සිංහල, දෙමළ හා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට කවුඩුල්ලේ අලින් පෙන්වූ වනජීවි මිතුරුකම

December 15, 2017 at 4:40 pm | lanka C news
සිංහල, දෙමළ හා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට කවුඩුල්ලේ අලින් පෙන්වූ වනජීවි මිතුරුකම

වව්නියාවේ රාජ්‍ය නිලධාරීන්ට වෙනස් වූ අත්දැකීමක් එක් කරමින් කවුඩුල්ල ජාතික වනොද්‍යනයේ ජාතික වැදගත්කම පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ ‘වනජීවි මිතුරුකම’ වැඩසටහන යටතේ සංචාරයක් වව්නියාව වනජීවි කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණී.

වනජීවි දෙපාර්තමේන්තුව සමග සම්බන්ධව කටයුතු කරන වව්නියාව දිස්ත්‍රීක්කයේ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා ඇතුලු රාජ්‍ය ක්ෂේස්ත්‍ර උසස් නිලධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබූ අතර ඒ සඳහා සිංහල දෙමළ හා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන් 30 කට ආසන්න පිරිසක් සහභාගී විය.

වනජීවි අධ්‍යක්ෂක එම්.ජී.සී.සූර්යබංඩාර මහතාගේ සංකල්පයකට අනුව වනජීවි කලාප සහකාර අධ්‍යක්ෂක සරත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වව්නියාව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී ජේ.බී.කේ. තෙන්නකෝන් මහතාගේ නායකත්වයෙන් එම කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් මෙසේ වව්නියාවේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ කවුඩුල්ල ජාතික වනොද්‍යාන සංචාරය සිදු විය.

මෙම සංචාරයේදී කවුඩුල්ල ජාතික වනොද්‍යාන භාරකරු ඩබ්ලිව්.ජෙ.කේ. හේරත් මහතා විසින් එම වනොද්‍යානයේ වැදගත්කම පිළිබඳව පළමුව වව්නියාව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් අතර පසුව කවුඩුල්ල ජතාක වනෝද්‍යානය වටා සංචාරයක නිරත වූ අතර එහිදී වනඅලින් 400 කට අධික ප්‍රමාණයක් දැක ගැනීමට හැකි විය.

වව්නියාව වනජීවි කාර්යාලය මගින් මෙම ‘වනජීවි මිතුරුකම’ වැඩසටහන යටතේ ජාතික වනොද්‍යාන වෙතට රාජ්‍ය නිලධාරීන් රැගෙන ගොස් දැනුවත් කිරීමේ වැඩසඑහන් වාර්ෂිකව සිදු කිරීමටද සැලසුම් කොට ඇති අතර එහිදී රාජ්‍ය නිලධාරීන්ට වනජීවින් සම්බන්ධයෙන් බොහෝ දැනුමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි .

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,863 Viewers

4 Comments to “සිංහල, දෙමළ හා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට කවුඩුල්ලේ අලින් පෙන්වූ වනජීවි මිතුරුකම”

  1. john the baptice says:

    කුරාණෙ කියන්නෙ සත්තු මරණකොට ගිනි අගුරැ ගොඩක් උඩ ඉදල මරන්න කියල..ඒත් මේ තම්බ් හැත්ත කරන්නෙ ශේප් එකේ රතු රෙද්දක් උඩ ඉදල සත්තු මරණ එක..මරල HALAL කියල ඒක උඩින කොටල විකුණන එක..මුන් කුරාණෙ Remix කරල ද..පව්කාර හැත්ත….”

  2. SUNIMAL says:

    අප වාසය මේ විශ්වයේ සිටින බොහෝ මිනිස්සු සතුන්ට ආදරය කරති. අප විශ්වයේ වාසය කරන බොහෝ සතුන්ට එසේමය. සතුන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජන අපි අගය කරමු. සතුන් වාසය කරන සථාන අපි කඩා බිඳ දැමීමෙන් වළකිමු. මිනිසා හා සතුන් අතර වෙනසක් නැත. මිනිසා පැවත එන්නේද සතකු මගිනි. බුදු රදුන්ද සතුන්ට ආදරය කරුණාව දක්වන ලෙස ධර්මය දේශනා කර ඇත.

  3. love nature says:

    අපගේ අසල්වැසි ඉන්දියාවේ “ගෝ මාතා”, “ගෝපිතා” යනුවෙන් ගවයා සලකන්නට පුරුදුවී තිබේ. ඉන්දියාව වැනි බහුවිධ ආගම් අදහන රටක “ගවයා” සලකන්නේ පූජනීය වස්තුවක් විදියට. ඒ රටේ ගවයා මැරීම තහනම්. දඬුවම් ලැබිය හැකි වරදක්. තණකොල ආහාරයට ගෙන මුළු ජාතියටම පස්ගෝ රස ලබාදෙන මේ උතුම් සම්පත අපි ආරක්‍ෂා කර ගත යුතුයි. ගවයා මරන්නට කිසිවිටෙකත් අනුබල නොදිය යුතුය. එය ආදර්ශයට ගනිමින් ගව ඝාතනයට සපුරා එරෙහි වී ගවයන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගන්නට ඉදිරිපත් විය යුතු කාලය දැන් එළඹ ඇත. ආරම්භයේදී වෙසක් මාසයේ හෝ ගව ඝාතනය තහනම් කිරීමට හැකි නම් එය මහත්ඵල මහා ආනිසංස ලැබෙන උතුම් පිංකමක්. කැලණිය පුදබිමේ ගව මස් විකිණීම සපුරා තහනම් කර ඇති බවට ආරංචියි. එය ඉතාම හොඳ සුබ නිමිත්තක්. මෙය ආදර්ශයට ගනිමින් රට පුරා ප්‍රසිද්ධ පුදබිම්වලත් මේ කටයුත්ත අරඹන්නේ නම් ඉතාම සද් ක්‍රියාවක්.

  4. love nature says:

    අම්මාගේ කිරි අප බොන්නේ වසරක් දෙකක් පමණි. අම්මාගේ කිරි බිව් පසු අප කිරි බිව් දෙවැනි අම්මා වන්නේ එළදෙනයි. එබැවින් ඇය ද “කිරි අම්මා” වශයෙන් සැලකීම යුතු නොවේද? මිනිසුන් වූ අපව පෝෂණය කිරීමට ලේ කිරි කර දෙන කිරි අම්මා අමු අමුවේ ඝාතනය කිරීමට අප කෙසේ ඉඩදෙමුද? මරණයේ දොරටුව අභියස බියෙන් වෙව්ලන හඬා වැටෙන අසරණ අහිංසක ගවයන් කොතෙක් නම් මස් බුදින්නන් වෙනුවෙන්ම ඝාතනයට කැපවී සිටීද?

    එබැවින් සානුකම්පිතව සලකා බලා මේ සතුන්ගේ ජීවිත ගලවා ගැනීම මිනිසුන් වූ අපගේ පරම යුතුකම නොවේද? ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මේ උතුම් පුණ්‍යකර්මයට දායක වන්න. ගව මස් අනුභව නොකරන්නට ඔබ සිත ධාරණය කර ගන්නේ නම් ඊට වඩා කළ හැකි පිංකමක් නැත. හැමෝම තනි තනිව එසේ සිතන්නේ නම් මේ රටේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නවතින දිනය එතරම් ඈතක නැත.

Main News