොටි සංවිධානයේ විරු ගීත ගායනා කර ඇතැයි වාර්තා වෙයි.

    මැතිවරණය වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම දෙමළ සන්ධානය සිය වේදිකා තුළ කොටි රණවිරු ගීත ගායනා කර තිබේ.

  25. priyanka putha, mama sanath saman sUmedHa OBA … gena adambarai api deviyanta oba rekadena lesa kannalaw kala. mama janapathithumata mail dekakma eriya,,, nmuth kalpanawen inna oyatah bishani saha daru dennatath theruwan saranai devi pihitai ABEYRATNE UNCLE

  26. සිංහලයෙනි ! says:

    සිංහලයෙනි නෙලුම් කුලුන සමාජගත කරන්න. මාතෘ බිමේ වගකීම එයයි…

Main News